(සුජිත් හේවාජුලිගේ )
සත්ව ආහාර මිල විශාල වශයෙන් ඉහළ යෑම නිසා කුකුළු මස් කිලෝවක මිල ලබන ජුනි මාසය වනවිට රුපියල් 1500ක් දක්වාද බිත්තරයක මිල රුපියල් 45ක් දක්වාද වැඩිවනු ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.
සත්ව ආහාර මිල සහ අනෙකුත් වියදම් ඉහළ යෑම නිසා කුඩා හා මධ්‍ය සත්ත්ව නිෂ්පාදන ව්‍යාපාරිකයො එම ව්‍යාපාර කටයුතුවලින් ඈත්වෙමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
මේ තත්වය දිගටම පැවතුණහොත් මහ පරිමාණ ව්‍යාපාරිකයින් කිහිප දෙනකු පමණක් රටේ ඉතිරි වනු ඇති බවත් ඒ හරහා ඒකාධිකාරියක් නිර්මාණයවීමෙන් සත්ත්ව නිෂ්පාදන
මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
පසුගිය ජනවාරි මාසයේදී රුපියල් 98,000 ක පමණ මිලකට පැවති සත්ව ආහාර ටොන් එකක මිල මේවනවිට රුපියල් දෙලක්ෂ හැත්තෑ අට දහසක් දක්වා තුන් ගුණයකින් පමණ වැඩිවී ඇතැයිද සඳහන් කළේය.
සත්ව ආහාර හිඟය නිසා කිරි නිෂ්පාදනයද සියයට 30කින් පමණ අඩුවී ඇතැයි මංජුල සුමිත් මාගමගේ මහතා පැවසීය. සත්ව ආහාර ගෙන්වීම සඳහා වසරක කාලයක් සඳහා රජයට දැරීමට සිදුවන මුදල රුපියල් කෝටි තුන්සියයකට අධිකය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘කුකුළු මස්-බිත්තරවලට වෙන දේ කියයි‘
Srimath Wednesday, 27 April 2022 10:15 AM
සුළුවට මම කරන්නේ සුරතල් මසුන් ව්‍යාපාරයක් .කෑම මිල, බෙහෙත් මිල, අධික උනත් මාළුවගෙ මිල තාමත් වැඩි වෙලා නෑ..... අපි නන්නත්තාර වෙලා ඉන්නේ දැන්