IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


කෝටි ගණනක ඉඩම දන් දෙයි

(මාතලේ විශේෂ මහේෂ් කීර්තිරත්න)
රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් තම සුවිසල් නිවස ඇතුළු එහි භාණ්ඩ සමග වටිනා ඉඩම වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාම සඳහා දන්දීමට කටයුතු කරන ධානපති යුවළක් පිළිබඳව මාතලේ නාලන්ද උඩුදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
මාතලේ නාලන්ද උඩුදෙණිය පදිංචි ප්‍රදීප් සේනානායක සහ ගීතා කුමාරි සේනානායක යුවළයි ඒ.
ඔවුන් පදිංචිව සිටින මෙම නිවස මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියට වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති අතර සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහතා ඇතුළු පාලක මණ්ඩලයට මේ බව දැනුම් දී තිබේ.
මෙම සද්ක්‍රියාව පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා ඔවුන්ගේ නිවසට ගිය අවස්ථාවේදී ඔවුන් බුදු දහම මැනවින් අවබෝධ කරගෙන සිටින යුවළක් බව ද වැටහුණි.
ප්‍රදීප් සේනානායක මහතා අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ ජන්මලාභය ලබා ඇති අතර පවුලේ සහෝදර සහෝදරියන් හත්දෙනෙකි. අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති අතර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වේ.
පාසල් අධ්‍යාපනයෙන් පසුව පෞද්ගලික අංශයේ රැකියාවකට යොමු වූ ප්‍රදීප් මහතා රැකියාව සාර්ථකව සිදු කරගෙන යමින් සිටින අතරතුර මව අභාවයට පත්වීමෙන් පසුව තම දෙමාපියන් විසින් පවත්වාගෙන යන ලද සිල්ලර වෙළෙඳසල දියුණු කර නගරයේ ක්‍රම ක්‍රමයෙන් විශාල වෙළෙඳ සංකීර්ණයක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ.
මේ අතරතුර ශ්‍රී ලංකා මානව හිමිකම් සභාවේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති අතර ඉන් ද ඉවත්ව පසුව ව්‍යාපාර කටයුතු සිදු කරමින් සිටී.
සිංහ සමාජයේ ද නිලතල කිහිපයක් හොබවා ඇති ප්‍රදීප් මහතා අනුරාධපුර මෙන්ම මාතලේ නාලන්ද ප්‍රදේශයේ ද ප්‍රකට සමාජ සේවකයෙකි.
අනුරාධපුර පදිංචි ගීතා කුමාරි මෙනවිය ජීවන සහකාරිය ලෙස තෝරාගෙන ඇති අතර ඇය ද ප්‍රදීප් මහතා යන මග යමින් ජීවිතයේ අනන්‍යතාව මෙනෙහි කරමින් සැහැල්ලු‍ සිතින් සියල්ල අත්හැරීමට අදිටන් කරගෙන දෙදෙනා යහපත් ජීවිතයක් ගත කරමින් සිටින බව ද අප සමග අදහස් දැක්වූ ප්‍රදීප් මහතා පැවැසීය.
ප්‍රදීප් මහතා සමාජයට කළ සේවය වෙනුවෙන් විවිධ ආයතන මගින් දේශබන්දු, ශාසන කීර්ති, විශ්ව කීර්ති, ජොන්ස් නාමධාරි ආදී ගෞරව නාම රැසක් හිමි කරගෙන ඇති අතර ඉන්දියාවේ රාජස්ථාන් විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය උපාධියක් ද ලබා දී තිබේ. නමුත් ඔහු මෙම ගෞරව නාම කිසිවක් පාවිච්චි නොකරන බව ද අප සමග පැවැසීය.
ඔවුන් බුදු දහම පිළිබඳව මනා හැදෑරීමක් ඇතිව අවබෝධයෙන් ජීවත්වන අතර නිවස තුළ ආගමික වතාවත් ද සිදු කරති. නිවසේ එක් ස්ථානයක් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් වෙන් කර තිබේ.
ජීවිතයේ අනන්‍යතාව ‍මෙනෙහි කරමින් සියල්ල අත්හළ යුතුය යන සංකල්පය ඔස්සේ යමින් මරනයෙන් පසු පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයට සිරුරු ලබාදීම සඳහා පොරොන්දු පත්‍ර ද අත්සන් කර තිබේ.
මේ දෙදෙනා මස් මාංශ අනුභවයෙන් තොරය. රට පුරා රජමහා විහාරස්ථාන ඇතුළු සිද්ධස්ථාන වන්දනා මාන කරමින් නිදහසේ සිටින බව ද ඔවුහු පවසති.
නිවෙස පිහිටා ඇති ඉඩමේ පලතුරු, අල වර්ග ඇතුළු ගෙවත්තක් ද ඇති අතර ඔවුන්ට අවශ්‍ය දේ ලබාගන්නේ එම ගෙවත්තෙන් බව ද අපට පසක් විය.
ඔවුන් සියල්ල දන් දී අවසානයේ පැවිදි වීමට ද හැකි මට්ටමකට සිත් පහදාගෙන සිටින බව ඔවුන්ගේ අදහස් දැක්වීමෙන් අපට වැටහිණි.
මේ පිළිබඳව අදහස් දැක්වූ මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහතා කියා සිටියේ මෙවන් කටයුතු අගය කළ යුතු බවත් වත්මන් සමාජයට මෙය ආදර්ශයක් බවත්ය. 
“වසර 89ක් පැරැණි මාතලේ ඇති පැරැණිතම බෞද්ධ සංවිධානය වන මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය සිදු කරගෙන යන සමාජ සංස්කෘතික වැඩපිළිවෙළ පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඔවුන්ගේ සිත්වල පහළ වූ පරිත්‍යාගයක් ලෙස මෙය අප වෙත ලබාදීමට තිරණය කර තියෙනවා. ඒ සඳහා ඔවුන් සතුටු විය හැකි ආකාරයෙන් අපි වැඩිහිටි නිවාසයක් බවට පත් කර අවශ්‍ය කටයුතු කිරීමට තීරණය කර තියෙනවා. සමාජ සාරධර්ම වියැකී යන යුගයක මෙවන් විශාල යුග යුතුකමක් සිදු කළ දෙදෙනාට අපි අනේකවාරයක් පින් දෙනවා. වත්මන් සමාජයේ සියලු‍දෙනාට මෙය මහත් අදර්ශයක්” බව ද ජයවර්ධන මහතා පැවැසීය.

