(විමුක්ති එස් රුද්‍රිගු)
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක් ලබා දෙන බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය අද (20) නිවේදනය කළේය.
ආහාර, අත්‍යාවශ්‍ය ඖෂධ සහ ඉන්ධන හිඟතාවයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට මෙම සහාය ප්‍රයෝජනවත් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
මෙම මූල්‍ය සහාය යටතේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 22 ක මුදලක් ශ්‍රී ලංකාවට හදිසි ආහාර ආධාර ලබා දීම සඳහා ලෝක ආහාර වැඩසටහනට ලබා දෙන අතර 2022-23 වසරේදී සංවර්ධන සහාය ලෙස තවත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 23 ක මුදලක් සෞඛ්‍ය සේවා සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෙදවනු ඇති බව පැවැසෙයි.
ලෝක ආහාර වැඩසටහනට ලබා දෙන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 22 ක මුදල ශ්‍රී ලංකාවේ ලක්ෂ 30 ක ජනතාවකට දෛනික ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා යොදා ගැනෙනු ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය සේවා සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 23 මුදල යෙදවීමේදී අවදානමට ලක් වූ පිරිස් විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් කෙරෙහි අවධානය යොමු කරන බව පැවැසෙයි.
ඉතිරි ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 5 ක මුදල දැනටමත් මෙරට ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ ආයතන සඳහා ලබා දී ඇති බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහනයක්