IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටහේනේ ඡංගම දුරකතන අලෙවි හලක් තුළදී  වෙඩි තබා අයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාක දූපතේදී පොලිසියට වෙඩි තබද්දී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බව කොටහේන පොලිසිය කියයි.

සැකකරුවන එල්ල කළ වෙඩි පහරින් බරපතල තුවාල ලද පොලිස් කොස්තාපල්වරයකු රෝහල් ගත කර ඇත.

මියගිය සැකකරුවන් දෙදෙනා මාදම්පිටිය සහ පිළියන්දල මඩපාත පදිංචි වයස අවුරුදු 32 - 35 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කාකා දූපතේ  උන්ඩ තොගයක් සඟවා තිබෙන බවට අනාවරණය කිරීමෙන් අනතුරුව ඒවා සොයා ගැනීම සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය උදුරාගෙන පොලිසියට වෙඩි තැබූ බව පොලිසිය කියයි.

ඒ අවස්ථාවේ පොලිසියේ එල්ල කළ ප්‍රතිපාහාරයෙන් සැකකරුවන් දෙදෙනාම බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

 



අදහස් (29)

කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට

gamini Saturday, 22 February 2025 07:17 AM

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතකයින්ට මාංචු දමන්නේ නැතිද?

:       4       43

රනිල් මහින්ද පේමදාස Saturday, 22 February 2025 07:23 AM

නියමයි නියමයි´.´ඔන්න ඒ්ක තමයි ක්‍රමය. පක්ෂ පාට මොකවත් බලන්න එපා...

:       16       53

ජයනාත් Saturday, 22 February 2025 07:27 AM

කවුරු කොහොම කිව්වත් ආයුධ පෙන්වීමට රැගෙන යාම ඉතාමත් හොඳයි.

:       13       61

කුමාර අනුර Saturday, 22 February 2025 07:45 AM

මහින්දගේ කාලේ ඕවා වෙනකොට අනුර කුමාර කියලා හාදයෙක් සෑහෙන්න උඩපැන්නා "ආයුධ පෙන්නන්න අරන් යනවා කියලා අහිංසක මිනිස්සු මරනවලු". "අපරාධ කාරයෙක් වුණත් නීතීය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ". කියලා. අනේ ඒ අනුර කුමාර අද හිටියා නම්..

:       24       76

ගුණරත්න Saturday, 22 February 2025 07:58 AM

මම ඔය සැක කරුවන් පොලිසියට වෙඩි තිබ්බා කියන කතාව විශ්වාස කරන්නේ නැහැ, මේකත් ඉස්සර කරපු ආයුධ පෙන්වීම වගේ නාට්‍යයක්, ඕකෙන් වෙන්නේ මිණීමැරුම් කරන්න නියෝගය දුන්නු මුල් අපරාධකාරයා ගැලවෙන එකයි..

:       6       47

Rifan Saturday, 22 February 2025 08:39 AM

දැන් තමයි හරි ට්‍රැක් එකට ආවේ. ඔහොම යං. ශ්‍රී ලංකාව පාතාලයෙන් තොර "ක්ලීන්" ශ්‍රී ලංකාවක් කරමු.

:       15       31

යෝගා Saturday, 22 February 2025 08:39 AM

මේවා දේශබන්ධු කරද්දි නරකයි. මාලිමා ආණ්ඩුව යටතේ සැකකරුවන් මරා දැමීම සාධාරණද? මාලිමා කුලී ඩෝබිලා උත්තර දෙන්නකෝ...!

:       20       53

උන් කරනකොට මානව හිමිකම්, අපි කරනකොට ජාතික ආරක්ශාව Saturday, 22 February 2025 08:46 AM

හංගපු අවි ආයුධ පෙන්නන්න එක්කන් ගියා නේද? පරණ පිටපතක්. ඒ වුණාට කෝ මාලිමාවේ හැත්ත ඒ කාලේ කෑ ගහපු මානව හිමිකම්? කරන්න ගියාම නේද තේරෙන්නේ කොහොමද කරන්නේ කියලා. ගෝඨාට කොච්චර නම් මඩ ගැහුවාද? ඔය දැන් ඉන්න පොලිස් ඇමතියාම. ඕවා පාලනය කරන්න ඔහොම ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ නේද?

