(අංජුල මහික වීරරත්න)
අතරමග නතර වී ඇති ග්‍රාමීය සංවර්ධන කාර්යයන් කඩිනමින් අවසන් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කඩිනමින් සංවර්ධනය විය යුතු යැයි හඳුනාගත් ක්ෂෙත්‍ර සඳහා 2024 අයවැය මගින් යෝජනා පනහක් යටතේ රුපියල් බිලියන 212.59ක ප්‍රතිපාදන අමාත්‍යංශ කිහිපයක් වෙත වෙන් කරනු ලැබ ඇතැයි රජය කියයි.
එම යෝජනා අතුරින් දහතුනකට අදාළ ව්‍යාපෘති ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.
පසුගිය වසර කිහිපයේ පැවති ආර්ථික ගැටලු හේතුවෙන් සහ විදේශ ආධාර මත ආරම්භ කරනු ලැබ ඇති ඇතැම් සංවර්ධන වැඩසටහන් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන අවසන් වන තෙක් අත්හිටුවීමට සිදුව ඇති බැවින් ග්‍රාමීය මට්ටමින් සිදුකිරීමට සැලසුම් කර තිබූ සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට අහිමි වී ඇතැයි රජය පවසයි.
ග්‍රාමීය මාර්ග, පාලම්,ග්‍රාමීය ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් මෙන්ම ග්‍රාමීය පාසල් රෝහල් අඩු ආදායම් නිවාස,ජල සම්පාදන වැනි සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කර දෙන ලෙස විවිධ පාර්ශව වෙතින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි ද රජය කියයි.
ඊට පිළියමක් වශයෙන් ජනාධිපති කාර්යාලය යටතේ ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇති වැඩසටහන් වලින් අපේක්ෂිත ඉතුරුම් අරමුදල් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය සංවර්ධන අරමුදල් හා අතරමග නවතා දමා ඇති ග්‍රාමීය සංවර්ධන කාර්යයන් නිම කිරීම සඳහා යොදා ගැනීම පිණිස පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.
ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොට උඩ ගිය වැඩ කඩිනම් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක්