( තිළිණි ද සිල්වා )
කටාර් හි දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති දෙකකට තාවකාලිකව වසා දැමූ බව එම තානාපති කාර්යාලය කියා සිටී.
එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද එම තානාපති කාර්යාලය අද (23) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව ඊයේ(22) සිට ලබන ඔක්තෝබර් මස 5 වන දින තෙක් තානාපති කාර්යාලය තාවකාලිකව වසා තැබෙන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සිය නිවේදනයේ සදහන් කර ඇත.
කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වීමත් සමග ආරක්ෂිත පියවරක් ලෙස තාවකාලිකව එම කාර්යාලය වසා දැමීමට තීරණය කළ බව එම තානාපති කාර්යාලය කියා සිටී.
එම සේවකයා ඔහු එරට වෛද්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට එම වයිරසය වැළදී ඇත්දැයි යන්න තහවුරු කර ගැනීමට පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමු කළ කර ඇත.
දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා කාර්යාලයට නිරතුරුවම ලාංකිකයින් විශාල පිරිසක් කොන්සියුලර් සේවා සදහා පැමිණෙන හෙයින් ඔවුන්ගේ ආරක්ෂාව සදහා සති දෙකකට එම කාර්යාලය වසා දමා තීරණය කළ අතර මෙම කාලය තුළ හදිසි සේවාවන් සඳහා [email protected] විද්‍යුත් ලිපිනය හෝ 00974703413 සහ 00970088771දුරකථන අංක භාවිතා කරන්නැයි ද තානාපති කාර්යාලය දැනුම් දී සිටී.
සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සේවය කළ අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමග එම කාර්යාලය ද සති දෙකක කාලයකට තාවකාලිකව වසා දැමිණි.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති දෙකකට වසයි
සනත් ඉතාලිය Wednesday, 23 September 2020 01:44 PM
මෙතන කුමක් හෝ යටිකූට්ටු වැඩපිලිවෙලක් තියනවා. ඊයේ සෞදි, අද කටාර් විදේශගත ශ්‍රමිකයින්ව දිනෙන් දින නන්නත්තාර කරනවා. බලධාරයිනි, අපි දිහා මීටවඩා සානුකම්පිතව බලන්න.
IMRAN Thursday, 24 September 2020 05:50 AM
ඕක දිගටම වහලා දාන්න. තිබුණා කියලා මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ.