(යොහාන් භාසුර)
ඖෂධ මිලදීගැනීමට මිල කේවල් කිරීම සහ හදිසි මිලදීගැනීම් සඳහා වන තීරණ ඖෂධ නිතීගත සංස්ථාව සහ ඖෂධ සැපයීම් අංශය හරහා සිදුවන බැවින් පසුගිය රජය සමයේ සිදුවූයේ යැයි කියන ඖෂධ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණවලට ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම බලපාන්නේ කෙසේදැයි ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා රටට පැහැදිළි කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදමා ඇත්තේ පසුගිය රජයේ ඖෂධ හොරකම් කළ කණ්ඩායම් බව පෙන්වා දෙමින් උපායශීලී ලෙස ගැටලුව වෙනතකට යොමු කිරීමේ උත්සහයක් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්වේදී කළ කථාවෙන් පෙණෙන බවත් ප්‍රධාන කරුණු දෙකක් සැලකීමේදී අමාත්‍යවරයාගේ හේතු දැක්වීම පදනම් විරහිත යැයි පෙනී යන බවත් රවී කුමුදේශ් මහතා කියයි.
ඖෂධ නියාමන අධිකාරිය ENMRA පද්ධතිය හරහා කටයුතු නිල වශයෙන් 2020 ජූලි මාසයේ සිට කටයුතු ආරම්භ කළ ද එම මාස හයක කාලයක් සදහා එම පද්ධතියට සමාන්තරව සාමාන්‍ය ක්‍රමයද භාවිතා කිරීමෙන් පසුගිය රජය සමයේ ඖෂධ අක්‍රමිකතා සහ ෑභඵඍ් දත්ත අතර සෘජු සම්බන්ධතාවක් නොමැති යැයි පෙණන බවත් පසුගිය රජය සමයේ සිදුවූවායැයි කියන පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ මිලදීගැනීමේදී සහ හදිසි මිලදී ගැනීමේ වංචා වසා ගැනීම සදහා මෙම දත්ත මැකීම සිදුකළේ යැයි පවසන්නේ කුමන පදනමකින් ද යැයි රවී කුමුදේශ් මහතා ප්‍රශ්න කරයි.
මෙම ගැටලුව විසදාගන්නා තෙක් හෝ ඖෂධ නියාමන අධිකාරිය රාජ්‍ය ඇමතිවරයාගේ පාලනයෙන් ඉවත් කර කැබිනට් සෞඛ්‍ය ඇමතිවරයා යටතට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“ඖෂධ රාජ්‍ය ඇමතිගෙන් පැහැදිළි කිරීමක් ඕනෑ’’
Upul aravinda Wednesday, 22 September 2021 05:36 PM
මේ මහත්වරු කිව්වට ඔක්කොම හොරු.. කෙහෙල්කන වැට පැනලෝ...!!
චන්දන Wednesday, 22 September 2021 07:01 PM
මෙන්න තවත් අරාජික හඬක් !