IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘කූට වෙළෙඳුන්ට එරෙහිව ජනපතිගෙන් දැඩි පියවර‘

(සුජිත් හේවාජුලිගේ )

පවතින ආර්ථික තත්වය දඩමීමා කරගෙන  පාරිභෝගික භාණ්ඩවලට හිතූ හිතු  අසාධාරණ මිල ගණන් අය කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික සේවා  අධිකාරියේ නිලධාරීන්ට ඊයේ (2) උපදෙස් දුන්නේය.

වෙළෙඳුන්ට අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩ නොදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ඔහු මෙසේ දැනුම් දුන්නේ ආහාර සුරක්ෂිතතාවයට අදාළ අභියෝගවලට  කඩිනම් විසඳුම් ලබාදීම සඳහා  කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (2) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.

දිවයින පුරා සතොස සහ සමුපකාර වෙළෙඳසල් සක්‍රීයව පවත්වා ගෙන යෑමේ  අවශ්‍යතාවද  මෙහිදී සාකච්ඡා කෙරිණ.

සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත්  භාණ්ඩ හිඟයක් මවාපාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව දරන උත්සාහය ඉන් වැළැක්විය හැකි බවත්  ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

තොග වෙළෙඳපොළට බෙදාහැරෙන  කෘෂි  අස්වැන්නෙන්  කොටසක් ග්‍රාමීය වෙළඳසල්වලට සෘජුවම ලැබීමට සැලැස්විය යුතු බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා ග්‍රාමීය පාරිභෝගිකයාට අඩු මිලකට භාණ්ඩ ලබා ගැනීමට සහ  ගොවියාට ඉහළ මිලක් ලබා ගැනීමට  ඉන්  හැකි වනු ඇතැයිද
පැවසුවේය.

මෙම සාකච්ඡාවට  වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු   ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක වෙළෙඳ අමාත්‍යාංශයේ  ලේකම්  එස්.වී කොඩිකාර යන මහත්වරුද  එම අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල ප්‍රධානීහුද සහභාගී වූහ.



අදහස් (10)

‘කූට වෙළෙඳුන්ට එරෙහිව ජනපතිගෙන් දැඩි පියවර‘

jayath Friday, 03 June 2022 11:19 AM

මෙච්චර කාලයක් ආගිය අතක් නැතුව හිටිය විරුවා පට්ටම් සේන දැන් යන්තම් රනිල්ගේ පිටිපස්සේ එල්ලිලා අළුගහලා දාලා නැගිටලා පොර ටෝක් දෙනවා අරෙහෙම කරන්නලු, මෙහෙම කොරන්නලු... අනේ මේ අතිගරු ජනාධිපති උතුමාණන් වන නන්දසේනට එකක් කියන්නම් මේ ඔක්කොම තමුන්නැහේත්, තමුන්නැහේගේ ගෝලබාලයින් වන කපුටත්, කබ්බන් ඇතුළු කට්ටිය නිර්මාණය කරපු දෙයක් තමුන්නැහේටත් මොලේ කළඳක් තිබුණා නම් මේවා මෙහෙම වෙන්නේ නැහැ. දැන් ඔක්කෝම කෙළ වුණාට පස්සේ මට වැරදුණා වගේ නපුංසක කතා කියනවා ජනතාවගේ ලේ කෝප නොකර නොකර සද්ද ඉන්න...

:       2       22

ලුම්බිණි Friday, 03 June 2022 11:23 AM

අල්ලනවා නම් වෙළෙන්දන්ට වඩා ලොකු හොරු ඉන්නවා නේද ජනාධිපතිතුමා..?

:       0       16

අරවින්ද මොණරවිල Friday, 03 June 2022 11:26 AM

රටේ ආර්ථිකයයි, ව්‍යාපාරික ක්ෂේත්‍රයයි මේ ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන්ම බිඳ වට්ටලයි තියෙන්නේ. ඒ නිසා රටේ ආර්ථිකයට හා දේශපාලනයට පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. නමුත් මේ ආණ්ඩුවේ නායකයින් ඒ බව අවබෝධ කරගෙන ඇති බවක් පෙනෙන්ට නැහැ. තවම උත්සාහ කරන්නේ තැනින් තැන පැලැස්තර අලවලා මේ ක්‍රමයම ගැට ගහගෙන යන්න. නමුත් ඒ දරණ සෑම උත්සාහයකින්ම තවතවත් රට ආර්ථික දේශපාලනිකව හා සමාජීය වශයෙන් අර්බුදයකට යන බව ඔවුන් අවබෝධ කරගත යුතුයි...! 

:       1       10

මැක්ස් Friday, 03 June 2022 11:48 AM

ජනතාව අපේක්ෂා කළ කිසිම දැඩි ක්‍රියාමාර්ගයක් ජනාධිපති වරයා වශයෙන් ඔබතුමා ගෙන් අපි නොදුටුවෙමු. එම නිසා මෙය ද සාමාන්‍ය ව්‍යවහාරයේ දැක්වෙන පරිදි තවත් එක්තරා පතෝල නියෝගයක් පමණි.

:       1       20

[email protected] Friday, 03 June 2022 11:56 AM

හිනා යනවා අනේ...! 

:       1       12

සෑම් Friday, 03 June 2022 12:03 PM

කුඨ නායකයාට එරෙහිවත් දැඩි පියවර ගන්න. ඔහුට තව දුරටත් බලයේ රැඳී සිටීමට ඉඩ දෙන්න එපා

:       3       11

de silva Friday, 03 June 2022 12:12 PM

අදහස නම් හොදය , නමුත් ජනතවට බයේ රජයෙ අයතනයකට, උත්සවයකට , පර්ලිමෙන්තුව අඩුම තරමෙන් තම කර්යලයට යෑමට නොහැකිව මන්දිරයෙ සැගවි සිටින ඔබතුම මෙව ක්‍රිාත්මක කාවි කියල බලපොරොත්තුවක් අපට නොමත.

:       2       14

sugath Friday, 03 June 2022 03:12 PM

හීනෙන්ද බොස්?

:       0       3

Kumara Friday, 03 June 2022 04:11 PM

මයිනා කාපු කෑම මතකද මන්දා?

:       0       5

Nethmi Saturday, 04 June 2022 02:55 PM

මෙයා බයිලා ගහනවා.. දැන් වෙන්න ඇති ඇහැරිලා තියෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 0 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 45 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 175 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 143 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 250 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 2559 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24946 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18848 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1837 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site