IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කොටුව දුම්රිය පොළ අසල විරෝධතාවයක්

තවත් විධායක ජනාධිපතියෙක්එපා යන තේමාව යටතේ විරෝධතා වැඩසටහනක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරියේදී අද (8) පැවැත්විණි.

අලුත් පියාපත් සංවිධානය එය සංවිධානය කර තිබිණි.

මෙම වසර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන වසර බවට පත් කිරීම මෙම විරෝධතා වැඩසටහනේ අරමුණ යැයි එහි සංවිධායකයෝ කීහ. 

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සනිටුවහන් කරමින් අවමංගල්‍යක ස්වරූපය විදහා දැක්වෙන පරිදි මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.  

ශෝකය ප්‍රකාශ කරන අයුරු දැක්වෙන බැනරයක් ද එහි තිබූ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහාය දක්වමින් බොහෝ පිරිසක් ඊට අත්සන් තැබූහ. 

විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කර වසර 41ක් ගෙවී ගොස් තිබුණත් රටට පිළිලයක් වී තිබෙන අහෝසි කිරීමට නොහැකි වී ඇති බව විරෝධතා වැඩසටහනේ සංවිධායකයෝ කීහ.

තවත් ජනාධිපතිවරයකුගෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නැයි නොඉල්ලන බවත් මේ වසර විධායක ජනාධිපති ධුරයේ මළගම සනිටුවහන් කරන වසර බවට පත් කරන බවත් ඔවුහු කීහ.

ඒ වෙනුවෙන් මෙම විරෝධතා වැඩසටහනට සමගාමීව රට පුරා විරෝධතා පැවැත්වෙන බව කී ඔවුහු ඉදිරියේදී රට පුරා විරෝධතා වැඩසටහන් පවත්වන බව ද සඳහන් කළහ. 

ඡායාරූප - ළහිරු හර්ෂණ

 



අදහස් (36)

කොටුව දුම්රිය පොළ අසල විරෝධතාවයක්

ලේක්කෝ ගලබඩ Tuesday, 08 January 2019 01:48 PM

විධායක ජනාධිපති ක්‍රමය නිසා තමයි ලංකාවේ ඡන්ද දායකයින්ට පුළුවන් වෙන්නේ තමන් කැමති කෙනාට ඡන්දය දී රටේ නායකයා කරන්න. එසේ නොමැතිව රටේ නායකයා පත් කරන්න පාර්ලිමේන්තුවට බලය දුන්නොත් වෙන්නේ ඒ අය මුදලට යටවී (විශේෂයෙන්ම ඩයස්පෝරාවේ) සිංහල බෞද්ධ නොවන නායකයෙක්ව වුනත් පත් කර ගන්න. එනම් යුද්ධයෙන් ලබා ගත නොහැකිවූ දේ අප රවටා සහ මුදලකට ලබා ගැනීමයි. බොහෝ මන්ද බුද්ධික ලාංකිකයන්ට මෙය නොතේරේ...

:       0       0

wikum Tuesday, 08 January 2019 01:53 PM

හොඳයි හොඳයි මේ ළමයි ටික කීයක් හරි හම්බ කරගන්න එක.

:       0       0

anura Tuesday, 08 January 2019 01:59 PM

මේ කොහෙන් ආපු අයද ?

:       0       0

suranga Tuesday, 08 January 2019 03:23 PM

දීන මානසිකත්වයක් ඇති අයට හැර උගත්, බුද්ධිමතුන්ට විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍ය නොවේ...

:       72       18

බැංකු සුද්දා Tuesday, 08 January 2019 05:04 PM

ඔය ඡන්ද ගන්න දේවල් රනිල් මහාතාට බැහැ. ඉතින් මොන මගුලකටද? ඔය පින් අගමැති හොඳටම ඇති...

