IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘ඔමික්‍රෝන් සීග්‍රයෙන් පැතිර යන්නේ නැහැ‘

(සුජිත් හේවාජුලිගේ )

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ  අනෙකුත් රටවල  සීඝ්‍ර ලෙස පැතිර නොයනු ඇතැයි  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්තිවේද  සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය  චන්දිම ජීවන්දර මහතා පැවසීය.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබන ජීවන්දර මහතා පෙන්වාදෙන්නේ, දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන්  මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බවය.

එම  වයිරසය  ප්‍රතිශක්තීකරණ එන්නත්වලට ප්‍රතිචාර නොදැක්වුවද බූස්ටර් එන්නතක් මඟින් ආරක්ෂාවීමේ හැකියාව පවතින බවද එම අධ්‍යයනයෙන් හෙළිවී ඇති බව ජීවන්දර මහතා  ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මෙම වයිරස  ප්‍රභේදය සම්බන්ධයෙන් ස්ථීර නිගමනයකට පැමිණීමට මෙතෙක් හැකිවී නැති බවත්  ඒ සඳහා  දත්ත අධ්‍යයනය කිරීමට තවත් කාලයක් අවශ්‍ය වන  බවත්  ඔහු  පැවසුවේය

මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සඳහා ෆයිසර් එන්නතේ තෙවන මාත්‍රාවෙන් ඉහළ   ප්‍රතිශක්තියක්  ලැබෙන බව ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම  ප්‍රකාශ කර ඇත.

ෆයිසර් මාත්‍රා තුනක් ලබාදුන් පුද්ගලයකුට ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ශරීරයේ ඉහළ ප්‍රතිශක්තියක් ඇති වන බව  එම සමාගම කළ අධ්‍යයනයකදී තොරතුරු හෙළිවී ඇත.



අදහස් (0)

‘ඔමික්‍රෝන් සීග්‍රයෙන් පැතිර යන්නේ නැහැ‘

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 158 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 225 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 764 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 567 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1318 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site