(කේ.එල්. චාමින්ද)
ගාල්ල කොටුපවුර මතින් ඇද වැටිමෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ තවලම ගමගේ ජනිත් චන්දුල (21) නැමති කුරුදුවත්ත, හපුගල ,වක්වැල්ල ප්‍ර දේශයේ පදිංචි තරුණයෙකි.
මොහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තම මිතුරන් පිරිසක් සමග ගාල්ල කොටුව නැරඹිට ගොස් ඇත. මොහු ගාලුකොටුවේ පැරණි ප්‍රදිපාගාරය අසලදි කොටුපවුර මතින් ගමන් කරමින් සිටියදි ඇදවැටි ඇති බව පොලිසිය පවසයි.
මොහු කොටුපවුර මතින් ඇදවැටෙන අයුරු මිතුරන් දැක නොමැති බවද පොලිසිය පවසයි.
කොටුපවුර මතින් ඇද වැටි බරපතල තුවාල ලබා සිටි තරුණයා පොලිස් නිලධාරින් විසින් ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත්කොට ඇත. ඒවනවිටත් මෙම තරුණයා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු
ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ තරුණයකු ඊයේ ( 29) බරපතල තුවාල ලබා ගාල
ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොටුපවුරෙන් වැටී තරුණයෙක් මරුට