:       9       48

WelikadaSaturday, 22 February 2025 04:40 PM

හිර ගෙදර ඇතුළට ගිහින් ලිස්ට් එකක් බලාගෙන තෝර තෝරා වෙඩි තිබ්බේ...!

:       24       13

ලුම්බිණි Saturday, 22 February 2025 08:51 AM

ආයුධ පෙන්වීමට ගොස් සැකකරුවන් මරා දැමීමේ පුරුද්ද වහාම නවතා දැමිය යුතු එකක්...!

:       27       19

Yatawara Saturday, 22 February 2025 08:52 AM

මේ වැඩ වලින් පේන්නේ ආන්ඩුවේ කිසිම සැලැස්මක් නැති බවයි. තාම අර ගෑණිව හොයාගෙනත් නෑනේ. කෝ අර කමක් නෑ අපි නම් මාලිමාවට කියපු ඇමති ඩ්‍රයිවර්ගෙ පරම්පරාවේ කට්ටිය...?

:       12       41

Saman Saturday, 22 February 2025 09:22 AM

අර බද්රානිලා, මොණරවිලලා වගේ අය දැන් කොහොමද රෙදි ඇඳගෙන පාරේ යන්නේ...?

:       4       41

වික්‍රම විදුර Saturday, 22 February 2025 09:36 AM

ජනාධිපතිතුමනි, අහවල් එකට අත්සන් කරන්න..

:       2       8

සෙනෙවිරත්න Saturday, 22 February 2025 10:14 AM

පොලිසියේ පරණ කතාවමද නැත්නම් ඇත්තම සිද්ධියද? වෙඩිකාපු රාලහාමි පෙන්නුවා නම් යමක් සිතාගත හැකියි...

:       18       14

චානක Saturday, 22 February 2025 10:37 AM

ආයුධ හොයන්න ගිහින් තියෙන්නේ මාංචු නොදාද? මේවා මාර විහිළුනේ

:       8       22

Mr Don Saturday, 22 February 2025 10:38 AM

හොඳ වැඩක්... අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.

:       7       27

fairoos Saturday, 22 February 2025 11:09 AM

ඒක හොඳයි.. ක්ෂණික දඬුවම්.

:       11       26

Don perea Saturday, 22 February 2025 12:09 PM

මේක තමයි මොවුන්ට තේරෙන භාෂාව...

:       9       30

Nihal Saturday, 22 February 2025 12:19 PM

පිරිසිදුවට රට තියා ගමු...

:       4       21

Ratne Saturday, 22 February 2025 01:57 PM

මාංචු දාලා ගෙනියන්නේ නැද්ද? මේවාට යන්නේ පොලිසියේ බබාලාද?

:       18       19

බද්රානි Saturday, 22 February 2025 02:17 PM

දැන් ඉතින් මෙතැන "මානව හිමිකම්" ගැන කියමින් වැලලෙන්න හදයිද දන්නේ නැහැ... සමහරක් කුක්කෝ "රාජ්‍ය භීෂණය" කියමිනුත් උඩු බුරයි!

:       47       13

Siri Saturday, 22 February 2025 03:15 PM

පාතාලයට සම්බන්ධ කාත් කවුරුත් ගැන හොයාගන්න තිබුණු සාක්කිත් වලපල්ලට නේද?

:       3       32

බද්රානි Saturday, 22 February 2025 03:23 PM

පොලිසිය මිනීමරුවන්ගේ ශාක්ෂි ටික නියමෙටම යට ගැහුවා නේද..? මේ පුද්ගලයින් දෙදෙනාව මෙහෙයවුයේ කවුරුන්ද කියා පොලිසිය දැනුවත් වුණාද..?

