(නිමල කොඩිතුවක්කු)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් විම පිළිබදව සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (30) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුව වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
මෙම දත්ත අතුරුදන්වීම රටේ ජාතික ආරක්ෂාවටත්, සෞඛ්‍ය පද්ධතියටත් බරපතළ තර්ජනයක් බැවින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය.
මේ සඳහා සමගි ජන බලවේගයට අනුබද්ධ නීතිඥවරුන් පිරිසක් ද එක්ව සිටියහ.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා.
"ඖෂධ නියාමන අධිකාරියේ ගබඩා තුළ දත්ත පද්ධතිය අතුරුදන්වී තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක් සකස් කිරීම 2018 වසරේ සිට ආරම්භ කළා. ඖෂධ ඇනවුම් කිරීම, ඖෂධ ගබඩා කිරීම ඇතුලු සියලු තොරතුරු එයට ඇතුළත් වුණා. ඖෂධ මාෆියාව පාලනය කිරීමටත් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් එය ඉවහල් වුණා.
ඖෂධ මාෆියාව නැවත හිස ඔසවමින් තිබෙනවා. ආණ්ඩුව විශාල ලෙස ඖෂධ මිල ඉහළ දමමින් ජනතාව අපහසුවට පත් කර තිබෙනවා. ඒ වගේම අද හැමතැනින්ම ඖෂධ හිගයන් පිළිබඳ වාර්තා වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ තමයි ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩා විනාශ වෙලා තියෙන්නේ.
එය රටේ ජාතික ආරක්ෂාවටත් විශාල තර්ජනයක්. ඒ වගේම සෞඛ්‍ය පද්ධතියක් පවත්වා ගැනීමටත් ගැටලු මතුවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය හමුවට ඉදිරිපත් කරන්න කියලා අපි මේ පැමිණිල්ලෙන් ඉල්ලීමක් කළා" යැයිද ඔහු සඳහන් කළේය.
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් විම ගැන සී.අයි.ඩි යට පැමිණිල්ලක්
fairoos Monday, 30 August 2021 04:02 PM
අල්ලයි..!!!
අපේ නැතිවීම Monday, 30 August 2021 04:18 PM
අලි පොත නැතිවුණු කාලෙකුත් තිබ්බා. හෙට අනිද්දා අපට, අපිව නැතිවෙනවා. ලංකාවට ඒක වෙනවා මේ යන විදියට...
SUNIL MILANO Monday, 30 August 2021 07:10 PM
ලැජ්ජාවෙ බැහැ...
වර්ණකුලසූරිය Monday, 30 August 2021 11:47 PM
ඔබතුමන්ලා හිටියත් ඔය ටිකම තමයි. මේ වගේ තත්ත්වයන් ඇති නොවීමට ඔබලාටත් කටයුතු කරන්න හොද ්ටම කල් තිබුණා. දුෂිතයන් පෝෂණය කරමින් යැපෙන ශ්‍රීලංකාවේ දේශපාලකයන් ගැන ඇත්තටම ලැජ්ජයි. මාරැවෙන් මාරැවට ඇසෙන එකම බයිලා ඇසීමට ශ්‍රීලංකාවේ බහුතර ජනතාවද මහත් කැමැත්තක් දක්වන බවක් තමයි අපට පෙනෙන්නට ඇත්තේ.
Raveendra Tuesday, 31 August 2021 07:28 AM
මට හිතට දුක මේ දවස්වල අපිට කියලා හොරකමක්, වංචාවක් කරන්න අවස්ථාවක් නැති එක... ඒ නිසා අපි මේ හොරකම් වලට විරුද්ධයි. අනේ බලයේ ඉන්න හරකුනේ, අපි වගේ වේලි වේලි ඉන්න බූරුවන්ටත් අවස්ථාවක් දීපල්ලා පොඩියට හරි හොරා කන්න. වෙනවා නම් මේ මුකුත් ගැටළු නැහැනේ...