IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


ඔරු පදිමින් සිටි තරුණයා ගිලලා

එස්කිමෝ ඔරුවක (කායැක්) නැගී, මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටි චිලී ජාතික තරුණයකු තල්මසකුගේ විසින් අත්වැරදීමකින් ගිල්ල බවත්, එසැණින් තරුණයා පිටතට දැමීමට තල්මසා කටයුතු කළ බවත් වාර්තා වේ.

මෙම තරුණයා මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටියේ පියා ද සමඟය. තරුණයා ඔරුව පිටින් තල්මසාගේ මුඛය තුළට යන අයුරුත්, තල්මසා පසුව තරුණයා සහ ඔරුව පිටතට දමන අයුරුත් එම වීඩියෝ දසුන්වල සටහන් වී ඇත.

එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

ඒය බිහිසුණු අත්දැකීමක් වූ බවත්, තල්මසාගේ මුඛය තුළය ගිය තමන්ට මරණ බිය දැනුණු බවත් 24 හැවිරිදි ඒඩ්‍රියන් සිමන්කාස් නමැති එම තරුණයා පවසා ඇත.

එම අවස්ථාවේදී මුහුදේ පිහිනමින් සිටි කුඩා මාළු රංචු ගිලිමින් සිටි යෝධ තල්මසා ඒඩ්‍රියන් සිමන්කාස් සහ කුඩා ඔරුව මුඛයට ගත්තේ අත්වැරදීමකිනි.

එස්කිමෝ ඔරුවක (කායැක්) යනු තනි පුද්ගලයකු හබල් ගාන කුඩා ඔරුවකි. මෙම ඔරු එක්ස්කිමෝවරුන් විසින් බහුලව භාවිතයට ගනී. එහෙයින් එස්කිමෝ ඔරු යනුවෙන් ද මේවා හැඳින්වෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඔරු පදිමින් සිටි තරුණයා ගිලලා

ඔබේ අදහස් එවන්න

 

 

දියත

කුරුවිට ලක්ෂ පහේ කොල්ලයේ තුනක් රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 15 161 0

මීට මාස දහහතරකට පෙරදී මැණික් ගලක් අලෙවි කිරිමට බව පවසා කුරුවිට පුදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන්ට පහර දී තුවාල


මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් සමරු මුද්දරයක්
2025 පෙබරවාරි මස 15 460 0

දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම වි


දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා
2025 පෙබරවාරි මස 15 346 0

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.


මිනුවන්ගොඩ වෙඩි තැබීමට දෙකක් සැක පිට
2025 පෙබරවාරි මස 15 516 1

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී කරවල ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත


විද්‍යා පීඨ ගුරු පුහුණුව හොඳ කළක් යයි
2025 පෙබරවාරි මස 15 1285 1

විද්‍යාපිඨ තුලින් දෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස්වී නොමැති බවත් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරමින් නවීණ අධ්‍යාපන දැනුමින් සන්නද්ධ කි


කඩවත ගනේමුල්ල පාරේ ගිනිගත් මළ සිරුරක්
2025 පෙබරවාරි මස 15 1959 0

කඩවත මංගල මාවත ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක තිබී සිරුරට ගිනි ඇවිලනු මළ සිරුරක් අද (15) හමුවූ බව කඩවත පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 225 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 133 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 954 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site