IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කටුනායක ගුවන්තොට පුළුල් කිරීම ප්‍රමාද වීමෙන් මිලියන ගණනක පාඩුවක්

( තිළිණි ද සිල්වා )

යහපාලන රජයේ අදූරදර්ශී පාලනය නිසා කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපොල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය  නියමිත  කාලයේදී අවසන් කිරීමට නොහැකි වීමෙන්   රුපියල්  මිලියන 11,050 ක   බරපතල පාඩුවක් දැරීමට සිදුව ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  පැවසීය.

එය මෙරට ආර්ථිකයටද සෘජුව බලපා ඇතැයි සංචාරක අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මුල් සැලසුමේ යෝජනා වී තිබූ ගොඩනැගිල්ලේ වහලයේ නෙළුම් මලක හැඩය   වෙනුවට ශාක පත්‍රයක හැඩයට වහලය ඉදි කිරීමට යහපාලන රජය කටයුතු කිරීම නිසා  පමණක්  2016 වසරේදී මේ සදහා අමතරව  වැය කළ මුළු මුදල රුපියල් මිලියන 661 ක් යැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

නව ව්‍යාපෘතියට ජපාන රජය ලබාදී ඇති ජපන් යෙන්  මිලියන 334න් පළමු ණය මුදල ගෙවීමට ලබාදී ඇති කාලය වසර තිහක් වන අතර එය ගෙවීම ලබන වසරේ සිට ආරම්භ කළ යුතුව බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටියේය.

ගුවන්තොටුපොළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කිරීමට පෙරම  වත්මන් රජයට මෙම ණය මුදල ගෙවීම ආරම්භ කිරීමට සිදුව ඇත්තේ යහපාලන රජයේ  අදූරදර්ශී  වැඩපිළිවෙළ හේතුවෙන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි

2008 වර්ෂයේ අනුමත කළ සැලසුම් ප්‍රකාරව බණ්ඩාරනායක ගුවන් තොටුපලේ  සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම සඳහා මිල ගණන් කැඳවනු ලැබුවේ 2012 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී බවත් , දල වශයන් රුපියල් බිලියන 6 ක ආයෝජනයක් වන  එම ව්‍යාපෘතිය 2015 වර්ෂයේ දී නිම කිරීමට අපේක්ෂා කළ බවද හෙතෙම සදහන් කළේය.

මෙම ව්‍යාපෘතිය  2014 වසරේ දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය සිංෂුවා අබේ  මහතා විසින් මුල් ගල තබා වැඩ ආරම්භ කළ නමුත් 2015 වසරේදී යහපාලන රජය බලයට පත්වීමත් සමඟම ගුවන් තොටුපළ පුළුල් කිරීමේ   ව්‍යාපෘතියේ   ඉදිකිරීම් විවිධ හේතු දක්වමින් ප්‍රමාද කිරීමට පියවර ගත් බවද සංචාරක අමාත්‍යවරයා කීවේය.

මෙලෙස දිගින් දිගටම ප්‍රමාද කරමින් පැවති මෙම ව්‍යාපෘතියේ  ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව සිදු වූ අතර  සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලු නිරාකරණය කර ඉදිකිරීම් කඩිනම් කිරීමට  පියවර ගත් බවද අමාත්‍යවරයා  සඳහන් කළේය.

යහපාලන රජයට රට ගොඩනැඟීමේ අවශ්‍යතාවයට වඩා රාජපක්ෂවරුන්ගේ පළි ගැනීමේ උවමනාවක් පැවති බවට ගුවන් තොටුපළ පුළුල් කිරීමේ  ව්‍යාපෘතිය හොඳම උදාහරණයක් බවද අමාත්‍ය වරයා පෙන්වා දෙයි.



අදහස් (8)

කටුනායක ගුවන්තොට පුළුල් කිරීම ප්‍රමාද වීමෙන් මිලියන ගණනක පාඩුවක්

nanju Thursday, 25 November 2021 10:52 AM

මත්තල හදනකන් මේක හදන්න තිබුනනේ

:       48       19

BamunuarachchiThursday, 25 November 2021 08:32 PM

ඒ කාලේ මේක හදන්න ගත්තානම් රටට එන ප්ලේන් බාන්නේ ඔහේගේ ඔඩොක්කුවටද? දැන් විකල්පයක් තිබෙනවා ගුවන් පථයේ අලුත් වැඩියා පටන් ගත්තත් ප්ලේන් බාන්න අපිට තව ගුවන් තොටුපලක් තිබෙනවා.

:       0       0

රත්නායක Thursday, 25 November 2021 11:04 AM

මෙයාලගේ දූරදර්ශි කම කාබනික පොහොර නාඩගමින් හොඳින් පේනවා.

:       17       23

de silva berlin Thursday, 25 November 2021 11:05 AM

ඔය තිබෙන එක හොඳටම ඇති ,අවශ්‍ය වන්නේ දැනට තිබෙන ආගමන සහ චෙක් කවුන්ටර් වල අවශ්‍ය ප්‍රමාණයට නිලධාරීන් සහ සේවකයින් අනුයුක්ත කිරීමය

:       30       17

පැරකුම් Thursday, 25 November 2021 11:41 AM

මට නම් පෙනෙන්නෙ පාඩුව කොමිස් කාක්කන්ට වගේ…!

:       23       15

BamunuarachchiSunday, 28 November 2021 10:40 AM

ජෙප්පන්ට පෙනෙන්නේ වැඩක් කරන මිනිස්සුන්ගේ කොමිස්. පඩිය පක්ෂෙට දීලා ළමයි ස්විට්සර්ලන්තේ තියාගෙන ජෙප්පන්ට සැපට ඉන්න සල්ලි ලැබෙන්නේ කොහොමද කියලා තාප්පවල, පාප්ප ගැන ජෙප්පන් සොයන්නේ නැහැ...

:       0       0

පිටිගල මිලානෝ Thursday, 25 November 2021 11:57 AM

මත්තල හිස්ව තියාගෙන ඒක හදපු අයම කියනවා කටුනායක ලොකු කරන්න ඕනෙ කියලා. ඉතින් මත්තල හදන්නේ නැතුව කටුනායක ලොකු කරන්න තිබුනනේ. මූලික වුනේ රටේ සංවර්ධනය නෙවෙයි කොමිස් කුට්ටියි.

:       40       22

Lalith M Thursday, 25 November 2021 08:08 PM

කොමිස් ගහන එක නුඹලාට ඉඩදෙන්න වෙන්න ඇති ඕක කල්දාන්න ඇත්තේ. බනින්නේ නැතිව සතුටු වෙන්න මැතිතුමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 228 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 287 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 276 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 488 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 1921 2

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 333 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27163 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18889 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site