(යොහාන් භාසුර)
ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වලින් මධ්‍යම තැපැල් හුවමාරුවට එවූ පාර්සල් 11 ක තිබී රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුග්ගොඩ මහතා අද (4) පැවසීය.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගුවේ යැයි සැකපිට පාර්සල් 11 පරීක්ෂණ කළ බවත් එම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වල සිට කොළඹ, නුගේගොඩ, පානදුර, අනුරාධපුර සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුණ ද එම ලිපිනයන් ව්‍යාජ ඒවා බව තහවුරු වූ බවත් ඒ මහතා කීය.
එම පාර්සල් තුළ ‘එක්ටසි’ නැමැති ‘මෙතන්පිටමයින්’ අඩංගු මත්පෙති 1,055 ක්, කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 318 ක් සහ ගංජා ඇට 15 ක් අත්අඩංගුවට ගත් බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා එම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 13 කට ආසන්න බව ද සඳහන් කළේය.
වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු අන්දමින් මියගිය අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් අද පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි .වැලිපැන්න මුස්ලි
දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන ප
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව
අර්තාපල් සහ ලොකු ළූණු ආනයනය කිරීමේදී පැවති විශේෂ ආනයන බද්ද රජය මගින් වැඩි කිරීම හේතුවෙන් පිටකොටුව තොග වෙළෙදපොලේ ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් තොග මිල ව
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය තැපැල් හුවමාරුවෙන් අල්ලයි
sam Thursday, 04 January 2024 10:36 PM
මධ්‍යම තැපැල් හුවමාරුව තුළ CCTV කැමරා පද්ධතියක් සහ පොලිස් සුනඛයින් නිරතුරුව යෙදවීම සුදුසු වේ. පසුගිය දින 10 තුළදී වැටලීම් කළ ප්‍රදේශ නැවත හදිසි වැටලීම් කළහොත් මත්ද්‍රව්‍ය වැටලීමෙන් පසු නැවත එම ප්‍රදේශයන් / නිවෙස්වෙත මත්ද්‍රව්‍ය පැමිණ තිබේද සහ එම මත්ද්‍රව්‍ය විකිණීම කළ පුද්ගලයින්ගේ නිවෙස්තුළ වර්තමාන තත්වයන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට සහ එම නිවාස තුළ සිටිනා රැකියා නොකරන සියලු දෙනා වෘත්තීය පුහුණු වෙත යොමුකිරීමට සුදුසු වැඩපිළිවෙලක් මේ සමගම දියත් කිරීමට කටයුතු සිදුවේ නම් ඉක්මණින් පුද්ගලයින්ගේ මානසික තත්වයන් පවා වෙනස් කිරීමට හැකියි...
බද්රානි Thursday, 04 January 2024 10:53 PM
තැපැල් සේවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ලෝකයේ පළමුවෙනි රට ලෙස ඉතිහාසයට එක්වීම සිරි ලාංකිකයින් ලෙස අපට විශාල ගෞරවයක්... සුද්දෝ තැපැල් ක්‍රමය ඇති කළාට, ඒකෙන් නිසි ප්‍රයෝජනය ලබාගන්න ඒ අය දන්නේ නැහැ... දැන් පේනවනේ අපි ලෝකයේ ඉන්න තැන...!