IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඔරුවල වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු දෙකක් මරුට

(බුද්ධික කුමාරසිරි, ගායාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු  මියගොස් ගායිකා කේ.සූජීවාගේ ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ව්‍යාපාරිකයකු වූ ක්ලබ් වසන්ත නමැත්තා මියගොස් ඇති බව  සඳහන් කරයි. ක්ලබ් වසන්තගේ බිරියද මේ වෙන විට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත. 

සැලුනයක් (ටැටු) විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි ද පොලිසිය කියයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.



වෙඩි තැබීම සිදු කරන අයුරු 



අදහස් (26)

ඔරුවල වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු දෙකක් මරුට

sachith Monday, 08 July 2024 11:38 AM

නිවුස් වලට පෙන්වන යුක්තිය කියන නාට්‍ය හැටිනම් මේවගේ ඒවා වෙන්න විදියක් නැ. පිටපැත්තේ කොහේ හරි කොස්සක් තියනවා. සමහර වේලාවට ජනාධිපති ආර්යාවගේ රථ පෙල විඩියෝ කරපු ලමයාව අල්ලන්න මහන්සි වුන නිසා පොලිසියේ මහත්තවරු ටිකක් විවේක ගත්ත හැඩයි.

:       235       190

junaid nanaMonday, 08 July 2024 12:50 PM

ජනාධ්පති ආර්යා මෛත්‍රී කවදාවත් රථ පෙළවල් පාවිච්චි කරන්නෙ නෑ. එතුමිය හොඳ හැදියාවකින් යුතු කාන්තාවක්. එවැනි අයට අපහාස කරන්න එපා.

:       22       163

Athula kMonday, 08 July 2024 05:42 PM

ඔය කියන ආර්යාව එයා නොවෙයි .වෙන කෙනෙක් එයාගේ රථ පෙළ තමයි වීඩියෝ කලේ

:       0       0

Rata PerataMonday, 08 July 2024 07:50 PM

මෛත්‍රී ආර්යාව ගැන නෙමෙයි මේ කියන්නේ .සාගල ගැන

:       0       0

KumaraMonday, 08 July 2024 10:01 PM

සචිත් කියන්නේ නිල නොවන ජනාධිපති ආර්යාව ගැන​

:       0       2

හේමන්ත Tuesday, 09 July 2024 07:11 AM

මෛත්‍රී මහත්තයාගේ ආර්යාව නෙමෙයි මේ කියන්නේ රනිල් ජනාධිපතිතුමාගේ ආර්යාව වෙන්න ඇති.පටලවාගෙන..

:       0       1

chandanaMonday, 08 July 2024 11:20 PM

වසන්ත සමග මියගිය අනික් පුද්ගලයා (වාසුල ජයසූරිය )කලින් මහන වෙලා හොඳට බන කිව්වා ගම්පහ මහානාම කියලා.යූ ටියුබ් බලන්න .කේ සුජීවා කොහොම හරි එයාගේ ලඟට ගත්තා .අන්තිමට සිවුරු අත ඇරියා

:       0       3

de silva Monday, 08 July 2024 11:45 AM

ඉස්සර පාතාලේ එක්ක සිටියේ දේශපාලුවෝ හොර ජාවාරම් කාරයෝ වැනි පුද්ගලයෝ , දැන් පාතාලේ කලාකරයොත් සමගත් ලගින් ඇසුරු කරනවා

:       10       163

Prabha Monday, 08 July 2024 12:10 PM

De silva ඔය කලාකාරයෝද ?

:       9       78

ලසන්ත Monday, 08 July 2024 12:30 PM

දැන් පාතාලේ අය ඉන්නේ සහ ලඟින් ඇසුරු කරන්නේ දේශපාලුවෝ, හොර ජාවාරම් හා කුඩු කාරයන්ට අමතරව, ලොකු බිස්නස්කාරයෝ, දූෂිත නිළධාරීන්, ආගමික පැවිදි වෙස් දැරූවන් (මෑතකදී කට්ටියක් පරලොව ගියා මතකයි ) කලාකාරයෝ ... ලිස්ට් එක ඉවර නෑ... එදා වේල හම්බ කරගෙන රැකියාව කර ජීවිතයගැටගසාගන්නා හිංසකයින් හැර අනිත් හැමෝම.

:       1       34

රංබොඩ Monday, 08 July 2024 01:06 PM

නමේ හැටියට එම ව්‍යාපාරිකයා හොඳ චරිතයක් වෙන්න බෑනෙ. ඉතින් කලා කාරයින් කියන අයත් සල්ලි නිසා ඕන කුණු වලකට අත දාගන්නවා. එතකොට කුණුත් නාගෙන විනාශ වෙනවා

:       3       70

palitha Monday, 08 July 2024 01:21 PM

මනුස්සයෙක් මරණ එක හොඳ දෙයක් නෙවේ , එත් දැහැමින් සෙමින් ව්‍යාපාර කල අය නෙමෙයි නේ, ඔය වගේ අයට තියෙන්නෙ මහා ගේම්. දේශ පාලුවො, නලු නිලියොත් මේවා එක්ක එකතුයි දැන්, කර්මයට ඔක්කොම යටයි

:       2       34

පිටිගල මිලානෝ Monday, 08 July 2024 01:26 PM

ක්ලබ් වසන්ත වර්ථමාන ජරාජීර්ණ දේශපාලකයොන්ට නාරි මාංශ සප්ලයි කරපු කෙනෙක්. ඒ රහස් ඔහු සමග තියනවා කියලා ප්‍රසිද්ධියේ කියවනවා. දැන් තොටි එකවුන්ට් වහලා නිසා ඕනම කුණු ගොඩක් යුක්තිය එකවුන්ට් එකට බැර කරන්න පුළුවන් මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ….