:       75       25

Kumar Tuesday, 08 January 2019 05:36 PM

ඔයගොල්ලෝ එපා කිව්වට හෙට විධායක ජනාධිපතිලාට කැමති කූඩැල්ලෝ ගොඩක් ඒකට කැමැත්ත ප්‍රකාශ කරනවා.

:       1       11

ධම්ම Tuesday, 08 January 2019 05:47 PM

ජේ.ආර්ට දෙන්නත් එපා.. දුන්නොත් ආපහු ගන්නත් බෑ කියලා කවුදෝ කිව්වා මේ කතන්දරේ තමයි. මදැයි 77දී දීලා කරගත්තු හරිය..

:       0       18

chandima Tuesday, 08 January 2019 06:25 PM

රනිල් කීය ගානේ දුන්නද? මේ අයට මුළුමහත් රටේම ඡන්ද දායකයින්ගේ ඡන්දෙන් පත්වෙන විධායක ජනාධිපති තනතුර අහෝසි කරලා, පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දෙන් අගමැති වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පස්ස දොරින් විධායක බලතල අතට අරන් රජවෙන්න පුළුවන් වෙන විදියේ ව්‍යවස්ථාවක් හදාගන්න උද්ඝෝෂණ කරන්න...

:       123       173

chandima Tuesday, 08 January 2019 06:57 PM

මේකයි එහෙනම් සජිත්ට කිව්වේ ඔය ජනාධිපති මම අගමැති කියලා නේද? ගොනා හැරෙනකොට අපට කියන්න පුළුවන් පොල් පැලේට වැඩක් දෙන්න තමයි යන්නේ කියලා...

:       4       54

kamik Tuesday, 08 January 2019 07:20 PM

අපි එකඟයි මේ දැන් ඉන්න ජනාධිපති... රටත් කෑවා... ජනාධිපති කමේ ගරුත්වයත් කෑවා...

:       113       179

chandimaWednesday, 09 January 2019 01:15 PM

ඉන්න ජනාධිපති රට කෑවා නම් එයා එලවලා හොඳ කෙනෙක් පත්කරගන්න ජනතාවට අවස්ථාව දෙනවා මිසක්, ජනාධිපති තනතුර අහෝසි කරනවා කියලා ජනතාව ගොනාට අන්දවලා විධායක බලතල අගමැති අතට ගන්න එක හරිද? විශේෂයෙන්ම ඒ විධායක බලය, පිටරට වලින් කියන කියන විදියට නටන, උතුර වෙන්කරලා වෙනම ප්‍රාන්තයක් දෙන්න උත්සාහකරන, සිංහල ජාතිය විනාශකරලා රටේම මිනිස්සු සුද්දෝකරන්න උත්සාහ කරන, කොළඹ හෝටල්වල සම්මන්ත්‍රණවලින් රටේ ගොවිතැන නංවන්න හිතාගෙන ඉන්න, මේවගේ රූකඩයෙකුගේ අතට ගියොත් රටට මොකද වෙන්නේ? විශේෂයෙන්ම ජනතාවගේ නියෝජිතයෙකු පාර්ලිමේන්තුවට යැවීමට නොහැකි, ඒ අයගේම තක්කඩි රැළකට කතිරේ ගසන්න වෙලා තිබෙන සහ ඕනෑම වෙලාවක හොඳ සන්තෝසමක් දීලා ඒ අයගේ අත් උස්සවාගෙන ඕනෑම පඹයෙකුට රටේ අගමැති වෙන්න පුළුවන්කම තිබෙන අවධියක? අැම දැකපු පළියට ගිලින්න එපා. විධායක ජනාධිපති තනතුර අහෝසි කරලා මීළඟට විධායක බලතල ගන්න කෙනා තමයි රටේ නියම පාලකයා වෙන්නේ... ඒ පාලකයාව ඔබේ ඡන්දයෙන් පත්කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හැකිදැයි බලන්න. මෛත්‍රීපාල එජාප, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවබෝධතා ගිවිසුමට අනුව මුල් අවුරුදු තුනේ එයාලට සහයෝගය දුන්නා. ඉන්පස්සේ අපට ඇහෙන්න බොරු ආඩපාලි දෙස් දෙවොල් තියල මාරුවුණා.

