IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කොටි පරදා වසර 14යි: සැමරුම හෙට

(අංජුල මහික වීරරත්න)

තිස් වසරක යුද්ධයේ දී දිවිපිදූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කිරීම සඳහා 14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර ජාතික රණවිරු ස්මාරකය අසලදී හෙට (19)  පස්වරුවේ පැවැත්වේ.

ආරක්ෂක අමාත්‍යංශය හා යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය මෙම රණවිරු සැමරුම් උළෙල සංවිධාන කරයි.

රණවිරු සැමරුම් උළෙල පැවැත්වීම සම්බන්ධ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසූයේ ජාතියේ රණවිරුවන් සිහිපත් කිරීම සඳහා අභිමානවත් සමරු උළෙල මෙවර පවත්වන බවයි.

මව්බිමේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් සිහි කරමින් ඔවුන්ගේ වීරත්වය ඇගැයීම සඳහා විශේෂ රණ බෙර වාදනයක් හා පුෂ්පෝපහාර දැක්වීමක් මෙහි දී සිදු කරන බව කමල් ගුණරත්න මහතා කීය.

 රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ මා පියන් සහ ඥාතීන් ද ජාතික රණවිරු සැමරුම් උළෙලට සහභාගී වන අතර මෙවර ජාතික රණවිරු සැමරුම් උළෙල දේශපාලකයන්ට උත්තමාචාර පුද කිරීම වෙනුවට සියලුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කෙරෙන අයුරින් සංවිධානය කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා උපදෙස් ලබා දී තිබේ.

මියගිය රණවිරුවන් සදහා මතක වස්ත්‍ර පූජා කිරීම මෙන්ම බෞද්ධ ඇතුළු සියලු ආගමික වතාවත් සිදු කොට පුණ්‍යානුමෝදනා කිරීම ද මෙහිදී සිදුකෙරෙයි.

අනතුරුව  ජාතික රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර පුද කිරීමට නියමිතය.මෙහිදී ත්‍රිවිධ හමුදා පෙළපාළිය පවත්වා රණව්රු උත්තමාචාර පුද කිරීමටද නියමිතය.

මෙවර රණ විරු සමරු උළෙලේ දී කිසිදු දේශපාලන කතාවක් නොපැවැත්වීමටද තීරණය කර තිබේ.

ත්‍රිවිධ  හමුදාපතිවරුන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු රණවිරුවන්ගේ ද දේශපාලන පක්ෂ නායකයන්ගේ ද සහභාගීත්වයෙන් රණවිරු සැමරුම පැවැත්වේ.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද මෙවර රණවිරු සැමරුම සඳහා සහභාගී වන බව දැනුම් දී තිබේ.

 

 

 

 



අදහස් (4)

කොටි පරදා වසර 14යි: සැමරුම හෙට

rosa Thursday, 18 May 2023 02:49 PM

අනේ බලාගෙන..කොටින්ගේ හිත රිදෙයි ඕවා කරනකොට..රනිල් එහෙමනේ...

:       3       8

මැක්ස් Thursday, 18 May 2023 03:15 PM

දෙසතියක මතකයක් පමණක් ඇති අපේ මිනිසුන්ට මෙම ඉතිහාසගත ජයග්‍රහණය පිලිබඳ නැවත නැවතත් මතක් කර දිය යුතු වන්නේ වෙසෙසින්ම සමාජ මාධ්‍ය අරක් ගෙන සිටින බක පණ්ඩිතයන් විසින් ඉතා සුක්ෂම ලෙස ජන මනසින් මෙම විජයග්‍රහණය අමතක කරවීමට උත්සහ කරන බැවිනි. බටහිරින්, ඉන්දියාවෙන්, ඔවුන්ගේ දේශීය ඒජන්තයින්ගෙන්, එන්ජීඕ කාරයන් ගෙන් සහ නොයෙක් බලවතුන්ගේ ආශිර්වාදය හිමිකරගෙන මහේශාක්‍ය භාවයක් අත්පත් කරගෙන සිටි කොටි ත්‍රස්තවාදීන්ට පරාජය අත් කර දීමට කැපවූ සියලු රණවිරුවන්, ඊට මතවාදී නායකත්වය දුන් අය සහ දේශපාලන නායකත්වයට කෘතගුණ දැක්වීම මිනිසත්කම දත් අයගේ යුතුකමයි.

:       4       13

භෞමික අඛණ්ඩ Friday, 19 May 2023 06:08 AM

මෙය, සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ 2009 යෙන් පසු සියලු වසරයන්හි පැවැත් විය යුතු උත්සවයකි.

:       0       0

Bamunuarachchi Saturday, 20 May 2023 03:51 PM

රනිල්ම තමයි මේ යුද්ධය දිනන්න බැහැ කියලා ප්‍රභාකරන්ට උතුර, නැගෙනහිර බන්දේසියක තියලා දෙන්න ISGA ගිවිසුම හැදුවේ. අපේ වාසනාවකට රනිල් අන්ත පරාජයක් ලැබුවා. දැන් සමරු උත්සව පවත්වන්න ලැජ්ජා හිතෙන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 121 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 732 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2232 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 298 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 1569 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 502 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site