(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඖෂධ ලියාපදිංචියට ජාතික ඖෂධ නියාමන අධිකාරියට භාරදී තිබූ ලිපිගොනු 2100 ක් එහි ගොඩ ගැසී තිබී සොයාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
රජය බලයට පත්වීමෙන් පසු එම ලිපිගොනු නවසීයක් දක්වා අඩු කරගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කරන බව පැවසූ අමාත්‍යවරයා ඖෂධ ලියාපදිංචි කිරීම වේගවත් කරන බවද සඳහන් කළේය.
නිසි පරික්ෂාව ඇතුව ඖෂධ ලියාපදිංචිය වේගවත් කරන බවද අමාත්‍යවරයා කීය.
ලියාපදිංචි නොකරන ලද සමාගම් කළ වංචා ගණනාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත්
ඒ ගැන පරීක්ෂණ කරගෙන යන බවත් ඔහු සඳහන් කළේය.
ඊට පසු ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.
ඉදිරි වසර දෙක තුන ඇතුළත ප්‍රමිතියෙන් උසස් ඖෂධ පරික්ෂා කිරීමේ විද්‍යාගාරයක් ඉදිකිරීමට ක්‍රමවේදයක් සකස් කරගෙන යන බව පැවසූ නලින්ද ජයතිස්ස මහතා මේ සඳහා රජයේ මුදල් යොදවීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
’’Gem Sri Lanka - 2025’’ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්
බස් සහ ත්‍රිරෝද රථ අමතර උපාංග වැරදි හදා ගැනීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් අක්මී
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (8) ශ්‍රී ජයවර
ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛන්ඩව ලබා දීම සඳහා ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවය සංවර්ධනය ක
මැතිසබයේ ඇතැම් කාන්තාවන්ට සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් කතා බහක් මතුවීමෙන් පාර්ලිමේන්තුවේ අද (8) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ඖෂධ ලියාපදිංචියට දුන් ලිපිගොනු 2100ක් ගොඩ ගැහිලා