(සුමිත් ප්‍රේමතිලක)
මත්පැන් පානය කොට ගල්පාත ප්‍රදේශයේ අශෝබන ලෙස ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි හැසුරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ප්‍රදේශවාසීන් විසින් ලයිට් කනුවක බැඳ තබා කළුතර උතුර පොලීසියට බාර දෙනු ලැබීය.
පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, මන්ත්‍රීවරයකු බව පොලිසිය කීය.
මන්ත්‍රීවරයා , තවත් පිරිසක් සමග ගල්පාත ප්‍රදේශයට පැමිණ මත්පැන් පානය කොට ඇති අතර පිරිසෙන් මගහැරුණු මන්ත්‍රීවරයා ගල්පාත, බහුරුපොල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අශෝභන ලෙස හැසිරී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.
ඒ අනුව ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව කොහු ලණු කැරලි කීපයක් ගෙන අසල ඇති විදුලි කණුවක බැඳ දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් ලබාදුන් තොරතුරකට අනුව සැකකාර මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර මන්ත්‍රීවරයාව නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇති අතර , සිදුකළ පරීක්ෂණවලදී ඔහු මත්පැන් පානය කොට සිටි බවට තහවුරුව ඇතැයි පැවසේ.
සැකකරු අද (22) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කට්ට පැන්න මන්ත්‍රී ගස් බඳියි
විජිත් Monday, 22 November 2021 08:41 AM
මම කාලයක් තිස්සේ බලාපොරොත්තුවූ සතුටුදායක සිදුවීමක්. නිර්භීත ,අවංක ගම්වාසී මහත්වරුන් සියලු දෙනාටම මගේ හදපිරි ආචාරය. අපේ රටේ මිනිස්සුන්ගේ චින්තන රටාවේ අංශක 180 ක නැම්මක් ඇතිවේගෙන එන බව දැන් හොඳින්ම පැහැදිලියි. " දේශකාපාලුවන් " පිටු දැකීමේ සටනට අවශ්‍යම දෙයක් තමයි " සන්නිවේදනය " . අපේ රටේ මිනිස්සු වැඩි ප්‍රමාණයක් දේශකාපාලුවෙක් දුටුවිට ඒකාට වඳින පුරුද්දක් තියෙනවා. නිදහස්, නිවහල් මිනිස්සුනේ, දැන්වත් දෙවරක් හෝ තුන් වරක් හිතලා, කල්පනා කරලා බලලා ඔය නරුම දේශකාපාලුවන්ට වැඳීම නවත්වන්න. එයින් ඔබ ඒ නරුමයාට සන්නිවේදනය කරනවා .." අපි තවදුරටත් මෝඩයින් නොවෙයි ..." වැනි අනතුරු ඇඟවීමක්. අර බේබදු මන්ත්‍රීව ගස් බැඳපු අයට ආයෙත් වරක් " හැට් ඕෆ් " . මේ සිදුවීම ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට අනාගතයේදී ප්‍රායෝගිකව අවශ්‍ය විය හැකි මහඟු ආදර්ශයක් වේවි. මම ( ලංකාදීපයෙන් ) බලාගෙන ඉන්නවා... මීළඟට ගම්වල මිනිස්සුන්ගෙන් බැස්ටිය කන හොර ,නරුම , අසික්කිත දේශකාපාලුවා.... කවුද කියලා.
පූජා. Monday, 22 November 2021 11:16 AM
ඇත්තෙන්ම විජිත් ඔබ හරි. අද දවසේ අසන්නට ලැබුනු සතුටුදායකම ප්‍රවෘත්තිය.. නිර්භීත ගම් වැසියන්ට මගේත් හදපිරි ආචාරය. දැන් දැන් රටේ ජනතාවට සත්‍ය අවබෝධ වීම සතුටට කාරනයක්. ඒත්, මගේ සිතට නැඟෙන පැනය නම් මේ බේබදු මන්ත්‍රීවරයාට නීතිය කෙසේ බලපානවාද කියායි. ඔබ දන්නවා මේ රටේ නීති දෙකක් ඇති බව. දුප්පතාට එක නීතියකුත් ඇති හැකි අයට තව නීතියකුත් ඇති බව. අපි බලාගෙන ඉමු මොනවාද වෙන්නෙ කියලා.
