IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කෝකිලායි සිංහල විදුහලේ සිසුවියක් පළමුවරට සාපෙළ ජයගනී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මුලතිව් කොකිලායි රජයේ පාසලේ ප්‍රථම වතාවට සිසුවියක අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ඇතැයි විදුහල්පතිනී  සුජිවනී ප්‍රනාන්දු කන්‍යසොයුරිය පැවැසුවාය.

ඩබ්ලිව්.එම්. දිල්මි නවෝද්‍ය සිසුවිය පාසලට මහත් අභිමානයක් ගෙන දෙමින් වසර 23කට පසු මෙම ජයග්‍රහණය ලැබුවාය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට  නවෝද්‍යා සිසුවිය ඇතුළු සිසු සිසුවියන් පස් දෙනෙක් පෙනී සිටියහ. 

දැඩි දුෂ්කරතා මැද්දේ මෙම සිසුවිය ජයග්‍රහණය ලබා ඇති බවත් පාසලේ උසස් පෙළ පන්ති නොමැති වුවත් ඇයට උසස් පෙළ හැදෑරිමට අවශ්‍ය වටපිටාව සලසා දෙන බව ද විදුහල්පතිනිය කියන්නීය.

මෙම ජයග්‍රහණය ලබාගැනීමට උදව් උපකාර කළ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට ස්තුති කරන නවොද්‍ය සිසුවිය තමාගේ එකම අභිප්‍රාය උසස් අධ්‍යාපනය ලබා රටට වැඩදායි සේවයක් කිරීමට බව කියා සිටියාය.



අදහස් (16)

කෝකිලායි සිංහල විදුහලේ සිසුවියක් පළමුවරට සාපෙළ ජයගනී

sharm warn Wednesday, 29 September 2021 11:53 AM

උණුසුම් සුබපැතුම් දුව... ඔබේ අනිත් සොයුරු සොයුරියන්ට ඔබ දෙන්නේ විශාල ආශීර්වාදයක්....

:       0       1

Senarath Wednesday, 29 September 2021 12:21 PM

මේ පාසලේ ප්‍රතිඵල වලින්ම තියෙන දුෂ්කරතාවය ගැන හිතාගන්න පුළුවන්. ඒ දරුවාට සුබ පතන ගමන්ම අනෙකුත් දරුවන්ට තව තවත් උදව් කරන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

:       0       52

Saku Wednesday, 29 September 2021 12:56 PM

ධම්මික පෙරේරා මහතාගේ අධ්‍යාපන නාලිකාව බලන්න.. අච්චු පොත් වෙනුවට පාඩම සජීවීව රූපගත කර ළමයින්ට බෙදා දුන්නොත් පොත් මුද්‍රණය කරන්න යන වියදම ඉතිරි කරගෙන ප්‍රයෝජනවත් විදිහට රටට භාවිතා කරන්න පුළුවන්.... දුප්පත් ළමයි කියලා ලංකාවේ වෙනසක් නැතිව නිදහසේ ඉගෙන ගන්න පුළුවන්...

:       0       1

ගමය Wednesday, 29 September 2021 01:45 PM

දියවන්නාවේ මාලිගා වගේ වාහනවල යන හොර තක්කඩින්ට මේවා පෙනේවා...!!!

:       2       22

RaveendraWednesday, 29 September 2021 04:51 PM

සහතික ඇත්ත. ඔබගේ අදහස් මෙසේ "දියවන්නාවේ මාලිගා වගේ වාහනවල යන හොර තක්කඩි 225ටම" ලෙස වෙනස් වන්නේ නම් මොනතරම් සත්‍යයිද..?

:       1       2

සිරිබිරිස්Thursday, 30 September 2021 06:47 AM

මෙතරම් ප්‍රශ්න තිබියදී මුදල් අනුමත කල මංතීරු කෙසේ හෝ කරනවාමයි කියන නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සියළු දෙනාටත් මංතීරු සැකසීම අවශ්‍ය යැයි කියන පූජ්‍ය පක්ෂයේ සියළු දෙනාටත්, එයට සම්බන්ධ දේශපාළුවන්ටත් මේවා ගැන කල්පනා කිරීමට (අබමල් රේනුවක තරම්වත්) කල්පනා ශක්තිය ශක්තිමත් වේවා

:       0       2

කිරි පුතා Wednesday, 29 September 2021 01:58 PM

මේ පළාත්වල සිංහල පාසල් තවතව දියුණු කර ළමයින් ඉදිරියට ගෙන ආයුතුයි. නැත්නම් ඒක වෙනත් කාගේ හරි බූදලයක් ⁣කියලා හිතා ගනියි.

:       2       21

අතුල සෞදි Wednesday, 29 September 2021 02:07 PM

රජයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය මේ දුෂ්කර පාසල් සඳහා යොමුකළ යුතුයි. විශේෂයෙන් සිංහල පාසල්...

:       0       5

අතුල සෞදි Wednesday, 29 September 2021 02:09 PM

මේ ප්‍රවෘත්තියට වැඩි අවධානයක් දුන් ලංකාදීප පුවත්පතට ස්තුතියි.

:       0       6

මැක්ස් Wednesday, 29 September 2021 02:19 PM

දිරිය දියණියට සුබ පැතුම්.

:       0       3

saman Wednesday, 29 September 2021 02:50 PM

අපේ සුබ පැතුම් නංගි. කොමිස් මංතීරු විතරක් හදන දේශපාලුවන්ට මේ දුෂ්කර පාසල් පෙනේවා... ඔබේ අධ්‍යාපනය සාර්ථක වේවා​.. බාධා මැද නොපැකිළව ඉදිරියටම යන්න. ජීවිතය ජයගෙන අනිත් නංගිලා මල්ලිලාටත් පිහිට වෙන්න​.

:       1       11

චන්දන Wednesday, 29 September 2021 04:22 PM

අපේ සුබ පැතුම්...! ඒ වගේම අධ්‍යාපන ඇමතිවරයා මේ පිළිබඳව සොයාබලා පාසලේ දියුණුවට යමක් කළ යුතුයි...

:       0       5

දර්ශණ Wednesday, 29 September 2021 04:54 PM

සුබ පැතුම් !...

:       0       4

Raveendra Wednesday, 29 September 2021 04:55 PM

අනේකවිධ බාධක මධ්‍යයේ ඔබ ලබාගත් ඒ ජයග්‍රණයට අපගේ උණුසුම් සුබපැතුම්... පුතේ ඔබට අනාගතේ නීතිගරුක පුරවැසියකු වී තමන් උපන් රටට අවංකව සේවය කිරීමට හැකි වේවා...!!!

:       0       6

Amal Thursday, 30 September 2021 01:27 AM

අපේ සුබපැතුම් දුවට.. ඉදිරියට යන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා..!!!

:       0       1

pakeer Thursday, 30 September 2021 07:03 PM

ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා... හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 251 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 476 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3485 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 522 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2632 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 539 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site