:       238       217

iron Tuesday, 08 January 2019 07:22 PM

මේ රටේ ජනාධිපති තනිකරම කරන්නේ විකාරනේ...

:       29       128

වික්‍රම Tuesday, 08 January 2019 09:44 PM

ඔව් ඔව් යන්න පාර්ලිමේන්තු ක්‍රමේට එතකොට බලාගන්න පුළුවන් වේවි, ජාතිවාදී ආගම්වාදී පක්ෂ මේ රට තමන්ට උවමනා විදියට පාලනය කරන හැටි. විධායක බලය තමා මේ රට යම් තරමකින් හෝ ආරක්ෂා කරයි..... අපි අද නිදහසේ හුස්ම ගන්නෙත් ඒ විධායක බලයට පින් සිද්ද වෙන්න

:       237       252

chandimaWednesday, 09 January 2019 05:36 PM

අද රටේ ඕනෑම පුරවැසියෙකුට ස්වාධීනව තනිතනිව ඉදිරිපත්විය හැකි එකම තනතුර ජනාධිපති තනතුරයි. අවශ්‍ය නම් එ්කට ඔබටත්, මටත් ඉදිරිපත් විය හැකියි. නමුත් පාර්ලිමේන්තුවේ වෙනත් එකම තනතුරකටවත් කණ්ඩායමක් ලෙස හෝ පක්ෂයකින් විනා ඉදිරිපත් විය නොහැකියි. සාමාන්‍ය ජනතාවට රටේ විධායක සහ ව්‍යවස්ථාදායක තනතුරකට ඉදිරිපත් වීමට ඇති කඩතුරා සියල්ල වසා දමා ඇති අවධියක විධායක බලතල ඇති ජනාධිපති තනතුර අහෝසි කිරීම යනු ඔබේත්, මගේත් සර්වජන ඡන්දබලය අහෝසිකර ඒකාධිපතියක් බිහිකළා හා සමානයි. රට ගොනාට අන්දවා රටේ විධායක පාලකයා තෝරා ගැනීමට ඇති අයිතිය ජනතාවගෙන් උදුරාගැනීමට රනිල් උපායශීලිව කටයුතු කරන බව තේරුම් නොයාම රටේත්, ජාතියේත් අවාසනාවකි.

:       0       0

P.Ilangaratne Tuesday, 08 January 2019 10:57 PM

පෙනුමෙන් නම් තවත් සමනල රෑනක් වගේ.

:       29       89

canada dissa Tuesday, 08 January 2019 11:40 PM

මෙහෙම ගියොත් රටට බුදු සරණයි

:       15       2

අනුර Wednesday, 09 January 2019 02:27 AM

විධායක ජනාධිපතිකම අහෝසි කිරීම අවශ්‍යද? නැද්ද? යන්න පිළිබඳ මත විමසුමක් කරලා බලමුද?

:       0       18

vipula Wednesday, 09 January 2019 03:11 AM

අලුත් පියාපත් .....කවූ ද මේ කියන සංවිධායකයෝ .... මෙතන ඔක්කොම පස් දෙනෙක් විතරනේ ඉන්නේ ...

:       3       25

sudesh Wednesday, 09 January 2019 03:23 AM

විධායක ජනපති රටට අත්‍යවශ්‍යයි.

