IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කංජිපානි ලංකාවට ගේන්න බලය පවරන්න හිටපු අයි පී කියයි

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නීත්‍යානුකූල ලිපියක් ලබා දෙන්නේ නම්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ලංකාවට ගෙන ඒමේ හැකියාව තමන්ට තිබෙන බව හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා තමන්ට පාතාලයෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව පවසමින්  මීට සිව් මසකට පමණ ඉහතදී දුමින්ද ජයතිලක මහතා හිටි හැටියේ විදේශගත වී තිබිණි.

මේ වන විට ඔහුගේ රාජකාරී වැඩ පොලිස් දෙපාර්තමේන්තුව විසින් තහනමට ලක් කර ඇත. පොලිස් පරීක්ෂක ජයතිලක මහතා ඉකුත් (13) වෙනිදින  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ උපන්දින  සාදයට ද එක් වී තිබූ බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ප්‍රචාරය වී තිබුණු අතර එම ප්‍රචාරයන්ට ද ඔහු මෙලෙස  පිළිතුරු ලබාදී තිබිණි.

පාතාලය එක්ක මගේ කිසි සම්බන්ධයක් නෑ.  මගේ දරුවා මාස පහක් පාසල් ගියේ නෑ. බිරිඳට ඉන්න තැනක් නෑ. ගෙවල් 12කට ගියා . ඒ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා . ඒවා කවුරුත් කතා කරන්නේ නැහැ.

ඒ වගේම ලංකාවේ පාතාල මර්ධනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් රැකියාව කරපු සුවිශේෂී කෙනෙක් මම අදටත් ජාත්‍යන්තර පොලිසියේ සාමාජිකයෙක්. කංජිපාණී ප්‍රංශයේ ඉන්නවා නම් ලංකාවට ගේන්න මට පුළුවන්. ඒකට මට අවශ්‍ය බලය පවරන්න.

කංජිපානි  ලංකාවට ගෙනාවයි කියලා පාතාලය හෝ කුඩුජාවරම නතර වෙන්නේ නෑ. නමුත් ලංකාවට අවශ්‍ය නම් මගේ කොටස කරන්න මම පැකිලෙන්නෙත් නෑ.



අදහස් (8)

කංජිපානි ලංකාවට ගේන්න බලය පවරන්න හිටපු අයි පී කියයි

pakeer Tuesday, 16 July 2024 09:05 PM

බැලූ බැල්මට නම් සුපිරි වැද්දෙක් වගේ .ඇයි අදාළ බලධාරීන්ට මේ මංඋෂ්යාඅ ගැන සම්පූර්ණ වාර්තාවක් ඉල්ලන් බලලා...තීරණයක් ගන්න බැරි ?හැබැයි ඉතින් එහෙම කරන්න නම් කුඩු නවත්තන්නයි ,පාතාලේ නවත්වන්නැයි ...සැබෑ උවමනාවක් ඕනේ

:       2       7

රංබොඩ Tuesday, 16 July 2024 10:53 PM

මෙයා කලක් හොඳ නිලධාරයෙක් වෙන්න ඇති. හැබැයි දැන් නෑ. දැන් විශ්වාස කළ නොහැකි.තැනකයි ඉන්නෙ

:       1       6

Prabha Wednesday, 17 July 2024 12:15 AM

ට්‍රැක් ලන්තේ විහිලු

:       2       4

janahitha Wednesday, 17 July 2024 08:46 AM

හායි හායි මෙයා ඉන්නේ එයාත් එක්කලු එම රටේ මිනිස්සු කියවනවා දැක්කාලු

:       2       1

පිටිගල මිලානෝ Wednesday, 17 July 2024 11:23 AM

ජොබ්ලස් රාලහාමි හිතන්නේ ප්‍රංශයේ ඉන්න මිනිහෙක්ව කනෙන් අල්ලලා සුදු වෑන් එකකට දාගෙන ලංකාවට අරන් එන්න පුළුවන් වගේ….

:       2       4

fairoos Wednesday, 17 July 2024 11:33 AM

දැන් ප්‍රසිද්ධියේ මෙහෙම ප්‍රකාශ කරොත් ජීවිත අවදානම් නැද්ද ?

:       1       1

නන්දන පනා-මිලානෝ Wednesday, 17 July 2024 01:19 PM

මෙයත් කංජිපානිගේම ඉත්තෙක් තමයි. වසන්තයියා මදූෂ්ගේ ඔත්තුව දුන්නා කියලා මෙයා තමයි ප්‍රංශයේදී කන්ෆර්ම් කරලා තියෙන්නේ…

:       2       2

Madush Thursday, 18 July 2024 12:02 PM

අප්පච්චිගෙයි නාම්බගෙයි තව මැති ඇමතිවරු ගොඩ දෙනෙක් කැරෝකේ කෙල්ලෝ එක්ක වැරදි ලෙස හැසිරෙන වීඩියෝ බඩුපොට් වසන්ත ළඟ තියෙන නිසා ජුන්ඩා බන්දු ගහපු ගෙමක් මේක. පාස්කු 2 කිව්වත් හරි. චන්දෙ ලංවෙනකොට පාස්කු 8 විතර තියෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1117 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 320 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2064 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 486 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 966 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 591 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37109 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site