(යොහාන් භාසුර)
වරාය අධිකාරියෙන් සතොසට ලබාදුන් රුපියල් ලක්‍ෂ 150 කට (රුපියල් කොටි එකහමාරකට) අධික වටිනාමින් යුත් සුදුුළුණු කිලෝ 56,000 ක් නීතිවිරෝධී ලෙස වෙනත් පාර්ශවයකට අළෙවි කළ බව කියන සතොස මූලස්ථානයේ සහ වැලිසර තොග ගබඩාවේ නිලධාරීන් කීපදෙනෙක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ‘ලංකාදීප’යට පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාව ලැබෙන තෙක් මීට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව නිෂ්චිතව වැඩි විස්තර ප්‍රකාශ කළ නොහැකි බව ද සභාපතිවරයා කීය.
රාජසන්තක කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට සහන මිලට සැපයුමට සතොස අළෙවිසල් ජාලයට භාණ්ඩ නිකුත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතරතුර ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ලංකා සතොසට ලබාදුන් සුදු`ඵණු බහලුම් දෙකක් වෙනත් පාර්ශවයකට මෙසේ අළෙවිකර ඇති බව වාර්තා වේ.
සතොස ඉහළ කළමණාකාරිත්වයේ කිසිදු අනුමැතියකින් තොරව එම සුදු`ඵණු තොගය වෙනත් පාර්ශ්වයක් වෙත අළෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව අදාල සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ සේවය අත්හිටුවා වාහාම පරීක්‍ෂණයක් කරන ලෙස අමාත්‍යවරයා සතොස සභාපතිවරයාට හා ප්‍රධාන විධායක නිලධාරීවරයාට දැනුම් දී තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ද වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සතොස සභාපතිවරයාට උපදෙස් දී තිබේ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි එකහමාරක සුදුලූනු හොරට විකිණු සතොස කීපදෙනෙකු ගැන පරීක්ෂණ
පැරකුම් Monday, 13 September 2021 09:04 PM
තත්වය මෙසේනම් මේ දුෂ්කර අවස්ථාවේ පාරිභෝගිකයාට සතොසෙන් සේවයක් වේයැයි සිතිය හැකිද?
සංජීව Tuesday, 14 September 2021 08:12 AM
දැඩි දඬුවම් නැතහොත් තත්වය දිගටම පවතීවි...