(යොහාන් භාසුර)
ඖෂධ සහ පාස්පෝට් හිඟයට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්න ලෙස බලකිරීම සහ ඖෂධ නියාමන අධිකාරියේ වටිනා දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ටෙන්ඩරය පිළිබඳව යළි විමර්ශන අරඹන ලෙස ඉල්ලමින් වෘත්තීය ව්‍යාපාර හා සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට අද (8) පැමිණිලි බාර දුන්නේය.
අදාල සිද්ධීන් වාර්තා වී වසර ගණනාවක් ගත වී තිබුණත් නිසි පරිදි විමර්ශන සම්පූර්ණ කිරීමට අසමත්ව ඇති ඖෂධ නියාමන අධිකාරි දත්ත වංචාව සහ ඊට සම්බන්ධ අනුබදෙත සමාගමක් හරහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංකය පාලනය කරමින් යළි රට තුළ නිර්මාණය වෙමින් පවතින පාස්පෝට් හිඟයට මූලික වූ පාස්පෝට් ටෙන්ඩරය දීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඉන් රජයට සිදුවී ඇති අලාභයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.
රටේ ක්‍රියාත්මක වූ පැරැණි පාස්පෝට් ක්‍රමය වෙනුවට විද්‍යුත් පාස්පෝට් ක්‍රමයක් හඳුන්වා දෙන ලද නමුත්හිදී ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ සමාගම් අතර වූ ගැටලුවක් මත මේ දක්වා විද්‍යුත් පාස්පෝට් නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති අභියාචනා කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවද නිර්දේශ දී ඇති අතර දැනට මේ සම්බන්ධව අධිකරණමය කටයුත්තක් ද ආරම්භ වී ඇති බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
පාස්පෝට් නිකුත් කිරීමේ කාර්යය ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු වුවත් ඊට පෙර පාස්පෝට් සැපයූ සමාගම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම භාරව කටයුතු කිරීම නිසා මේ වන විට නව පාස්පෝර්ට් නිකුත් කිරීමේ දී ද පරණ සමාගමට රුපියල් හාරසියයකට ආසන්න ගාස්තුවක් ගෙවීමට සිදුවීම සම්බන්ධයෙන් ද මහජන ආරක්ෂාව භාර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වෙත සිවිල් සංවිධාන පැමිණිල්ලක් කළ බව ද චමල් සංජීව මහතා පවසයි.
නව විද්‍යුත් පාස්පෝට් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීමට ටෙන්ඩරය ප්රදානය කර ඇතත් එම ටෙන්ඩරය සමඟ විද්‍යුත් මෘදුකාංගය සම්බන්ධ කොන්දේසි ඇතුළත් නොවීම නිසා මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බවත් මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා මෙම ගනුදෙනුවලට සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසමේන් ඉල්ලීමක් කළ බවත් පැමිණිලි මගින් වෛද්‍ය චමල් සංජීව මහතා කීය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, පොලිස් මූලස්ථානය ඇතුළු නීති අංශ රැසක් මෙම පාස්පෝට් ගණුදෙනුව සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රම
මරදාන දුම්රිය ස්ථානයේ ගුවන් පාලමෙන් ඇඳවැටී අනතුරකට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට අද (9) පෙරවරුවේ ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්
වාලච්චේන ප්‍රදේශයේ කාන්තාවක සහ පුද්ගලයකු අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව පවසමින් ඔටමාවඩි ප්‍රදේශයේ පල්ලියකට බලෙන් රැගෙන ගොස් කාන්තාවට 50 වතාවක් සහ
විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් 27660000.00ක් වංචා කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් තවත් සිටී
මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ඖෂධ - පාස්පෝට් මගඩි ගැන පරීක්ෂණ අරඹන්න