:       66       62

wasantha Wednesday, 09 January 2019 03:33 AM

ඇයි "විධායක අගමැතිකම"? ඒක තිබුනට කමක් නැද්ද? රටේ තියන ප්‍රශ්නයක් කතා කරන්නකෝ මේ මල විකාර නැතුව

:       1       26

wasantha Wednesday, 09 January 2019 03:42 AM

එතකොට අපි නම් අහල තියෙන්නේ අර තිස් වසරක ශාපලත් යුද්ධය අවසන් කරන්න මුලික හේතුව මේ විධායක ජනාධිපති ක්‍රමය කියලා, මොකද එදත් මේ වගේ ගෙම්බා පනින ඇමතිලා එක්ක යුද්ධය ඉවර කරන්න ගියානම් අපි තාමත් අපි බෝම්බ පරාවක් කනවා. එදා හිටපු ජනාධිපතිට හිතුන, ගහලම ඉවර කරා. මටනම් පේන විධියට මේ "විධායක ජනාධිපති ක්‍රමයට" බයේ ඇබරෙන්නේ ඔය "සම්බන්ධන්ලා" "විග්නේශ්වරන්ලා" වගේ ජාතිවාදීන් සෙට් එක විතරයි

:       73       323

HafeelWednesday, 09 January 2019 07:07 AM

වසන්ත තිස් වසරක යුද්ධය අවසන් කිරීමට පවතින විධායක ක්‍රමය කිසිම දායකත්යවයක් නැහැ. යුද්ධය දිනන්න මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම, හදිසි නීති සම්මත කිරීම සේරම කළේ හා කලයුත්තේ පාර්ලිමේන්තුවෙන් මිස විධායක බලතලයෙන් නොවේ. විධායකයා කළේ අණ දීම පමණයි. ඔතන මහින්ද මහත්තය අගමැති දුරයේ ඉඳගෙනත් ඔය අණ දීම කළ හැකියි. අනික මහින්ද මහත්තයාගේ මහින්ද චින්තනේ කොතැනකවත් කියලා නැහැ කොටින්ව යුදමය වශයෙන් පරාජය කරන බව.... සාකච්ඡාවෙන් හා බලය බෙදාහැරීමෙන් එදා ප්‍රශ්නය විසඳන බව තමයි මහින්ද චින්තනේ කියා තිබුණේ. ඒ සුහද ගණුදෙනුව නිසා තමයි රාධා ආයතන හරහා සුනාමියට ආපු මුදල් කොටින්ට දුන්නා. නමුත් ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ ඒ විධායකයාට බල කළා කොටි දන්නා භාෂාවෙන් උත්තර දෙන්න කියලා. අනික මහින්ද, චන්ද්‍රිකා, මෛත්‍රී තුන්දෙනාම පොරුන්දු වුණා... විධායක ධුරය අහෝසි කරන බව. එ්කට මේ රටේ ජනතාව අවස්ථා පහකදී වරම දුන්නා. විශේෂයෙන්ම මහින්ද මහත්තයා යුද්ධය දිනුවෙන් පසු 2010 ජනාධිපතිවරණයේදීත් නැවත වරක් පොරුන්දු වුණා. විධායක ධුරය අහෝසි කරන බව... නමුත් එවිල්ල කළේ තුන්වෙනි පාරත් තරංග කරන්න.. තනි පුද්ගලයක් සඳහා රටේ ව්‍යවස්ථාවත් වෙනස් කරලා ඉල්ලන් කෑවා...

:       178       84

janatha anuraWednesday, 09 January 2019 10:08 AM

හෆීල් ඔබ හරියටම හරි, රනිල් මහත්තයාගේ පොතේ පමණයි කොටි සහමුලින්ම නැති කරනා ලිපිය තිබ්බේ... මධ්‍යම කවුන්සිලය සහ රාජ්‍ය ඔත්තුසේවා පණගන්වා එතුමාගේ රජය කොටි සහමුලින්ම පරාජය කළා නොවැ. එදා ප්‍රභාකරන් මහත්තයට මචන් කියන තරමට සහජීවනය උපාය මාර්ග ක්‍රියාත්මක වුණු හමුදාව කවදාවත් පාමංකඩ යැව්වේ නැහැ. මැදවච්චි ගියේ නැහැ ඔන්න ඕකයි ඇත්ත තත්වේ...

