IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කොට කලිසමින් දේවකාරිය ඉටුකළ වෛද්‍යවරයා

(ඩයනා උදයංගනී)

බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අළුයම ඇතුළත් කෙරුණු අසාධ්‍ය රෝගීන් තිදෙනකුට ප්‍රතිකාර කිරීම සඳහා එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා නිවසේ සිටි අයුරින්ම රෝහලට පැමිණ එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇත.

අසාධ්‍ය රෝගීන් තිදෙනකු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවට රෝහලෙන් ලැබුණු කැඳවීමක් අනුව වෛද්‍යවරයා මෙලෙස රෝහලට පැමිණ තිබේ.

එම අවස්ථාවේ හදිසිය නිසා ඔහුට සිය කණ්ණාඩි කුට්ටම පවා අමතක වී ඇති අතර ඒ වෙනුවට කණ්ණාඩි කුට්ටමක් ද ඉල්ලාගෙන ඇත්තේ වෙනත් අයකුගෙනි.

වෛද්‍ය රාජකාරියේ දී අඳින ඇඳුමකින් සැරසීමට ගත වන කාලය ද රෝගියාගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට වැදගත් බැවින් වෛද්‍යවරයා කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී පැමිණ මෙසේ රෝගීන්ට ප්‍රතිකාර කළ බව එම අවස්ථාවේ රෝහලේ අයකු විසින් ලබාගත් ඡායාරූප ද සමඟ වෛද්‍යවරයාගේ මුහුණු පොතෙහි ද පළ කර තිබිණි.

එම ඡායාරූප සම්බන්ධයෙන් වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා සිය මුහුණු පොතේ මෙසේ සටහනක් තබා තිබිණි.

ඇඳුමද???

පැවරුනු දේව කාරියද??

එක වරම අසාධ්‍ය රෝගීන් තිදෙනිකි...

අලුයම ඇමතුම සමීර මල්ලිගෙන් අයියේ ඉක්මනින් වරෙන්..

ඇඳුම ??? ගැටලුවක් මට නැත. කන්නාඩ් කූට්ටම, කලපගේ මල්ලිගෙනි. අවුලක් අවශ්‍ය වන්නේ, රාජකාරිය ඉටුකිරීමම පමණි.

උපරිමයෙන් ඉටුකළෙමි. කොට කලිසම ගැටලුවක් නොවිනි.. ඉතිං ඇඳුම ?????

මේ රැඩිකල් වීම නොවේ.කාරිය කිරීම වෙනුවෙන්ම පමණි....” 



අදහස් (30)

කොට කලිසමින් දේවකාරිය ඉටුකළ වෛද්‍යවරයා

nirmal Friday, 30 December 2022 07:28 PM

පාලිත මහත්මා මම දන්නා තරමින් සේවයට කැප වුණු මහත්මයෙක් කියන්න පුළුවන් වෛද්‍යවරයෙක්. කරන සේවය ඉහළින්ම අගය කළ යුතුමයි. නමුත් මා දකින විදියට මාධ්‍ය මගින් සෑම විටම අගය කරනු ලබන්නේ වෛද්‍යවරුන්ගේ සේවය පමණයි. නමුත් මෙවැනි කැපකිරීම් කරන තවත් නොපෙනෙන බොහෝ පිරිස් සිටිනවා. මම දැක්කා අනෝරා වැස්සක වොල්ට් 33,000ක ලයින් එකක් උඩ නැගලා‍ සිදුවූ දෝෂයක් නඩත්තු කරන විදුලි සේවකයෙක්. මට නම් ලක්ෂයක් දෙනවා කිව්වත් කරන්නේ නෑ. එච්චරටම භයානකයි. තවත් එවැනි බොහෝ පිරිස් ඉන්නවා ෆොටෝ ගන්නේ නැති. කවුරුවත් දන්නෙත් නැති. එවැනි ඕනෑම අයෙක්ව අගයන්න පුළුවන් නම් වටිනවා. මේක වෛද්‍යවරයාට අපහාසයට නොවේ...

:       6       223

sisiraSaturday, 31 December 2022 04:37 AM

කොට කලිසමින් දේවකාරිය ඉටුකළ වෛද්‍යවරයාගේ හදිසි අවස්ථවට මැදිහත්වීම අගයකලයුතු උවත් අසාධ්‍ය රෝගීන්වෙත ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරයකු අනුගමනය කලයුතු ක්‍රියා පිළිවෙතක් තිබේ. රෝගීන් තිදෙනකු පැමිණියද ඔහුට ප්‍රතිකාර කල හැකිවන්නේ එක වරකට එක රෝගියකුට පමණි. අසාධ්‍ය රෝගීන් වෙත ප්‍රතිකාර කිරීමේදී Face Mask පවා නොමැතිව සිටීම සුදුසු නොවේ.

:       71       32

AhinsaSaturday, 31 December 2022 06:29 AM

100% සම්පූර්ණයෙන්ම සත්‍ය සහ වටිනා අදහසක්.

:       3       34

BandulaSaturday, 31 December 2022 10:09 AM

මෙතුමා ගැනනම් දන්නෙ නෑ. නමුත් බහුතරයක් වෛද්‍යවරු තමාගෙ සේවා මුරය වෙලාවෙදිත් ඉන්නෙ ගෙවල් වල තමා. ලෙඩෙක් අපුවම වාහනෙන් ටක් ගාල එනව. රටේ මිනිස්සු දන්නෙ නෑ එයාගෙ රාජකාරියට ආව කියල. මිනිස්සු හිතන්නෙ රාජකාරි නොවන වෙලාවක ලෙඩා ගැන හිතල ආව කියල. දේශපාලකයන්ටත් එහෙමයි. මොකක් හරි ව්‍යාපෘතියක් කලාම එක ඔහුගෙ රාජකාරිය කියල අමතක වෙලා ඊට පස්සෙ කවි නිසදැස් ලියනව.

:       10       34

සෙනවිSaturday, 31 December 2022 02:53 PM

Nirmal මහත්තයාට වැරැදිලා වගෙයි. හදිසි රෝග වාට්ටුවේ වැඩකරන වෛද්‍යවරයා ගෙදර ඉඳගෙන රාජකාරී කරන්නේ කොහොමද කියන්න... ඔහු සිටිය යුත්තේ වාට්ටුවේ, ගෙදර නෙවෙයි. ගෙදර ඉඳගෙන හදිසි රෝගියෙක් බලන්න කොහොම ආවත් ඔබලා එයාට පිං දෙනවා. බදුමුදලින් යැපෙන්නේ රාජකාරිය පැහැර හැරලා. මේව පිං වැඩ නොවේ...

:       14       27

එමි එමි Friday, 30 December 2022 08:48 PM

මෙන්න දෙවිවරැ මෙි ලෝකෙ ඉන්න වෙන කියන්න දෙයක් නැහැ වෛද්‍ය තුමනි ඔබට බුදු සරනයි

:       12       30

Susil Kindelpitiya Friday, 30 December 2022 09:07 PM

We need people like you. අපිට අද අවශ්‍ය සම්ප්‍රදායට අභියෝග කරන්න පුළුවන් මිනිස්සු. We need people with Rebel Talents. අපි කරේ එල්ලගෙන ඉන්න සම්ප්‍රදාය බිම තියලා, ඒකට අභියෝග කරලා, මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සහ අලුතෙන් හිතන්න පුළුවන් ජාතියක් හදන්න අවශ්‍ය මිනිස්සු අපි එකතු කරන්න ඕනේ.

:       8       21

sampath Friday, 30 December 2022 10:02 PM

ඔන්න පලිගැනීමක් අවශ්‍ය නම් මේකට විනය පරීක්ෂණයක් වුණත් දාන්න පුළුවන්. එහෙව් අයියලා අපේ ඉන්නේ.

:       5       28

සෙනවිSaturday, 31 December 2022 02:18 PM

විනය පරීක්ෂණක් කළයුතුයි. හදිසි රෝග වාට්ටුවේ වෛද්‍යවරයා රාජකාරිය පැහැර ඇත. රාජකාරිය කළ යුත්තේ ගෙදර සිට නොව රෝහල් වාට්ටුවේ බව අමතක කරන්න එපා...

:       11       20

බකසුමන Saturday, 31 December 2022 12:52 AM

මුහුණු පොතේ දාන්න ඕනේ නෑ ඕවා. මුහුනුපොත කියන්නේ මහා විකාරයක්. ඕප දුප. මුලින් tik -toක් මානසික රෝහල් ඇතිකරයි කියලා හිතුවද ඒ වගේ තමයි පස්සේ කාලෙක මේකත් බුද්දිමත් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. නිකරුනේ කාලය කන කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක්. මුහුණු පොත් තියෙන අය හිතලා බලන්න ඒවගෙන් ලැබුන හොඳ දේද වැඩි නරක දේද කියලා. අනිවාර්යෙන් නරකමයි වැඩි. මානසික අව්ල්, පීඩනය අනුන්ගේ දේවල් වලට .... හොඳින් බලන්න මේවයේ එල්ලිලා ඉන්න අයගේ ජීවිත.... බබා ලැබෙන්න ඉන්නකොට කළලයත් මේකට දානවා. පොඩ්ඩක් හිතලා බලන්න මොනවදමේ. කොහේද මේ යන්නේ. වෙනුවෙන් කාලය නිකරුනේ කන පිරිස dislike දාන්න බලමු.... ඇත්ත ඇත්තටමයි කීවේ.

