( තිළිණි ද සිල්වා )
කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගී තදබදය අවම කිරීම සදහා ආගමන හා විගමන පහසුකම් පුළුල් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ යටතේ ගුවන්තොටුපලේ විගමන කවුළු සංඛ්‍යාව 18 සිට 23 දක්වා වැඩි කිරීමටත්, ආගමන කවුළු සංඛ්‍යාව 25 සිට 31 දක්වා ද වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා පැවසීය .
මෙම ආගමන හා විගමන කවුළු නවීන තාක්ෂණයෙන් ද සමන්විත බව හෙතෙම කීය.
කටුනායක ගුවන් තොටුපළේ විගමන කටයුතු සදහා වෙන් වු ප්‍ර දේශය පහසුකම් සහිතව වැඩි දියුණු කිරීම, ආගමන කටයුතු සදහා පහසුකම් සහිත නව ප්‍රදේශයක් වෙන්කිරීම හා තිරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදිකිරිමට ද කටයුතු කෙරෙමින් පවතින බව ඇමතිවරයා පැවදීය.
නව ආගමන ගුවන් බඩු පර්යන්තයක් ද අදියර කීපයක් යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ.
කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික මගී ධාරිතාව ගුවන් මගීන් මිලියන 06 ක් වන අතර මේවන විට කටුනායක ගුවන් තොටුපළ වාර්ෂිකව මිලියන 10 ක මගී මෙහෙයුම් සිදු කෙරේ.
දැනට ක්‍රියාත්මක කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘති යටතේ වාර්ෂික ගුවන් මගීන් ධාරිතාව මිලියන 15 ක් දක්වා වැඩි කිරීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පවතින මගී පර්යන්තයන්හි මගී ධාරිතාව වැඩි කිරීම සදහා ප්‍රතිව්‍යුහගත කිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති අතර ගුවන් තොටුපළේ රැදී සිටින කාලය තුළ විවේකාගාර පහසුකම් ඉල්ලා සිටින මගීන්ට එම සේවාව ලබා දීම සදහා දැනට ඇතිවිවේකාගාර අදියර කිපයක් යටතේ නවීකරණයට සැලසුම් කර ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කීය.
කටුනායක ගුවන්තොටුපලේ මෙම ප්‍රතිසංස්කරණ කිරීම් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා නිරීක්ෂණය කළේය.
තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කටුනායක ගුවන්තොටේ ආගමන විගමන පහසුකම් පුළුල් කරයි
Nimal Ambalangoda Wednesday, 23 June 2021 06:30 PM
මොනවා කරත් වැඩක් නෑ. ආගමන/විගමන කවුලු වල තදබදය අඩු කරන්න ලාංකිකයින්ට වෙනම කවුලු වෙන් කරන්න...