:       1       39

පිටරටවැසියා Monday, 08 July 2024 01:51 PM

ලත් තැනම ලොප් කිව්වාලු.. විවෘත කිරීමට නැකත හැදුවේ සුමනදාසද? ගුරුන්නාන්සේද? නැත්නම් ඥාණක්කාද?

:       5       29

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 08 July 2024 02:04 PM

ගණිකාවෝ, නිළියෝ, ගායිකාවෝ, කලාකාරයෝ නලාකාරයෝ පටලවාගෙන වගේ...!

:       2       38

නන්දන පනා- මිලානෝ Monday, 08 July 2024 03:34 PM

අපේ රටේ නිළියො, මොඩල්ස්ලා , ගායිකාවො සැලකිය යුතු ප්‍රමාණයක් සල්ලිකාරයොන්ගෙ, දේශපාලඥයන්ගෙ, අපරාධකාරයන්ගෙ සුරතලියො. දැන් අපේ රටේ කලාව සහ කළු ආර්ථිකය කියන්නේ එකට බැඳිච්ච දේවල් දෙකක්. ඔය ඔක්කෝම යූටියුබ් එක ප්‍රයෝජනයට අරන් සත්ගුනවත් දේශමාමක දානපතියෝ වෙනවා.

:       1       36

සෝමේ Monday, 08 July 2024 03:36 PM

හාල් ඩඩ්ලියාගේ බෑණා රාජපුත්‍රයාට දැන් එකක් උඩට එන්න පුළුවන් යූටියුබ් එකේ.

:       3       22

කමල් Monday, 08 July 2024 03:38 PM

දේශපාලකයකුගේ වැඩක් වෙන්නත් පුළුවන් .හොර දේශපාලුවන්ගේ බොහෝ රහස් මොහු දැන සිටියා

:       25       31

සමන්ත Monday, 08 July 2024 04:17 PM

මේක හරි කෙලියක් නේ... ඕනේ කෙනෙක් මරාගත්තාට අපිට අවුලක් නෑ. දැන් මේක මෙ‍ක්සිකෝව වගේ. මත්ද්‍රව්‍ය කාර්ටල් අතර යුද්ධයේදී මෙක්සිකෝ ආරක්‍ෂක අංශ අකර්මන්‍ය වුණා වගේද​? ක්ලබ් වසන්තද, වෙන කවුරුවත්ද​, මිනිහෙක් ද​, සතෙක් ද​, කියන එක නෙමෙයි වැදගත්, නීතියට උඩින් ක්‍රියාත්මක වෙන්නේ මොකුන්ද කියලා හොයාගන්න එකයි වැදගත්... රටේ අගනුවර ආරක්‍ෂාව මේක නම්, යුක්තිය කා උදෙසාද? ටිරාන් අලස් ගෙන් මේ අහන්නේ? ආයෙත් කියන්නේ අපිට 88/89 ට යන්නද​?​

:       3       35

sunil Monday, 08 July 2024 04:22 PM

මහජන ආරක්ෂාව බල්ලට ගිහින්. ඕනේ කෙනෙකුට මහා දවල් ඇවිත් තමන් කැමති කෙනෙකුට වෙඩි තියලා යන්ට පුළුවන්. මහජනයාට තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි තබා ගැනීමට අවසර දීමට කාලය පැමිණ ඇත.

:       57       32

බණ්ඩා Monday, 08 July 2024 07:11 PM

හොඳට හිටියි.ගිනි අවි නැතුව මෙහෙමනම් ද්තිබුනොත් කොහොම වෙයිද? වඳුරන්ට දැළි පිහි දුන්නොත් මොකද වෙන්නේ ලොක්කා? ඔය වගේ බය්ලා වලින් කාටවත් වැඩක් වෙන්නේ නැහැ. අවි ගත්තෝ අවියෙන්ම නසී.

:       0       1

Don perea Monday, 08 July 2024 05:21 PM

සේරම කළු කුණු නම්...!

:       0       17

ඉන්දික Monday, 08 July 2024 05:54 PM

මේකත් පියුමි හංසමාලිගෙ වැඩක් වෙන්න බැරිද.?

:       0       0

Ruwan De Silva Monday, 08 July 2024 07:11 PM

අලස් මහත්තයෝ, දේශබන්දු මහත්තයෝ කෝ යුක්තිය මෙහෙයුමට?

:       0       0

සෙනෙවිරත්න Monday, 08 July 2024 07:45 PM

Junaid nona දන්න තරම්, මේ කියන්නෙ මෛත්‍රී ආර්යාව ගැන නෙවෙයි. තවත් ආර්යාවක් ඉන්නව කියල මේ කට්ටිය කියනවනේ, ඕව මෙිවයෙ දාල අර නැගෙනහිරින් ආපු වයස විස්සක අහිංසක කොල්ලට වෙච්ච දේ මටත් වෙයි.

:       0       0

Bamunuarachchi Tuesday, 09 July 2024 04:51 AM

ඉතින් අපිට මොකෝ? හැබැයි සමහර මාධ්‍ය, ටීවී දෙරණ කාරයෝ බ්‍රේකින් නිවුස් දාලා කිව්වා. හරියට රටේ වැදගත් කෙනෙකුට වෙඩි තියලා මරුණා වගේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 627 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 510 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 129 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1753 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site