IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කෝටි ගණන් බදු පොලු තැබූ තෝරු මෝරු 4479ක්

(සුජිත් හේවාජුලිගේ)

විවිධසමාගම් සහ  ආයතන  ඇතුළු පුද්ගලයන්  4479ක්  රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනින් බදු මුදල් රජයට පැහැර හැර ඇති බවට තොරතුරු අධ්‍යයනවලදී පෙනී  යන්නේ යැයි  පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

ඊට  මත්පැන් නිෂ්පාදන ආයතන රැසක්ද ඇතුළත් වන බව පැවසූ හෙතෙම මෙම  පිරිසෙන් කෝටියේ සිට එක්කෝටි පනස් ලක්ෂය දක්වා බදු මුදල්   පැහැර හැර ඇති සංඛ්‍යාව 3108 ක් බවද  ප්‍රකාශ කළේය.

කෝටි පහේ සිට කෝටි දහය දක්වා මුදලින්  බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 632ක් බවත් රුපියල් කෝටි දහයේ සිට කෝටි 30 දක්වා බදු මුදල් පැහැර හැර ඇති ඇති සංඛ්‍යාව 457 ක් බවත් මහාචාර්යවරයා කීවේය.

රුපියල් කෝටි තිහේ සිට රුපියල් කෝටි පනහ දක්වා බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 104කි.

රුපියල් කෝටි පනහේ සිට කෝටි සියය දක්වා බදු මුදල් පැහැර ඇති සංඛ්‍යාව 88ක් බවත්  කෝටි 100ට වැඩි ගණනින් බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 90 ක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.



අදහස් (6)

කෝටි ගණන් බදු පොලු තැබූ තෝරු මෝරු 4479ක්

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 13 May 2024 06:35 PM

මැතිවරණයක් ලංවෙද්දී ගොඩාක් සල්ලි කාරයෝ දේශපාලකයින්ගේ ප්‍රචාරක කටයුතු සඳහා ඇත දිග හැර කරනවා. ඒවා සියල්ල සිද්ධ වන්නේ ගොඩක් හේතූන් මත. මැතිවරණය අවසන් වෙලා තමාගේ සගයා දිනුවට පසුව ඒ සියල්ල මෙහෙමය් පියවා ගන්නේ. ඊට පස්සේ ඒ සියලුම පාඩු අපි තම පියවන්නේ. මේ නිසා තමා අනුර සහෝදරයා විටින් විට කියන්නේ 'දුෂිත දේශපාලන වළල්ල' කියලා.

:       1       13

Thilak Monday, 13 May 2024 06:44 PM

ඔය කියන ගණන් ටික එකතු කරල බැලුවම රට මේ විදියට තියෙන එකත් ලොකු දෙයක්.හැබැයි ඔය පොලු තියල තියෙන්නෙ නැති බැරි දුප්පත් මිනිස්සු නම් නෙවෙයි .ඉහළ පෙලේ නිලධාරීන් සහ දේශපාලුවන්ගේ සම්බන්ධකම් ඇති තක්කඩියො.අර කියන දෙපිරිසත් ඒකට අයිතියි.මේ රට තවදුරටත් ජීවත් වීමට සුදුසු රටක් නෙවෙයි .රටින් පිටවෙලා අවස්ථාවන් හොයා ගන්න පොඩි හරි හැකියාවන් තියෙන අය තවත් පමා නොවී ඒ දේ කරන එක තමයි සුදුසුම දේ.කණගාටුවෙන් උනත් ඇත්ත එයයි.

:       0       15

Lalla Monday, 13 May 2024 09:35 PM

මේ හොරු පොලු තියෙන ප්‍රමාණය වෘත්තිකයන් උපයන සොච්චමින් හූර ගන්න තමා ඔක්කොම නීති හැදුවේ. නැතිව උන්ගෙන් කොටසක් හරි අයකර ගන්න නොවේ නොවේද?

:       0       2

Kumar Tuesday, 14 May 2024 04:12 AM

ඇමෙරිකාවේ කලින් සිටි ජනාධිපති ඩොලර් කෝටි 10ක පොල්ලක් තබා ඇති බව ආදායම් බදු සේවය වාර්තා කර ඇත.

:       0       1

siripala Tuesday, 14 May 2024 06:19 AM

එදා ඉඳල ඔය ධනපතියි කියන අමනයෝ දේශපාලුවෝ එක්ක එකතුවෙලා මේ රට නැත්තටම නැතිකළා.බලන්න ගිගිල්ලා මහියංගන,පදියතලාව, දෙහි අත්තකන්ඩිය පැත්තේ දවසට එක වේලක් කාලා ඉතිරි වේල් දෙක වතුර බීලා ජීවත් වෙන්නේ. එත් උන් මහ පක්ශවල එවුන්ට කඩේ යනවා.උන් දන්නේ නැහැ උන් මිලට ගන්න සීනි ඇටේ ,පරිප්පු ඇටේ ඉඳල ගහන බදුවලින් ඔය කියන අමන රැල හොඳට බදු වංචා කරලා සුර සැප විඳිනවා කියල.මාලිමාවේ මිනිස්සු උගුර ලේ රහ වෙනකල් කියන දේ තේරුම් ගන්න බැරි මෝඩයෝ ඉන්න කල් මේ රට හදන්න බෑ. ඔය කියන බදු වංචා කාරයෝ ඒකයි මාලිමාව බලයට එනවට තදින්ම විරුද්ද..

:       0       1

Sandra Tuesday, 14 May 2024 11:24 AM

නුවර තියනවා හොටෙල් සමූහයක් .හොර ගුහාවක් .හැම දේකටම කප්පම් කරගන්නේ .ඔය කියන බදු ගොඩේ ඉහලින්ම ඉන්නවා දේශපාලුවන්ගේ පිහිටෙන්

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 185 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 495 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 376 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 296 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 206 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1139 3

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site