IMG-LOGO

2025 ජනවාරි මස 08 වන බදාදා


කටුනායකට ආ යානා හතරක් මත්තලට -ඉන්දීය ගුවන්තොටකට ගොඩබස්සවයි

 

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද(07) අලුයම පැවති ඝන , දැඩි මීදුම් තත්වය නිසා , එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක ගුවන් නියමුවන්ට , කටුනායක  ගුවන් තොටුපොළ  ධාවන පථය නිසියාකාරව නොපෙනීම නිසා , මත්තල සහ ඉඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව අද(07) දින අලුයම 05.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 , චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 සහ අද  දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානා 03 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට අද  දින අලුයම 06.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබුණි .



අදහස් (5)

කටුනායකට ආ යානා හතරක් මත්තලට -ඉන්දීය ගුවන්තොටකට ගොඩබස්සවයි

ඉරාන් Tuesday, 07 January 2025 10:24 AM

ඇයි තුර්කි එකත් මත්තලට හරවලා යැව්වෙ නැත්තෙ.?

:       1       31

රම්බොඩ Tuesday, 07 January 2025 02:03 PM

රටකට ගුවන්තොටුපළවල් දෙකක්වක් අවශ්‍ය බව තහවුරු වෙන්නේ මෙවැනි අවස්ථා වලයි. ඒවා කවුද හැදුවෙ කියන එකවත් නම මොකද්ද කියන එකවත් වැදගත් නෑ. ඒවා රටේ සම්පත් . දේශපාලන නිවටකම් නිසා වී ගබඩා කළා කෙනෙක්.

:       4       13

Nandalal de Silva - France Tuesday, 07 January 2025 03:35 PM

මා පදිංචිව සිටින ප්‍රංශයේ මෙන්ම උතුරු අර්ධද්වීපයේ බොහොමයක් රටවල්වල වසරේ වැඩි කාලවල තද සුළං, මීදුම, හිම පතනය වැනි ස්වාභාවික ආපදාවන් නිසා, යන එන ගුවන් යානා වෙන රටවලට හරවා යවන බවක් අප අසා නැත. මෙවැනි රටවල තාක්ෂණික උපකරණ සහ අධිබලැති විදුලිබල පද්ධති මගින් ධාවන පථ පැහැදිලිවම පෙනෙන නිසා ගුවන් නියමුවන්ට සිය යානා ආරක්ෂිතව පාලනය කරන්න පුලුවන්. කෙසෙ වෙතත් තද හිම වැටෙන විට නම් තත්වය මීට වඩා වෙනස්. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොල ටත් අධිබලැති විදුලි පහන් සවිකර ධාවන පථ පැහැදිලිවම පෙනෙන ආකාරයට සකස් කලොත් විදේශ ගුවන් තොටුපොල වල් වලට ගෙවන ඩොලර් අපෙ රටෙ ඉතිරි කර ගැනීමට පුළුවන් නොවෙද ? හරවා යැවූ යානා හතරෙන් තුනක්ම "ශ්‍රී ලංකන්" යානා වීමත් කතා බහට ලක්වන පුවතක් වීමේ රහස මොකක්ද?

:       0       7

Sunik Tuesday, 07 January 2025 05:25 PM

තද සුළං කියන්නේ නම් සෙල්ලමක් නෙවෙයි. ඒවා නවීන තාක්ෂණය යොදා ගෙන වෙනස් කරන්න බැරි වෙයි. නමුත් මත්තලින් නියම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් පිටරටට යානා අරින්නේ නැතුව ඉන්න පුළුවන්නේද. ඊට පස්සේ ඕනනම් බස්වල දාලා හයිවේ එකේ ප්‍රධාන නගරවලටවත් මගීන්ව අරින්න පුළුවන්. ඉන්දියාවේ ඇරියාම ඒ ටික කරන්න බැහැනේ. ආපහු කටුනායක එන්නම ඕනෑ.

:       0       0

Sarath Tuesday, 07 January 2025 06:26 PM

දැන් කියන්නකෝ මයිනා හොරා කාපු නිසා මත්තල හැදිලා කියලා. මාලිමා හිඟන්නෙක් නැද්ද මේකට උත්තරයක් දාන්න එන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

කැසිනෝ නියාමනයට රෙගුලාසියක්
2025 ජනවාරි මස 08 47 0

කැසිනෝ නියාමය සම්බන්ධයෙන් රෙගුලාසි පනතක් ගෙන එන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


අශෝභන ලෙස රාජකාරී කළ පොලීසියේ තිදෙනකුගේ වැඩ තහනම්
2025 ජනවාරි මස 08 416 1

පොලිස් හිස්වැසුම් නොමැතිව, කහට පැල්ලම් සහිතව බුලත්විට කමින් මහජනයාට අශෝභන ලෙස මාතර වැල්ලමඩම ප්‍ර දේශයේ ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි මාතර පො


ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තියාගෙන ඉන්නේ ඇයි?
2025 ජනවාරි මස 08 137 2

සිවිල් යුද්ධය නිමවී වසර 15ක් ගත වී තිබියදීත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තවදුරටත් පවත්වාගෙන යාමේ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ල


වරායේ අල ටෙන්ඩර් මගඩියකින් රජයට කෝටියක් පාඩු කරලා
2025 ජනවාරි මස 08 723 3

චීනයෙන් ආනයනය කර නිදහස් කර නොගත් කන්ටේනර් හතරක ගබඩාකර තිබූ අල (අර්තාපල්) කිලෝ ලක්‍ෂයක (මෙට්‍රාක්ටොන් 100 ක්) පමණ තොගයක් අඩු ලංසුවකට අළෙවි කර රජයට රුපියල්


උ‘මැ විභාග පේපර් පිටට යැවූ ගුරුවරියගේ වැඩ තහනම්
2025 ජනවාරි මස 08 949 3

උතුරු මැද පළාතේ පාසල් තුන්වන වාර පරීක්ෂණයේ 6,සහ 7 ශ්‍රේණි වල භූගෝල විද්‍යා, ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර අන්සතු කර, බාහිර සමාජය


ඝාතනයකට යමින් සිටි දෙදෙනකු හංවැල්ලේදී අල්ලයි
2025 ජනවාරි මස 08 701 2

පුද්ගල ඝාතනයකට ගිනි අවියක් රැගෙන ත්‍රිරෝද රථයකින් යමින් සිටි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 473 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 246 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 235 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site