:       1       43

saman Saturday, 31 December 2022 03:38 AM

ඕවට කියන්නේ ගොං ආතල් කියලා. ඕනම වෛද්‍යවරයෙකුට ලෙඩාගේ හුස්මගන්න එක රුධිරය සංසරණය, මොළයේ ක්‍රියාකාරීත්ව මූලික අවස්ථාවේ පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕනි. ලෝකෙ දියුණු රටවල හිදිසි ප්‍රතිකාර ගෙදර ඉදන් ඇවිල්ලා කරන්නේ නැහැ. එතකොට ලෙඩා මැරිලා ඉවරයි. හදිසි ප්‍රතිකාර කරන එක ලෙඩා එනකොට එතැන ඉන්න ඕනි. එහෙම නැතිනම් ඉන්න උන්ට හරියට පුරුදු කරන්න ඕනි. ඔය ගෙදර ඉදන් එනකොට පාරේ මිනිහෙක් යට වුණොත්. නැත්නම් දොස්තරම හැප්පුනොත්.... බොරු ගොං ආතල්. හැබැයි රුධිර වහනය පාලනය කරන්න බැරි ලෙඩෙක් ශල්‍යාගාරයට ගන්නවනම් සර්ජන් ගෙදර ඉඳන් එන එක අනුමත කරන්න පුළුවන්. මොකද මූලික ප්‍රතිකාර කරලා වැඩිපුර ප්‍රතිකාර කරන්න තමයි ඕනි. ඒකට විශේෂඥ සේවය අවශ්‍යයි. රටේ ඉන්න හදපු ඔක්කොම emergency specialist ලා රට දාලා ගිහිල්ලා එංගලන්තෙයි ඔස්ට්‍රේලියාවෙයි. ඒ අය මාර වැඩ ටිකක් කරා. බදුල්ලෙ හිටපු නෝනත් එංගලන්තෙට ගිහින්. නුවර, මාතර, රත්නපුර රෝහල්වල වලත් අය ගිහින්.

:       14       30

sashiniSaturday, 31 December 2022 10:01 AM

රටවල් දියුණු වෙන්න ඕනි මෙවැනි දේවල් අරුමයක් නොවන තරමට සහ එය ඔවුන්ගේ රාජකාරිය බව තෙරුම් ගන්නට තරම් ජනතාවක් ඉන්න තරම්. වෛද්‍යවරු පමණක් නොවේ තමාගේ වගකීමට වඩා සේවය කරන පිරිස්, නොමිලේ අමතර උගන්න්වන ගුරුවරු, රට දැය වෙනුවෙන් ජීවිත අත් පා දන් දුන් රණවිරුවන් ආදී බොහෝ පිරිස් ඉන්නව.

:       1       24

නිහාල් Saturday, 31 December 2022 03:58 AM

මෙි වගේ දෙවි වරැන්ව පලවා හරින්න එපා.

:       6       11

nihal Saturday, 31 December 2022 07:14 AM

ඔබතුමන්ට පින්. දේව ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

:       5       9

රනේ Saturday, 31 December 2022 07:47 AM

ඔබ වැනි මහත්වරුන් අපට එනම් අපේ රටට මහත් සේ ඕනෑකර තිබේ. ස්තූතියි.

:       5       9

Sunil Saturday, 31 December 2022 07:58 AM

ශ්‍රී ලංකාවට අවශ්‍ය මෙවැනි මහත්වරුන්ය. තමන්ට ලැබෙන කොමිස් මුදල ගැන පමණක් සිතන දේශපාලක මහත්හොරු නොවේ.

