IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කට රැකගෙන කෑම කමු

අප්‍රේල් මාසය ඉතා සුවිශේෂය. ඒ අන් කවරදාටත් වඩා මේ මාසයේදී අපට කෑමට ලැබෙන රසකැවිලි නිසාවෙනි.. මේ කෑම සියල්ලම පාහේ තෙල්,පිටි, සීනි, ලුණුවලින් සමන්විතය. මේ අවුරුදු කාලෙදී ලෙඩ නොවී කෑම කන හැටිත්, රෝගවලින් දැනටමත් පීඩා විඳින පිරිස රෝගය මැඩ ගනිමින් වැරැදි ආහාර රටාවෙන් මිදී ක්‍රමවත්ව ආහාර ගන්නේ කොහොමද යන්නත් ගැන අප වැඩි අවධානයක්    යොමු කළ යුතුය. අප්‍රේල් මාසයේදී පමණක් දක්නට ලැබෙන ආහාර පාන නොකා හිඳීමට තහංචි පැනවීම අනුමත කළ නොහැකිය. ඒත් අප අවුරුදු කෑම බීම රිසිසේ අනුභව කර නුදුරු දිනකදිම ලෙඩ වෙනවාද, නොඑසේනම් ක්‍රමවත්ව ආහාර ගෙන නිරෝගිකම රැක ගන්නවාද යන්න තීරණය කළ යුත්තේද අපමය.

එසේ කියන්නේ ඇයි?

වර්ෂ 2021 පවත්වන ලද බෝ නොවන රෝගවලට පාදක වන අවදානම් සාධක හඳුනා ගැනීමේ සමීක්ෂණයේදී අවුරුදු 18ත් 69ත් අතර වයසේ පසුවන්නන්ගෙන් එනම් පුරුෂයන්ගෙන් සියයට 30කුත්, ස්ත්‍රීන්ගෙන් සියයට 47.6කුත් බර වැඩි සහ තරබාරු ගණයට අයත් වන බව සොයා ගෙන ඇත. එමෙන්ම රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් ඇති සංඛ්‍යාව සියයට 38කි. තවද රුධිර පීඩනය වැඩි ප්‍රතිශතය සියයට 54කි. දරුවන් අතරද බර වැඩි ප්‍රතිශතය සියයට 9ක් පමණ වේ. මේ තත්ත්වය ඔවුන් අතර බෝ නොවන රෝග එනම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, කාලික ශ්වසන රෝග, වකුගඩු රෝග සහ විවිධ පිළිකා තත්ත්ව ඇති වීමේ ප්‍රවනතාව වැඩි කරන බව හෙළිදරව් වී ඇත.

එමෙන්ම ක්‍රියාශීලී නොවීම, ලුණු -තෙල්- සීනි භාවිතය අධික වීම, මත්පැන් සේම දුම්පානයද මෙහි අවදානම වැඩි කිරීමට හේතු වී ඇත.

මෙවර රසකැවිලිවල විශේෂත්වයක් කරමු

මෙවැනි පසුබිමක අප රෝගී නොවී අවුරුදු සතුට ලබා ගන්නේ කොහොමද? මේ මොහොත වනවිටත් සියල්ලෝම හැකි පමණින් අවුරුදු රස කැවිලිවල රස බලන්නට සැදී පැහැදී සිටිති. තෙල්- ලුණු-සීනි අධික රස කැවිලි මේ කාලයේදී බහුලය. නෑසියන් බලන්නට යන ඔබට මේ ආහාරයක් නොගෙනම බැරි තත්ත්වයක් උදා විය හැකිය. දකින - තියෙන සෑම ආහාරයක්ම රස විඳ අවසන අප රෝගී විය යුතු නැත. රසකැවිලි සෑදීමේදී අපට විශේෂයක් කළ හැකිය. එනම් රසකැවිලිවල ප්‍රමාණය කුඩාවට සෑදීමට පුළුවන. ලොකු කැවුමක්,ලොකු අළුවා කැබැල්ලක්,ලොකු මුං කැවුමක් වෙනුවට ප්‍රමාණයෙන් කුඩා රසකැවිලි සෑදීමට උත්සාහයක් ගනිමු. ඒවගේම නිවසින් පිටතදී හැම රසකැවිල්ලකම රස බැලීම වෙනුවට එක් රසකැවිල්ලක් පමණක් කෑමට ගත හැකිය. තේ,කෝපි පානයේදීත් හැකිතරම් සීනි රහිතව ඒවා පානය කරන්නට උත්සාහ ගනිමු.