හර්මානිස් Monday, 22 November 2021 02:16 PM
මෙහෙම කල පිරිසට උපහාර වේවා .එහෙම වුනත් ඔවුන් පසුපස සුදු වෑන් නොආවොත් තමා පුදුමෙ .බලමු ඒවසමෙ කාරියකරන්නා මොකද කියන්නෙ කියලා
RaveendraMonday, 22 November 2021 02:26 PM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අප මෙසේ සිදුවිය යුතුයි යන්න මිට පෙර කීප වතාවක්ම මෙම පුවත්පතේ සදහන් කර ඇත. එය ඵල දැරීම දැකීම සතුටකි. නුදුරු අනාගතයේදීත් දේශපාලුවන් මෙසේ අවලං විදියට හැසිරෙන්නේ නම් කිසිදු පක්ෂ බේදයකින් තොරව එවන් "බල්ලන්ට" තමන්ගේ ඒ ආදරණිය මවගෙන් බිවු මිලකළ නොහැකි මව්කිරි මතක්වෙන්නම දෙන එක දිය යුතුය. රුපද වෙනස් වෙන්නම. මෙම අදහස් පට්ටියේ දේශපාලුවන් 226 ම කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා....
Malika Monday, 22 November 2021 09:10 AM
නාඩගංකාරයෙක්ද කොහෙද. ගම්මු හොද ආදර්ශමත් දෙයක් කරලා.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 November 2021 09:27 AM
වැඩිකල් නොගොස් පාර්ලිමේන්තුවේ උදවියටත් මේ ආනිසංශයම දීමට ජනතාව පටන් ගත්තොත් එහෙම, වැඩේ ලේසි පහසු වෙන එකක් නැහැ.
sharm warn Monday, 22 November 2021 10:18 AM
ඔන්න ඔහොම කෙලින් වැඩ කරන්න.
Shashika519 Monday, 22 November 2021 10:22 AM
රටේ කොහෝ හෝ තැනක ජරා වැඩක් උනොත් ඒ පොහොට්ටුවේ කෙනෙක්ස ම්බන්ධයි.
SL Monday, 22 November 2021 10:57 AM
ප්‍රාදේශීය සභා වල වැඩිපුර ඉන්නේ ගමේ බෝක්කු වල ඉඳගෙන ,දවස කාපු අය. සභාපති දන්නේ නැහැ සභාවේ ඉන්න රාජ්‍ය සේවකයෝ කරන්නේ මොනවද, කොච්චර කාලයක් ගන්නවාද වැඩක් කරන්න ,කොච්චර වැඩ ප්‍රමාණයක් ඉතිරිවෙලා තියෙනවාද කියල . දවසේ -දෙකේ වැඩේ මාස ගණන් අදිනවා . මේවා රටට බරක්.................ඉන්දියාව දුන්නු පැටලුණු ඉන්දියාප්පයක් !!
Malika Monday, 22 November 2021 11:46 AM
ඒක නිසයි රටේ ආරක්ශාව වැඩි කරලා තියෙන්නේ. දුර දක්නා නුවනක් නේ අපේ පාලකයින්ට තියෙන්නේ.
ravin Monday, 22 November 2021 11:53 AM
මෙම ගම් වාසීන් උත්තම සේවා සම්මානයට සුදුසුකම් ලැබුවෝ වෙති .මුළු රට වැසියන්ම (කාලකන්නි හෙන්චයියලා හැර )ඔයිට ඉහලින් ඉන්න උදවියටත් ඔය ආකාරයෙන්ම සත්කාර කිරීමට දෛර්ය ලැබේ වායි ප්‍රාර්ථනා කරමු
Always Monday, 22 November 2021 12:25 PM
පොහොට්ටුවෙනේ ,මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක
de silva Monday, 22 November 2021 01:40 PM
ඉතා හොඳ ක්‍රියාවක් .මුලින්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ට පක්ෂ භේදයකින් තොරව විනය උගන්වමු .ඉන්පසු පළාත් සභා ,පාර්ලිමේන්තු ව්‍යාප්ත කරමු