:       22       18

HafeelWednesday, 09 January 2019 11:51 AM

අනුර, මම කිව්වේ විධායකය නොමැතිවත් යුද්ධය මෙහවන්න පුළුවන් බව. ප්‍රේමදාස, මහින්ද, රනිල් සේරම කොටින්ට උදව් කළා. කොහොමටත් මම රනිල්ව අනුමත කරන්නේ නැහැ...

:       3       15

දිලුම් Wednesday, 09 January 2019 03:45 AM

කවුද දන්නෙ නෑ මේ ඩොලර්වලට කහින කාක්කෝ. දැං රටේ නැති සංවිධානයක් නෑ. නම අලුත් පියාපත් ලු. කාගේ හරි කීමට ඇවිත් බුරනවා උනාට කියන දේ තේරුමවත් දන්නේ නෑ.

:       30       185

kithsiri Wednesday, 09 January 2019 03:55 AM

මේ කවුද? කාගේ මතයද ඉදිරිපත් කරන්නේ? ලංකාව වගේ රටකට අනිවාර්යයෙන්ම විධායක ජනාධිපතිවරයකු උවමනායි. පුළුවන් නම් පාර්ලිමේන්තුව වහල දාන්න කියලා උද්ගෝෂණයක් කරන්න. ඒක අනවශ්‍ය ලෙස රටේ සම්පත් විනාශ කරනවා. ඊටත් වඩා ඒකට යන අය රට කනවා.

:       37       101

Darshana Wednesday, 09 January 2019 04:05 AM

අගමැතිවරයෙකුගේ ක්‍රියාකලාපය නතර කලේ ජනාධිපතිවරයා විසිනි. ඒ වගේ වෙලාවක ජනාධිපති තනතුරක ඇති වටිනාකම තමයි පෙනෙන්නේ. කොහොම උනත් දැන් ඉන්න අගමැතිගේ වැඩක් වෙන්න ඇති මේ වැඩෙත් .. මොකද එතකොට රිසි සේ වැඩ කරගෙන යන්න පුළුවන්නේ...

:       29       135

SARATH Wednesday, 09 January 2019 04:16 AM

මේ අය රටේ මුළු ජනතාවම නියෝජනය කරනවද නැතිනම් අරමුදල් සපයන අය නියෝජනය කරනවද. NGO නඩ වල ඉන්න හැමෝගෙම ගෙවල් වල තත්වය, ජීවන තත්වය බලපුවහම පෙනෙනවා ,මෙයාලට තියෙන්නේ රට හරි විකුණලා මුදල් සොයාගැනීමේ ආශාවක් . හොඳ 225 හොයාගන්නවට වැඩිය එක හොඳ ජනාධිපති කෙනෙක් හොයාගන්න ලේසියි.

:       53       100

සෙනරත් Wednesday, 09 January 2019 04:23 AM

කොහෙන් හරි පළාත් සභා බල ගන් වලා මධ්‍යම පාලනයෙන් ඉවත් වුනොත් අනිවාර්යෙන්ම ස්වාධින රජයන් බිවෙනවමයි. ඒවා වර්ගවාදී වී බිහිසුණු තත්වයක් ඇතිවේ. මෙය උතුරේ පමණක් නොවෙයි දකුණේත් වනු නියතය. මේක අපට නොතේරුනාට සැතපුම් දහස් ගනනක් එපිට සිටින දුරස්ථ පාලකයන් හොඳ හැටි දනී. මධ්‍යම පාලන බලතල අර 225 ට ලැබුනොත් වැඩේ හරිම භයානකය.1977 පෙර කුඩා ඡන්ද කොට්ඨාස වල මෙන් නොව දිස්ත්‍රික් මට්ටමින් නියෝජිතයින් පත් වීමේදී දුර්වල ,වංචනික පුද්ගලයින් ප්‍රමාණ ය වැඩිවිය. දැනට මෙම බල තුලනය ප්‍රමාණවත්ය.

