(සමන්ත යම්පත්)
ශ්‍රී ලාංකේය ගායිකාවක හා රංගන ශිල්පිනියක වන වෛද්‍ය කාන්චනමාලා රණසිංහ ගායනා කළ ‘‘පතිනියක වී’’ ගීතය ‘‘ලෝක මහද්වීපික සංගීත සම්මාන – 2024’’ (World international Music Awards) උළෙලේ ආසියානු සම්භාව්‍ය අංශයෙන් අවසන් වටයට තෝරාගෙන තිබේ.
මෙම සම්මාන උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එවැනි අවසන් වටයට ලාංකීය ගීතයක් තෝරාගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ. එහි ආසියානු සම්භාව්‍ය අංශයේ (Asia region Classical) ඉහළම තැන මෙයට හිමි වී තිබීම විශේෂත්වයකි. මෙහි ජයග්‍රාහකයන් අගෝස්තු 25 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ලෝක මහද්වීපික සංගීත සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වරටය.
වෛද්‍ය කාංචනමාලා රණසිංහ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතර ඇය එහි ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනියක ලෙස කටයුතු කරන්නීය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘සිංහබාහු’’ නාට්‍යයේ රඟපෑ මාලිනී රණසිංහ හා ටෙරන්ස් රණසිංහ යුවළගේ දියණිය වන වෛද්‍ය කාංචනමාලාද ‘‘සිංහබාහු’’ නාට්‍යයේ පුෂ්පා දේවිය ලෙස රඟපෑම විශේෂත්වයක් විය. ඇය මේ වනවිට ගීත රඟපෑම විශේෂත්වයක් විය. ඇය මේ වනවිට ගීත රැසක් ගායනා කර අන්තර්ජාලයට එක්කර ඇති අතර, ‘සඳ පහන් රෑ’ නමින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක්ද 2023 වසරේදී මෙරටදී පැවැත්වූවාය.
ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ
සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්
නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මී
පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂ
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාංචනමාලාගේ ‘‘පතිනියකවී‘‘ ලෝක සංගීත අවසන් තරඟයකට
Swene Haputhantirige Friday, 19 July 2024 05:39 AM
සුබ පැතුම්...!
lGPJ Friday, 19 July 2024 07:12 AM
සුබ පැතුම්
Mangala Friday, 19 July 2024 08:19 AM
සුබ පැතුම් ඔබ තුමියට
ප්‍රසන්න Friday, 19 July 2024 08:50 AM
සුබපැතුම්, විශිශ්ටයි ලක් මෑනියන්ගේ දියනියක්
පිටිගල මිලානෝ Friday, 19 July 2024 09:27 AM
කෝ අපේ මාස්ටර්ලාට මෙච්චර දුර එන්න තවම බැරිවුණානේ... මම හිතන්නේ කුහකකම නිසා...
Lakshman kodituwakku Friday, 19 July 2024 03:39 PM
සුබපැතුම්...!
රෝයි ෆෙඩ්රික්ස් Sunday, 21 July 2024 06:19 AM
ඔබ හර්බර්ට් රංජිත් පීරිස්ගේ ටෙලි නාට්‍යක රඟපෑවාද
රෝයි ෆෙඩ්රික්ස් Sunday, 21 July 2024 02:05 PM
සම්මාන ලැබිය යුත්තන්ට කිසි දිනෙක සම්මාන ලැබී නැත, "ඇසට නැතේ " ගීතය ගයන මාලිනී රණසිංහට ගායනය සඳහා සම්මානයක් නොලැබුණේ මන්ද? කොතරම් අකාරුණික, අසංවේදී, නූගත් ජාතියක්ද අපි?