(නිමල කොඩිතුවක්කු)
රෝහල්වල ඖෂධ නොමැති යැයි උපකල්පනය කර හදිසි අසනීපයකදී නිවසට වී සිටීමෙන් වළකින්නැයි රෝගීන් ගෙන් ඉල්ලීමක් කරන බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම නියමිත පරිදි සායනවලට සහභාගී වී අවශ්‍ය ඖෂධ ලබා ගන්නා බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
නියමිත ඖෂධ නොමැති නම් ඒ සඳහා ආදේශක ඖෂධ ලබා දීමට වෛද්‍යවරුන් කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද(9)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එමෙන්ම ඖෂධ අනවශ්‍ය ලෙස ගබඩා කිරීමෙන් සහ නාස්ති කිරීමෙන් වළකින ලෙස රෝගීන් ගෙන් ඉල්ලීමක් කරන බවත් වෛද්‍යවරයා කීවේය.
මාස ගණන් ඖෂධ ගබඩා කිරීමෙන් එම ඖෂධවල ගුණාත්මක භාවය අහිමි වී යාමේ අවධානමක් පවතින බවත් හෙතෙම පැවසීය.
රෝහල්වල වෛද්‍යවරුන්ගේ ගැටළුවක් නොමැති බැවින් රෝගය සහ ඖෂධ නිශ්චය කිරීම වෛද්‍යවරුන්ට සිදු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් වෛද්‍යවරයා කීවේය.
ජීවිත බේරාගැනීම වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බවත් අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිනම් ඒ වෙනුවෙන් දිය හැකි ආදේශක ඖෂධ නිකුත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි
අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ඖෂධ නැතැයි සිතා හදිසියකදී රෝහල්ගත නොවී ඉන්න එපා ‘