:       6       134

jana Wednesday, 09 January 2019 05:28 AM

රටේ තියන ලොකුම ප්‍රශ්නය තමයි මේක, මහබැංකු වංචාව, රට විකුනන් කන එකටත් ගියානම් තමයි හොද.

:       15       47

vipula Wednesday, 09 January 2019 06:48 AM

විධායක ජනාධිපති කෙනෙක් අපේ රටකට අවශයි . රට වග කියන කෙනෙක් ඉන්න ඕනේ .පාර්ලිමේන්තුවේ ඉන්න 225 රටට වග නොකියන බව දැන් හොද හැටි වැටහෙනව . රට සමස්ත වැඩි ඡන්ද ප්‍රමාණයකින් බලයට එන ජනාධිපති හා ප්‍රාදේශීය ඡන්ද වලින් පාර්ලිමේන්තුවට පැමිණ රටේ බලය ලැබෙන අගමැති කෙනෙක් ලංකාව වගේ රටකට උචිත වන්නේ නැහැ .

:       12       4

sama Wednesday, 09 January 2019 06:52 AM

කරුණාකරලා කියන්න විධායක ජනාධිපති නිසා රටට උණු එක විනාසයක්, අපිට හැගෙනතරම, නාමික ජනාධිපති ජාත්‍යන්තරයට හැරවිය නොහැකි ඒ කියන්නේ ජාතියන්තර බලපෑම් වලට කොන්ද පන ඇතුව කටයුතු කලනොහැක.

:       17       3

amila Wednesday, 09 January 2019 07:39 AM

ඔව් අපි සම්පූර්ණ බලතල අගමැතිට දීල මහින්ද අගමැති කරනවා මේ අවුරුද්දේ අන්තිම. ඔබලාගේ සටනට ජය.

:       4       22

upali Wednesday, 09 January 2019 07:51 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීලා සල්ලිවලට විකිනෙන, සල්ලිවට පනත් සම්මත කරන, සල්ලිවලට රට හරි පාවාදෙන මන්ත්‍රීන් වරු සිටින රටක විධායක ජනාධිපති ධුරයත් අහෝසිකලොත් රට සහ ජනතාව අනාතයි.........ජනාධිපති තුමනි මීට අවුරුදු කිහිපයකට පෙර අපිත් කැමැත්තෙන් සිටිය මෙය අහෝසි කරනවට නමුත් දැන් මෙය අහෝසි කරනකම් බොහෝ දෙන බල සිටිනවා අපේ රට තුළ ඔවුන්ගේ බලය පැතිරවීමට , රට අල්ලා ගැනීමට , ඉහත අය කරන්නේ ඩොලර් වලට ඒසඳහා පාර කැපීමයි. ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙය සිදු නොකිරීමට ක්‍රියා කරන ලෙසයි..

:       4       11

ලුම්බිණි Wednesday, 09 January 2019 09:30 AM

විධායක ජනාධිපති ක්‍රම තිබෙන සංවර්ධනය වෙමින් පවතින සියලු රටවල දූෂණ, වංචා වැඩි බව පර්යේෂණ වලින් ඔප්පු වෙලා තිබෙනවා. මෙවැනි රටවල හිටපු ජනාධිපතිවරු අවසානයේ නවතින්නේ හිරගෙදර නැත්නම් රටින් පිටව ගිහින්...

:       15       45

SARANAPALA Thursday, 10 January 2019 05:40 AM

විධායක ජනපති අයින්කරලා 225 කොටස් වෙළඳපලේ ලියා පදිංචි කලොත් හරි!

:       0       19

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5106 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 717 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1230 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1650 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3467 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 233 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16140 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site