IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කකුලට වෙඩි තබා කොල්ලකරුවකු මෙල්ල කරයි

(සුමිත් ප්‍රේමතිලක)

කළුතර නගරයේ සතොස ගබඩාවෙන් මුදල් සොරකම් කිරීමට ගිය කොල්ලකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකුට සැකකරු වීදුරු කටුවකින් කපා පැන යාමට උත්සහ කිරීමේදී පොලිසිය වෙඩි තබා සැකකරු අල්ලා ගත් බව පොලිසිය කියයි.

තුවාල ලැබූ කොල්ලකරු සහ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

කළුතර දකුණ පිහිටි සතොස සුපිරි වෙළෙඳ සැලෙන් මුදල් කොල්ල කෑමට සූදානම් වෙන බව පොලිස් ජංගම රථයට දැනුම් දී තිබේ.

ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් ක්ෂණිකව ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් අසල තිබූ වීදුරුවක් රැගෙන පොලිස් සැරයන්වරයාගේ දකුණු අතට පහර දී ඇති බවත් ආත්මාරක්ෂාව සඳහා පොලිසිය එල්ල කළ  වෙඩි පහරින් සැකකරුගේ දකුණු කකුලට තුවාල සිදුව ඇති බවත් පොලිසිය කීය.

නාගොඩ , සෙන්ට්‍රල් හන්දිය මහ හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, පොලිස් සැරයන් අල්විස් (55284) දකුණු අතට සිදුවූ තුවාල සහිතව රෝහල් ගත කර ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 



අදහස් (1)

කකුලට වෙඩි තබා කොල්ලකරුවකු මෙල්ල කරයි

Bamunuarachchi Sunday, 01 August 2021 08:28 PM

තිබ්බේ පපුවට වැදුනේ කකුලට ද? කමක් නැහැ කොහේට හරි වදුනානේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 61 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 354 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 187 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 834 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 615 1

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 380 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 27 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1352 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site