:       30       24

sene Saturday, 22 February 2025 03:59 PM

දැන් කාගේ සාක්ෂිද කවුද යටගැහුවේ? කෑ ගහපල්ලා, කෑගහපල්ලා පෙර ආන්ඩුවලත් මෙහෙම වුණා. අපරාදේ අනුර විපක්ෂයේ නැති එක නැත්නම් උඩ පැනලා වැලපිලා හොටුබේරාගෙන පාතාලයෝ වෙඩිතබා මරපු එක කුජීතයි, බියගුලුයි... ආන්ඩුවේ උවමනාව, ධනපතියන්ගේ රැකුමට එකී මෙකී නොකී දේ අහගන්න තිබුණා.

:       9       34

MD Saturday, 22 February 2025 04:50 PM

මේක වඳුරන්ගේ වැඩක් නෙවෙයි. කාක්කන්ගේ වැඩක්. පව් දුක හිතෙනවා.

:       12       15

සමන් Saturday, 22 February 2025 07:53 PM

මේවාට හුරේ දැම්මට හිතන්න බලන්න දෙපිටකාට්ටු ජෙප්පෝ මේ ක්‍රමයට තමුන්ට විරුද්ධ පාතාල කල්ලි විතරක් මර්දනය කළොත් මොකද වෙන්නේ කියලා....

:       6       14

සපුමල් Sunday, 23 February 2025 01:04 AM

මේ තවත් ආයුධ පෙන්වන්න එක්ක යන සීන්ස් එකේ අපරාධයක්. උන් කරපු අපරාදෙයි මුන් කරන අපරාදෙයි දෙකක් නෙමෙයි එකක්. ඒ බව නොතේරෙන ගොබ්බයෝ ප්‍රීතී ..ප්‍රීති යෝ රජතුමනි කියලා උඩ පනිමින් රජ තුමාව උඩ දාන බව පේනවා. ගිහින් “ රාජ කපුරු"" කියන නාට්‍යය නැරඹිය යුතුය. 1988/ 89 ගැන දන්නවා නම් ආයෙත් මතක් කර ගත යුතුය. අපිට ජේ. වී.පී. ද, යු.ඇන් . පී. ද , එන් .පී පී . ද, පොහොට්ටුද අදාළ නොමැති අතර අපරාධ කරුවන්ට දඬුවම් දිය යුත්තේ පොලිසිය හෝ දෙසපාලකයන් නොවන බව ව්‍යවස්ථාව මගින්ම තහවුරු කොට තිබේ.ඒ සඳහා අධිකරණයක් පවතී . අනුර කුමාරගේ කතාවෙන් පැහදිලි වුයේ ඔය දේ වෙන බවය. ඔය ගමන ඔහොම ගියොත් නතර වනු ඇත්තේ මහා විනාශයකින් බව මතක් කරනු කැමැත්තෙමි. අහඹු තත්වයන් තුළ සිදුවන දේටද විනිවිද භාවයක් සෑම අවස්ථාවකම තිබිය යුතුය. ඔය යන්න හදන්නේ පැරණි ගමනම වන අතර මානව අයිතිවාසිකම් රජයක් විසින් කඩකිරිම බරපතල විපාක සඳහා හේතුවන බවත්, මේ පිලිබඳ ව අප ජාත්‍යන්තර අවධානයට යොමු කරන බවද , ජනතා අප්‍රසාදයට පත්වීම තවත් ඉක්මන් වන බවද මතක තබා ගත යුතුය. සපුමල්

:       0       4

ana Sunday, 23 February 2025 07:45 AM

ශ්‍රී ලංකාවේ හැර වෙන රටක මෙහෙම වෙනවා ද? අනේ දන්න කෙනෙක් කියන්නකෝ.

:       0       2

Jothi Sunday, 23 February 2025 09:20 AM

සමන්. ඔය නම් කියන අයට ලැජ්ජාව කියලා දෙයක් නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1543 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 299 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 552 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 796 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 153 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 560 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 726 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site