( ෂේන් සෙනෙවිරත්න)
මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000ක් වටිනා දුම්රිය ඊ ටිකට් පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට ලද තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් අද (26) පෙරවරුවේ ඇල්ල ඔඩිසි දුම්රියට ඇතුළු වූ විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම කාන්තාවන් දෙදෙනා එහිදී ප්‍රකාශ කොට ඇත්තේ මෙම දුම්රිය ඊ ටිකට් පත් දෙක අතරමැදියකු මාර්ගයෙන් රුපියල් 28,000ක මුදලකට ලබාගත් බවයි.
පොලිසිය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියදුරෙකු විසින් මෙම ඊ ටිකට්පත් දෙක බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාට අලෙවි කිරීම සඳහා ත්‍රී රෝද රථ රියදුරුට ලබා දී ඇති බවයි.
ඒ ආකාරයට අලෙවි කරන එක් දුම්රිය ටිකට් පතකින් රුපියල් 5000ක මුදලක් ත්‍රිරෝද රථ රියදුරුට ලැබෙන බවටද ත්‍රිරෝද රථ රියදුරු පොලිසියට ප්‍රකාශ ලබා දී තිබේ.
ඔහු කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ
දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඕඩිසි දුම්රියේ ටිකට් වංචා කළ තවත් ත්‍රිරෝද රියදුරෙක් අල්ලයි
sarath Sunday, 26 January 2025 03:36 PM
ඊ ටිකට් පතේ හැඳුනුම් පතේ අංකය හෝ පාස්පෝර්ට් එකේ අංකය සඳහන් කර, ටිකට් පත අන්සතු කිරීම තහනම් කියා සඳහන් කරොත්, මේ වංචාව නතර කර ගැනීම මෙතරම් අමාරු ඇයි කියන එක ප්‍රශ්නයක්...
විජිත් Sunday, 26 January 2025 06:13 PM
ඉතාමත් හොඳ අදහසක් !!! මේ මාෆියාව නතර කරන්න තියෙන එකම ක්‍රමය ඊ ටිකට් සම්පුර්ණයෙන්ම නැවැත්වීම හෝ ඔබ කිව් විදිහට පාස්පෝර්ට් හෝ හැඳුනුම්පතේ අංකය ටිකට් එකේ සඳහන් කිරීමයි. දුම්රිය බලධාරීන්ගේ අවධානය පිණිසයි.
දත්තකීර් Sunday, 26 January 2025 07:12 PM
ප්‍රශ්නය මෙයයි, ඒ ටිකට්පත්වල ඔබ කියූ පරිදි හැඳුනුම්පත හෝ පාස්පෝට් එකෙ නොම්මර ගැහුවාට වැඩක් නැහැ. වේදිකාවට ඊ ප්‍රවේශ පත්‍ර මගින් ඇතුල් වෙන්න වෙනම දොරටුවක් විවෘත කර එමගින් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න පුළුවන් නම්...!