 



අදහස් (6)

කෝටි ගණනක ඉඩම දන් දෙයි

janahitha Tuesday, 16 March 2021 03:44 AM

දුගී දුප්පත් මහජන මුදල් කොල්ලකමින් යහතින් ජීවත්වන පාලකයන්ට ආදර්ශයක්.

:       2       29

sharm warn Tuesday, 16 March 2021 03:51 AM

වස්තුව දේපල හඔා යමින් ලෞකික දේපලපොදි ගහගන්නා පාලකයන් සිටිනා රටක මෙවැනි ක්‍රියාවන් කරන අයවලුන් ගැන පුවතක් අහන්න ලැබීමත් පිනක්. ඔබ දෙපලට ඉක්මනින් සසර කෙටිවී නිවන්මග දිනන්නට ලැබේවා....

:       1       21

[email protected] Tuesday, 16 March 2021 04:49 AM

එතුමන්ලාගේ උත්සාහය අගය කරනවා. ඒත් වැඩිහිටි නිවාස තුලින් තවත් දෙමාපියන් පාරට වැටීමට උදවුකිරීමක් වෙනවා.

:       13       4

chinthaka Tuesday, 16 March 2021 06:01 AM

මේ සද්ක්‍රියාව කළ ඔබ දෙපලට දීර්ගායුෂ පතමි. නිදුක් වේවා.. නිරෝගි වේවා...

:       1       17

බද්රානි Tuesday, 16 March 2021 07:48 AM

ඒ දෙදෙනාව හොඳට අන්දලා ලියාගෙන නෙමේ නේද? අර සිංහරාජ වන විනාශය ගැන නිර්භීතව කතාකල ගැහැණු දරුවාට ලීවා නම් තමයි පිනක් ලැබෙන්නේ. ඒ දරුවා ඒ කතා කලේ මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන්. රට විනාශකරන පාලකයින්ට මුට්ටි අල්ලන පරම්පරාවට වඩා, අපිට ඒ දරු පරම්පරාව වටිනවා.

:       7       9

Raveendra Tuesday, 16 March 2021 12:25 PM

දන්දීම නම් උතුම් දෙයක්... හැබැයි අසපු පස්සේ ගිහින් අල්පේච්ඡ ජීවිතය හෝ අතහැරීම කියා සබ්බ සකල මනාවම දන්දෙන එක නම් ධර්මාවබෝධය නිසා නෙමෙයි. මුලාව නිසා වෙන දෙයක්... බුදු දහමට අනුව සාර්ථක ජීවිතයක් ගෙවීම යනු මෙය නෙමෙයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

කතානායක තෝරන්න ඡන්දයක්?
2024 දෙසැම්බර් මස 16 5 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.


සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,500 පනී
2024 දෙසැම්බර් මස 16 106 0

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.


ජගත් කුමාර සජබෙන් ඉවත් වෙයි
2024 දෙසැම්බර් මස 16 794 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉ


තොරතුරු තාක්ෂණ සිසුවියන් සිව් දෙනා රටවල් 27ක් පරදයි
2024 දෙසැම්බර් මස 16 275 0

බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්ප


අඟුලානේ ඇළක බිලිඳු සිරුරක්
2024 දෙසැම්බර් මස 16 221 0

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.


අධිකරණ ඇමතිගෙන් සී.අයි.ඩි.යට පැමිණිල්ලක්
2024 දෙසැම්බර් මස 16 357 0

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙ


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 195 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 204 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 102 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site