තෙල් - ලුණු -සීනි සීමාව

බත් ,එළවළු,මාළු පිළියෙළ කිරීමේදී හැකිතාක් තෙල් -ලුණු අඩුවෙන් යොදා පිස ගත යුතුවේ. පැණි රසැති අතුරුපස වෙනුවෙන් පලතුරු කපා ,සීනි -ලුණු- උකු කිරි නොයොදා පලතුරු සලාදයක් පිළිගැන්වීමට හැකිය. කෘත්‍රිම පාන වර්ග වෙනුවට පිරිසුදු පලතුරුවලින් පිළියෙළ කළ ලුණු - සීනි එකතු නොකළ පලතුරු යුෂ වීදුරුවක් ඉතා සුදුසුය.

දරුවන්ට ක්‍රියාශීලී වීමට ඉඩ දෙන්න

විශේෂයෙන්ම දරුවන්ට හැකිතාක් ක්‍රියාශීලීව දුව පැන සෙල්ලම් කිරීමට ඉඩ හරිමු. මේ කාලයේදී පමණක් දැකිය හැකි වන අපේ ජන ක්‍රීඩා ගැන දරුවන්ගේ දැනුම අලුත් කරවමු. එය ඔවුන්ගේ බුද්ධි වර්ධනය උදෙසා මහත් පිටිවහලක් වනු ඇති. මත්පැන් - දුම්පානය හැකිතාක් අඩු කර පවුලේ සියලු දෙනාගෙම සතුට වෙනුවෙන් මේ නිවාඩුව යොදා ගත හැකිය.

රෝගීන්ගේ ආහාරය ගැනත් වැඩි සැලකිල්ලක්

විශේෂයෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ ,අංශභාගය වැනි රෝගවලින් පෙළෙන පවුලේ සාමාජිකයන්ගේ රෝගී තත්ත්වය ගැන වඩා සැලකිලිමත් වී ඔවුන්ගේ ආහාරය ගැන විශේෂ අවධානයක් යොමු කළ හැකිය. එක වේලකට පැණිරස ආහාර ගතහොත් ඊළඟ වේලට එළවළු,පළා බහුල ආහාර වේලක් ලබා දිය හැකිය. දවසේ සියලුම ආහාර වේල් පැණිරස කෑමවලින් පමණක් පිරවීම සුදුසු නැත. රෝගී තත්ත්වාදියෙන් පෙළුණද අවුරුදු සතුට ඔවුන්ටද ලබාදිය යුතු බැවින් උපක්‍රමශීලීව විවිධ ආහාර රස විඳීමට ඉඩ ලබා දෙන්න. දියවැඩියාවට රසකැවිලි සුදුසු නැත කියා ඔවුනට ඒවා නොදී සිටීමට වඩා කැවිලි ප්‍රමාණයෙන් කුඩාවට සාදා ඒවායෙහි රස විදීමට ලබා දිය හැකිය. ඉන් අනතුරු ඊළඟ ආහාර වේලට පැණිරස ආහාර ඇතුළත් නොකිරීමට වගබලා ගන්න.

රස්නෙ වැඩි කාලෙට සුදුසු පාන වර්ග

මේ කාලයේදී ජලය,තැඹිලි,බෙලිමල් වැනි ස්වාභාවික පාන වර්ග හැකිතාක් පානය කරන්න. අවුරුද්දේ සැබෑ සතුට අත් විඳින්න. කැවිලි පෙවිලිවල සුවඳ- රසය විඳින්න. තමාගේ සුවපත්භාවය ගැනත් සිතන්න. එවිට අවුරුදු සමය ගෙවී ගියද ඔබට කාලයක් පුරාවටම නිරෝගිව සිටීමට හැකිවේවි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

කට රැකගෙන කෑම කමු

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 708 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2231 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 553 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 573 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 286 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 522 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site