(නිමන්ති රණසිංහ සහ කෑගල්ල අධිකරණ චම්න්ද වැවතැන්න)
සිද්ධිය වුණ තැන සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘කදුළුගෑස් ගහන්න’ කියලා. ත්‍රීවිල් එකට මුවාවෙලා හිටිය පොලිස් නිලධාරීන් තුන්දෙනා කඳුළු ගෑස් ගැහැව්වා. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා “මේක හරියන්නේ නැහැ ඕකුන්ට වෙඩි තියලා මරපන්’ කියලා. එතකොටම පොලීසියෙන් අපිට වෙඩි තිබ්බා. පොලීසිය දුවන මිනිස්සු පස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා. ” යැයි රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවකු සාක්ෂි ලබාදෙමින් පැවසීය.
රඹුක්කන උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි පහරින් මියගිය හිරිවඩුන්න, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වූ චමින්ද ලක්ෂාන් (41) යන අයගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (21) රඹුක්කන මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ පැවැත්වූ අවස්ථාවේදී සාක්ෂි ලබාදෙමින් ඇසින් දුටු (දෙවැනි) සාක්ෂිකරු එසේ ප්‍රකාශ කළේය.
මෙහිදී නිතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්නන මහතා සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නිතීඥවරුන් වන සරත් ජයමාන්න, රියෙන්ස් අර්සකුලරත්න, උපුල් ජයසූරිය, මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් සමග නිතීඥ තේජිත කෝරලගේ, නිතීඥ චමින්ද අතුකෝරාල යන මහත්වරුන් ප්රමුඛ නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම මරණ පරික්ෂණයට අදාළ සාක්ෂි ආරම්භ වීමේදී නිතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්නන මහතා අධිකරණය හමුවේ පෙනී සිටිම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයේ නිතීඥවරුන් අධිකරණයෙන් කරුණු විමසීමක් සිදුකළේය. මෙම මරණ පරීක්ෂණයේදී නිතිපතිවරයා නියෝජනය කරන්නේ කවුරුන්දැයි එහිදී මහේස්ත්‍රාත්වරිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් විමසා සිටි අතර, තමන් පොලීසිය වෙනුවෙන් තමන් පෙනී සිටින බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.
මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් දෙවැනි සාක්ෂිකරු මෙසේ ද ප්‍රකාශ කළේය.
“මම දවල් 2ට විතර තෙල් ගහන්න ගියා. ඒ වෙලාවේ තෙල් ඇවිල්ලා තිබුණේ නැහැ. එතැන උද්ඝෝෂණයක් තිබුණා. මමත් ඒකට සහභාගී වූණා. උද්ඝෝෂණ කරපු පිරිස හිටියේ බවුසර් දෙක තිබුණ තැන. පොලීසිය මුලින් හිටියේ කෑගල්ල පාරේ එක පැත්තකට වෙන්න වගේ. ඊට ඉස්සරහින් පොලිස් නිලධාරීන් තුන් දෙනෙක් ත්‍රීවිල් එකකට මුවා වෙලා වගේ හිටියා. මම හිටියේ උද්ඝෝෂණකරුවොයි පොලීසියයි අතර මැද. ත්‍රීවිල් රථයකට මුවා වෙලා හිටි පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් සහ රාජ්‍ය ලාංජනයයි තරු දෙකකුයි කරේ පැළගෙන හිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකුයි එතන හිටියා. ටික වෙලාවකින් සිවිල් ඇදගත්තු තුන්දෙනෙක් එතැනට ආවා. ඒ අය කවුද කියලා මම දන්නේ නැහැ. ඒ තුන්දෙනා පොලීසිය හිටපු පැත්තට ගල්වලින් ගැහුවා. එතකොටම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘කදුළු ගෑස් ගහන්න. ගහන්න” කියලා. ඊට පස්සේ ත්‍රිවිල් එකට මුවා වෙලා වගේ හිටපු පොලිස් නිලධාරීන් තුන් දෙනා කඳුළු ගෑස් ගැහුවා. එතකොටම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘මේක හරියන්නේ නැහැ ඕකුන් වෙඩි තියලා මරපන්’ කියලා. එතකොටම පොලීසිය වෙඩි තිබ්බා. මම දිව්වේ මඩවල පාර දිගේ. මා එක්ක තවත් කට්ටිය ගොඩක් දිව්වා. පොලීසිය අපි පිටිපස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා. පොලීසිය වෙඩි තිබ්බේ දුවන අපිට. මම දුවලා ගිහින් පන්සලක් ඇතුළට ගිහින් නතරවුණා.”
පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ බිරිද වන සමන් කුමාරි මහත්මිය සාක්ෂි ලබාදෙමින් මෙසේ ප්‍රකාශ කළාය.
“මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මහත්තයා තෙල් ගහන්න සෙඩ් එකට යනවා කියලා ගියා. ඊට පස්සේ කවුද කෙනෙක් මට කතා කරලා කිව්වා ඔයාගේ මහත්තයාට පොලිසියෙන් වෙඩි තියලා කියල. මම කෑගල්ල රෝහලට ගියා. රෝහලේ ට්‍රොලියක දාලා හිටපු මහත්තයව මම දැක්කා. පස්සේ මම ගෙදර ආවා. ගෙදර ඉදිද්දි අවිගත් හමුදා නිලධාරීන් රැගත් හමුදා ට්‍රක් රථයක් අපේ ගෙදරට ආවා. එතැන 20 දෙනෙක් විතර හිටියා. ඒ අය අතර තරු පැළදගත්ත උසස් නිලධාරීන් දෙදෙනකුත් හිටියා. ඒ දෙන්නා මට කිව්වා “ අපි ආවේ ඔයාලට උදව් කරන්න. අපි හැමදේම කරන්නම්” කියලා. ඒ අය ටෙන්ට් එකක් ගෙනත් ගැහැව්වා. අපිට කෑම බීම ගෙනාවා. ටික වෙලාවකින් මම ඒගොල්ලන්ට කිව්වා මගේ මහත්තයා හමුදාවේවත් කිසිම ආරක්ෂක අංශයක හරි වැඩ කරපු කෙනෙක් නෙමෙයි ඒ නිසා ඔයාලගේ උදව් මට එපා කියලා. ඊට පස්සේ ඒ අය ගියා. ඒ කට්ටිය අද උදෙත් අපේ ගෙදරට ආවා. මම ඒ අයට කිව්වා “සර්ලා ඉන්න ඕන නැහැ”. කියලා. ඒ ගහපු ටෙන්ට් එක තාමත් තියෙනවා. මගේ මහත්තයාට වෙඩි තියලා මැරුවා.මේක අවසාන මරණය වෙන්නේ නැහැ. මේගොල්ලේ තවත් මිනිස්සු වෙඩි තියලා මරයි. ඒ නිසා මගේ මහත්තයාට සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න. යුනිෆෝම් ඇදගෙන තරු ගහගෙන හිටියට මේගොල්ලේ මිනීමරුවෝ” (සාක්ෂිකාරිය සිය සාක්ෂිය ලබාදුන්නේ හැඬූ කදුලිනි.)
මෙහිදී සාක්ෂි ලබාදුන් පළමු සාක්ෂිකාර ව්‍යාපාරිකයා මෙසේ ප්‍රකාශ කළේය.
“මම උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට ආවේ හතරට විතර.ඒ වෙලාවේ කට්ටිය ගොඩාක් හිටියා. බවුසර් දෙක ළඟ තමයි කට්ටිය පිරිලා හිටියේ. මම එතැන හිටපු තරුණ අයට කිව්වා ‘මේවා අපි ආරක්ෂා කරන්න ඕන. රැකගන්න ඕන කියලා.” එතැන හිටපු හැම කෙනෙක්ම කඩාකප්පල්කාරී කිසිම ක්‍රියාවක් නොකර බවුසර් ආරක්ෂා කරගනිමින් තමයි ඔවුන් හිටියේ. මම වතුර බෝතල් ගෙනත් උද්ඝෝෂණය කරමින් සිටි අයටත් ඊට එහායින් හිටිය පොලීස් නිලධාරීන්ටත් දුන්නා. ටික වෙලාවකට පස්සේ පොලිස් නිළධාරියෙක් මා ළඟට ඇවිල්ලා ඉල්ලීමක් කළා ‘මේ තෙල් ටික බාන්න ඉඩ දෙන්න එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ’ කියලා. එතකොට මම කිව්වා ‘සර්ලා හැමදාම අපිට ටොපි දෙනවා. අපි ඒ ටොපි කාලා ගෙදර යනවා. අපි ඒකට කැමති නැහැ සර්, මේ ප්‍රශ්නෙට විසදුම ඒක නෙවෙයි’ කියලා. අපි එතැන ඉදලා ඉස්කෝලේ ඇරිලා යන ළමයින්ට ගෙවල්වලට යන්න පාර හදලා දුන්නා. ගිලන්රථවලට හදිසී අවශ්‍යතාවලට යන අයට යන්න ඉඩ සලසලා දුන්නා. ඒ උද්ඝෝෂණය ඉතාමත් සාමකාමීව තමයි සිදුවුනේ. මම දවල් 2.30ට කෑම කන්න ගිහිල්ලා ආපහු ආවා. එතකොට එකපාරටම සද්දයක් ඇහුණා. ‘පොලීසිය වෙඩිතියනවා කියලා මිනිස්සු කෑ ගැහුවා. මම එතන තිබුණ ගේට්ටුවකට මුවා වුණා. එතකොටම කඳුලු ගෑස් ගැහැවුවා. පොලීසිය වෙඩි තියනවා නවත්තන්නේ නැතුව’ මම රඹුක්කන පැත්තට දිව්වා. එතකොට රේල් පාර ළඟ තරුණයකුගේ කකුලට වෙඩි වැදිලා හිටියා. මම කඩයක් ඇතුළට ගියා. මට ගෙදර යන්න බැරිවුණා. මම කඩේ ඇතුලේ හිටියේ ඇදිරිනිතිය දාපු නිසා.”
