IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


කූට වෙළෙඳුන්ට දැඩි දඩුවම් දෙන පාරිභෝගික පනත මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

සහල්, සීනි සහ වී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සඳහා රජය විසින් නියම කරනු ලැබ ඇති උපරිම මිල ගණන්වලට වැඩියෙන් අලෙවි කරන වෙළෙඳ සමාගම්වලට සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලසෙන පාරිභෝගික කටයුතු අධිකාරිය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) ඉදිරිපත් කළේය.

මෙම පනත් කෙටුම්පත ඉදිරි දිනෙක විවාදයට ගැනීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූවේ මෙය ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන හදිසි පනතක් බවයි.

එම නීති විරෝධී කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව රුපියල් කෝටි දෙකක් දක්වාවූ දඩ මුදල් ඇතුළු දැඩි දඬුවම් නියම කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් නීතිමය ප්‍රතිපාදන සැලසෙනු ඇත.

 



අදහස් (5)

කූට වෙළෙඳුන්ට දැඩි දඩුවම් දෙන පාරිභෝගික පනත මැතිසබයට

Raveendra Monday, 06 September 2021 11:57 AM

ඒ වගේම කුට වෙළදුන් සගවාතිබෙන මොනම ද්‍රව්‍යක්වත් අදාළ අංශ සොයා ගැනීමෙන් පසු ශතෙකවත් මුදලක් නොගෙවා ඒ ඒ ගබඩා ද සමග ද්‍රව්‍යන්ද සියල්ල රාජසන්තක කර එම ද්‍රවයන් මහජනතාව අතරේ ඉතාමත් සුළු මුදලට බෙදාදීමට අවශ්‍ය නීතිද පට්ටියේ ඉක්මනින්ම සම්මත කරගත්තොත් හොද නැද්ද...?

:       1       8

යෝගා Monday, 06 September 2021 03:21 PM

එහෙම සරදියෙල් පන්නයෙන් රටක් ගෙනියන්න බෑ. අනෙක කාටවත් විරුද්ධව වෛරයෙන් කියන්න හොඳ නෑ...

:       5       3

RaveendraMonday, 06 September 2021 04:35 PM

ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු... මෙහි වෛරී අදහස් අප පළකර තිබේද ගැටළුවකි. කූට වෙළඳුන් අහිංසක ජනතාව හූරාකනවා නම්, කූට වෙළඳුන් අසාමාන්‍ය ලෙස ලාභ ලබමින් මිනිසුන් ගසාකෑම ඔබ අනුමත කරන්නේද? එවන් වෙළඳුන්ට උපරිම දඬුවම් දීමෙන් සාමකාමී ජනතාවට සෙතක් ලබාදීම වෛරී ක්‍රියාවක් හෝ අදහසක්ද? ඔබ අසා තිබෙන්නේද කූට වෙළඳුන් කිසිදා කියනවාද අනේ අද අපිට ලාබ ලැබුණා.. ඒ නිසා මේවා නොමිලේ දෙනවා වැනි වැකියන්? වෙළෙන්ඳන් යනු තොග හෝ සිල්ලර ඒ සියල්ලන්ම නෑ නෑ.. උපන්දා සිට වෙළඳාම පාඩුයි කියන මහා පෙරේතයින් රෑනක් නොවේද? ඔබගේ අදහස් වලින් එවන් තක්කඩියන්ගේ ක්‍රියාවන් අනුමත කිරීමක් ලෙස දකින්නේ අප පමණක්ද?

:       0       3

කමල් Monday, 06 September 2021 01:26 PM

කූට දේශපාලකයින්ට දැඩි දඬුවම් දෙන පනතකුත් සුදුසු නොවේද?

:       1       9

Raveendra Monday, 06 September 2021 02:24 PM

කූට දේශපාලුවන්ට ස්වභාව ධර්මයා විසින් දඬුවම් දීම අරඹා ඇති බව සතුටින් දන්වන්නෙමු. එකම ගැටලුව නම් කාලය පිළිබඳව ගැටලුවකි...

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1657 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2817 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1192 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 980 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1405 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 653 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1447 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site