IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කෝටි 10ක මත්ද්‍රව්‍ය තලේමන්නාරමෙන් අල්ලයි

(ඉන්දිකා  රාමනායක)

රුපියල් කෝටි 10 ට ආසන්න වටිනා අයිස්, හොරොයින්, හා හෂිස් මත්ද්‍රව්‍ය තොගයක්  ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදි  තලේමන්නාරම ඌරුමලේ වෙරළ තීරයේ දී   ඊයේ (16) අලුයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර,අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ක්, හොරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 34 ක්,  හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි  ග්‍රෑම් 254 ක ප්‍රමාණයක් තිබු බව නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් තම්මැන්නා කඳවුරේ භට කණ්ඩායමක් ඊයේ අලුයම ඌරුමලේ වෙරළ තිරයේ සිදුකළ හදිසි සේදිසියකදි වෙරළේ තිබු සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් සෝදිසි කිරීමේ දී  එහි සුක්ෂම ලෙස  සඟවා   තිබු මෙම  මත්ද්‍රව්‍ය තොුගය සොයාගෙන ඇත.

ඩිංගි යාත්‍රාවේ පාර්සල් 10 ක මේවා අසුරා තිබු බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර  සිදුකරන සෝදිසි මෙහෙයුම් වල ප්‍රතිපලයක් වශයෙන් මෙම මත්ද්‍රව්‍ය  තොගය අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

කිසියම් සැකකරුවන් පිරිසක් මේවා මුහුදු මගින් රැගෙන විත් පිටතට රැගෙන යාම සදහා යාත්‍රාවේ සඟවා නාවික හමුදාව දැක පලා යන්නට ඇති බව නාවික හමුදාව සැකකරයි.



අදහස් (1)

කෝටි 10ක මත්ද්‍රව්‍ය තලේමන්නාරමෙන් අල්ලයි

Kumar Wednesday, 18 October 2023 04:04 AM

මත්ද්‍රව්‍ය අල්ලන එක ගැන නිතරම ඇසෙන්නට ලැබෙනවා. අවසානයේදී සිදුවන දෙය ගැන ලියන්නකෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 58 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 617 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 1573 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 685 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 609 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 331 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39830 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25868 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 96 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 394 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1262 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site