මරණ පරීක්ෂණ සාක්ෂිවලින් අනතුරු අධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියෝගයක් නිකුත් කරමින් සදහන් කළේ සිද්ධිය වූ ස්ථානයේ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
මෙම සිද්ධියේ මරණපරීක්ෂණය අද (22) යළිත් කැදවීමට නියමිතය.
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ඕකුන් වෙඩි තියලා මරපන්‘‘ නිලධාරියෙක් කිව්වා
siri Thursday, 21 April 2022 10:58 PM
ස්ථාන මාරුව සැර වැඩීද මන්දා..?
Nuwan Friday, 22 April 2022 03:48 AM
බවුසර් දෙක බෑවා නම් අහිංසක මනුස්සයගේ ජීවිතේ ඉතුරුවෙලා. පාරවල් වහගෙන හිටියා කියලා තෙල් ලැබෙන්නේ නෑ. ඩොලර් ලැබෙන එකත් නවතිනවා. කලබල අස්සේ සංචාරකයන් එන්නෙත් නෑ. අර පාස්කු ප්‍රහාරයේ මළමිනී මතින් බලයට ආපු අය මතකද? සූරියකන්ද? එතකොට දහස්ගාණක් දෙමල වැසියන්? මළමිනී මතින් බලයට එන්න ඉඩ දෙනවාද?
chandima Friday, 22 April 2022 06:47 AM
වැඩේ වැරැදියි තමයි.. ඒත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. පොලිසිය පන්න පන්නා වෙඩි තිබ්බා නම් මේ තරම් වෙඩි තැබීමට පුහුණුවක් ලැබූ නිලධාරීන් පතරොම් සියගාණක් වැයකොට සියගාණක් වූ මිනිස්සු රොත්තෙන් මැරෙන්න වෙඩි වැදුණේ එක්කෙනාටද?
saaliFriday, 22 April 2022 03:30 PM
සිහිවිකල් වෙලාද? සාක්ෂි බොරුද? අපි නම් වීඩියෝත් දැක්කා. කොහොමත් ඔයාගේ ආණ්ඩුව දැන් ඉවරයි.
අනිල් Friday, 22 April 2022 10:30 AM
මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය නිලධාරියෙක් මෙහෙම කියන එක මොනතරම් බරපතල කාරණයක්ද? නීත්‍යානුකූලව උපරිම දඬුවම් දීම නොපමාව සිදුවිය යුතුයි..
jayampathi Friday, 22 April 2022 11:27 AM
ගාලු මුවදොර අරගල භුමියට පැමිණි පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ. රඹුක්කන සිද්ධියට මිනිස් ඝාතන කරලා පොලිසියේ තුනක් මාරු. මිනිස් ඝාතන කරලා ස්ථාන මාරු කරනවා.. අරගල භුමියට ගිය කෙනාගේ වැඩ තහනම් කරනවා.
චන්දන Friday, 22 April 2022 12:15 PM
වෙඩි තැබීම වැරැදියි. ඒ වගේම මෙතන උද්ඝෝෂණය කළ ආකාරයත් වැරැදියි. මිල වැඩි කළානම් අඩුමිලට දෙන්න බැහැ. එහෙම ඉල්ලන්නේ මොන නීතියටද? තෙල්, ගෑස් 2 ම එදා ඉඳලා ඔය තත්වය තිබෙනවා...