:       7       10

සංජීව Saturday, 31 December 2022 08:49 AM

අති විශිෂ්ටයි

:       7       6

Ajith Saturday, 31 December 2022 09:42 AM

මිහිපිට දෙවිකෙනෙක් දීඝායු වේවා නිරෝගි වේවා පාලිත රාජපක්ෂ මහතාට

:       5       6

Lanka guruge Saturday, 31 December 2022 09:44 AM

You have done a very great job doctor. God bless you

:       5       5

Santhu Saturday, 31 December 2022 10:34 AM

මෙය දේශපාලනයට සම්බන්ධ කටයුත්තක් නොවන නිසා... ඒ පුරුද්දට හොඳක් නොදකිනන්සේ නොඉඳ, හොඳ දේ අගයන්න. එහි අහු මුලු වල ඇති අඩු පාඩුම සොයන පහත් පුරුදු අයින් කරන්න. වෛද්‍යතුමාට පින්. 2023 ශ්‍රීලංකාවට සෞභාග්‍ය උදා වේවා!!!

:       4       6

Samantha Saturday, 31 December 2022 11:31 AM

This doctor has violated his duty. Doctor who works in Emergency Treatment unit can not go home. If patient had bad outcome he is liable to criminal negligence. Buy looking at previous posts, it's obvious why this country goes from bad to worse.

:       5       18

චන්ද්‍රගුප්ත Saturday, 31 December 2022 12:03 PM

පුතේ තාත්තාට සහ අම්මට ව්සාල ආඩම්බරයක් . ඔය දරුවගෙ දරුවොත් ඔයා වගේම වෙවි.

:       7       3

BambolaSaturday, 31 December 2022 01:51 PM

ඒ කීවේ... වැඩක් කරලා තමන්ම අගය කරලා fb දාගන්න එකද?

:       5       17

Chuti' du Saturday, 31 December 2022 12:29 PM

දොස්තරම තමන්ම මුහුණු පොතේ දාගත්තු එකයි වරද... ප්‍රසිද්ධිය ගන්න නේද?

:       3       15

සෙනවි Saturday, 31 December 2022 02:13 PM

හදිසි රෝග ප්‍රතිකාර වාට්ටුවේ වෛද්‍යවරයා සිටිය යුත්තේ රෝහලේ මිස ගෙදර නොවන බව කවුරුත් වටහාගත යුතුයි. එයින් බේරීමට පණ කඩාගෙන වාට්ටුවට ආ බව බොහෝ අයට අමතක වී ඇත...

:       9       14

රාවණා Saturday, 31 December 2022 09:31 PM

එය ඔහු එදින නියමිත සේවා මුරය නිමාකොට ගෙදර ගියපසු ලැබුණු ඇමතුමක් නම්, රෝගීන් ගැන පමණක් සිතා හදිසියේ පැමිණියේ නම් ඔබේ ගොන් තර්ක වලංගු නැත

:       1       3

නලින් Saturday, 31 December 2022 02:24 PM

දොස්තල 500ක් විතර රාජකාරී කරන ටීචින් හොස්පිටල් වල පවා නයිට් එක කරන්නේ දොස්තරලා 4-5යි. මෙහෙම වෙන්නේ කොහොමද? සහ ඒ වුණාට කීදෙනෙක් ගෙදර ඉඳන් ඕ ටී සයින් කරලා ක්ලේම්ස් ගන්නවාද? දේශපාලකයින් ගාවට රටේ බදුමුදල් ගසාකන කොට්ටාශයක් තමයි. මේ රාජ්‍ය සේවකයින්. තමන්ගේ රාජකාරිය කරා කියලා එයා දෙවි කෙනෙක් වෙන්නේ මේ ගොබ්බ ලන්තේ විතරයි. බොරු ෂෝ ඕෆ් කාරයා කියලා හැමෝම දන්නවා...

:       3       23

හලීම් Saturday, 31 December 2022 05:09 PM

ගියපාර නිමල් සිරිපාලගේ විරෝධය නිසා බදුල්ලට ගෝඨාභයගෙන් නොමිනේෂන් ලැබුනේ නෑ. මේ පාර අළුත් කරනමකට වගේ ලෑස්තිය..

:       3       20

දිමුත් Sunday, 01 January 2023 06:02 AM

කවුරුන් කෙසේ සිතුවත් මෙය වැරදි වැඩකි, විෂබීජ හරණයකින් තොරව ඇවිත් අනෙකුත් රෝගීන් දෙදෙනාගේ ජීවිතද අනතුරේ දෑමිමමකි,.. ඔවුන්ට මොනයම් හෝ දෙයක් උනිනම් වගකීම බාර ගන්නවද?

:       5       6

Amal Dinesh marasingha Sunday, 01 January 2023 10:14 AM

Excellent job and good doctor

:       3       2

ඔබේ අදහස් එවන්න

දියත

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 531 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1093 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 435 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1479 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5025 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2302 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2013 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site