(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුම්රිය දෙපාර්තමේන්තුවට පසුගිය කාලයේ ගෙන්වන ලද එම් 11 දුම්රිය එන්ජින් එකොළහෙන් දැන් වැඩකරන්නෙ දෙකක් පමණක් බවත් එම එන්ජින් ගෙන්වීමට කෝටි දාහක් වැය කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අනෙක් එන්ජින් දුම්රිය අංගනවල නිකරුණේ තිබෙන බවද ඔහු සඳහන් කළේය.
අජිත් මානප්පෙරුම මහතා මෙසේද සඳහන් කළේය.
ඒ වගේම රුපියල් කෝටි 1156ක් වැය කරලා දුම්රිය මැදිරි එකසිය හැටක් ගෙනල්ලා තියෙනවා. ඒවායින් වැඩි කොටසක් අංගනවල ඔහේ තියෙනවා. ප්‍රයෝජනයට අරගෙන නැහැ. මේ ව්‍යාපෘතිය සැකසීම සඳහා විතරක් රුපියල් කෝටි එකසිය හතළිස් හතරක් වියදම් කරල තියෙනවා. ශක්‍යතා වාර්තා හදන්න.
ජනතාවට යන්න දැන් කෝච්චි නැහැ.
ගම්පහින් කෝච්චියට නැගලා කොළඹට එන්න මම ඔබතුමාට ආරාධනා කරනවා.මිනිස්සුන්ට යන්න කෝච්චි නැහැ.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා;
මේවා මගේ බල සීමාව තුළ සිද්ධ වෙච්ච ඒවා නොවේ. අතීතයේ සිදුවුණු දූෂණ වංචා වලට අපි වගඋත්තර කාරයෝ නොවෙයි. ගොඩ ගහගෙන හිටපු දුම්රිය එන්ජින් මම ඇමති ධූරයේ වගකීම බාර ගත්තට පස්සේ නැවත අලුත්වැඩියා කරලා ප්‍රයෝජනයට ගත්තා. මම මේ ගැන සම්පූර්ණ වාර්තාවක් උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනවා.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කෝටි 1000ක දුම්රිය එන්ජින් කැලේට යවලා
sachith Tuesday, 04 April 2023 04:36 PM
"අතීතයේ සිදුවුණු දූෂණ වංචා වලට අපි වගඋත්තර කාරයෝ නොවෙයි", එහෙමනම් ඉතින් මෙ හොරුන්ට විරුද්දව නීතිතිය ක්‍රියත්මක කරන්නකො? මෙවට සම්බන්ද බොහොමයක් තාම රෙල්ලුවෙ ලොකු තැන්වල යහතින් ඉන්නවනෙ.
Lalla Tuesday, 04 April 2023 04:42 PM
මොන එන්ජිම ගෙනාවත් අපේ රියදුරෝ දන්නේ අවුරුදු 50-70 පරණ ලඩි එලවන්න. අලුත් තාක්ෂණය අරහං. මේ වයසක බුලත්හප ඩෝප් කාරයෝ පරණ එන්ජින්වලට තියල ගණිත භෞතික විද්‍යා උපාධිධාරීන් කණ්ඩායමක් බඳවාගෙන නවීන එන්ජින්වලට පුහුණුව දෙන්න. ප්‍රතිඵලය බලාගත හැකියි.
Nimal Tuesday, 04 April 2023 05:52 PM
වෘත්තීය සමිති නොදැනුවත්ව කෝටි 1000ක දුම්රිය එන්ජින් කැලේට යවලා..!
Nathalie92 Wednesday, 05 April 2023 12:50 PM
අනේ තොපි සේරම තොත්ත බබාලා. අපි තමා කාලකන්නි . ඕක තමා මුලු රටේම වෙන්නෙ.