SL Friday, 22 April 2022 12:31 PM
මේ උද්ඝෝෂණය කරන්නේ මහජනයා වෙනුවෙන්, එහෙම කරන උද්ඝෝෂණවලට ප්රචණ්ඩත්වය අවශ්‍ය නැහැ. මහජනයා තවත් පීඩාවට පත්කරන්න වුවමනා නැහැ. පෙට්‍රල් බවුසරය වට කරගෙන, රේල් පාර වහගෙන විනාශකාරී, ප්රකෝපකාරී ලෙස හැසිරෙන්න මිනිස්සු මෝඩ වුනේ මොකටද? හැමෝම පීඩනයක අහුවෙලා ඉන්න වෙලාවක, පාරවල් වහලා, ගෙවල් දොරවල් වලට යන්න නොදී කරන විරෝධතා විරෝධතා නොවේ., මෙහි වගකීම ගන්න ඕනේ මිනිස්සු ප්‍රචණ්ඩත්වයට පොළඹවපු උද්ඝෝෂණය කළ පුද්ගලයින්... මේ පොලිසියම තමයි පාර්ලිමේන්තුවට නීතිවිරෝධීව ආපු SF සෙබළුන්ට ගහලා එලෙව්වේ. එතැනදී පොලිසියට හුරේ දාන්නත් මෙතැනදී හුරේ කියන්නත් ඕනේ නැහැ. පොලිසියටත් සීමාවක් තියෙනවා...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 April 2022 01:13 PM
රටේ ජනතාව හා මහජන සාමය ආරක්ෂා කළයුතු ශ්‍රී ලංකා පොලිසිය අද නිරායුධ මිනිසුන් මරාදමන තත්වයට පත්වෙළා. පොලිසියේ හොඳ නිලධාරින් ඇති. ඒත්, ඇතැම් දේශපාලකයින්ට බැල මෙහෙවර කරන දූෂිත නිලධාරීන් අල්ලා ඔවුන්ට නිසි දඬුවම් දීමට වහා පියවර ගත යුතුයි.
මරිසිපාල Friday, 22 April 2022 01:15 PM
එම නිලධාරියා දීඝායු ජාතකය අහලා නැතුව ඇති... නැත්නම් ඔහොම නියෝග දෙන්නේ නැහැ. තවත් කියමනක් තමයි කොකාට වාරයක් නම්, තිත්තයාටත් වාරයක් එනවා කියන කියමන...!
Pradeep KumaraFriday, 22 April 2022 02:02 PM
එයාගෙ ජාතකයවත් හරියට නොදන්න කෙනෙක් දීඝායු ජාතකය දැනගනීවිද සහෝදරයා..?
ගමේ එකාලාFriday, 22 April 2022 02:59 PM
ජාතකය කෙසේවෙතත් අඩුම තරමින් පොලිස් කියන වචනයේ තේරුමවත් හරියට දන්නේ නැතුව ඇති...
වර්ණකුලසූරිය Friday, 22 April 2022 02:02 PM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කතාවත්... හොරාගේ අම්මගෙන් පේන ඇසීමේ කතාවත් අපට මතක්වෙන මොහොතකි. දේශපාලකයා නීතියට යටත් කරන පාලනයක් පැමිණෙන තෙක් ශ්‍රී ලංකාවේ සාධාරණය ඉටුවීම සිහිනයක් පමණි. හමුදා බස්රථයට ගිනි තබනවා බලාසිටින සහ තෙල් බවුසරයට ගිනි තබනවා බලා සිටින අපේ උගත් පොලිසිය නිරායුධව පාරේ සිටින සාමාන්‍ය පුරවැසියන්ට එළවා එළවා වෙඩිතියන දර්ශන අපට නරඹන්න හැකිවිය. මිනීමරන්න අවම බලය පාවිච්චි කරන හැටිද අපි දුටුවෙමු. කාක් තට්ටක් එල්ලන්න බලාගෙන සිටි අපේ රටේ චණ්ඩි ඇමැතිතුමන්ලාගේ බලාපොරොත්තුව මේ මොහොතේ ඉටු වී ඇත. කඳ තරමට බුද්ධියෙන් කටයුතු කරන අපේ පොලිස් ඇමැතිතුමාගේ දක්ෂකම ජනතාව දකින හොඳ මොහොතකි.
ලුම්බිණි Friday, 22 April 2022 02:35 PM
පොලිසියෙන් වෙඩි තියලා මරනවා. හමුදාවෙන් ඇවිත් අවමගුලට උදව් කරනවා. මේකට තමයි හොඳටම කරනවා කියන්නේ....
පිටිගල මිලානෝ Friday, 22 April 2022 02:48 PM
පවුලක් රකින්න අනීතිකව මහන්සිවෙන මෙම පොලිස් නිලධාරීන් හිරේ ගියවිට කවුද ඔවුන්ගේ පවුල රකින්නේ...? රාජපක්ෂලා උගන්ඩාවේ ඉඳලාද..?