(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි දොලහක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවට එරෙහිව පැවති විධිමත් රේගු පරීක්ෂණයේ දී වැරදි කරු වූ , ඇයට රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩය, එසැනින් ගෙවා දැමීමට ඇය කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
මෙම ඉන්දීය ජාතික කාන්තාව අලුයම ඩුබායි සිට මෙම කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 500 ක් බරැති ස්වර්ණාභරණ තොගය සිය සිරුරෙහි සහ ඇයගේ අත් බෑගයේ සගවා ගෙන නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබුණි .
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය කටුනායක ගුවන් තොටුපොළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කමල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වා තිබූ අතර එහිදී ඇය විසින් මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමට නියෝග කළ අතර , ඇයට තවත් රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබුණි .
ඒ අනුව මෙම ඉන්දීය ජාතික කාන්තාවට ඇය විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් කෝටි දොලහත් සමග ඇයට ගෙවීමට නියම වූ දඩ මුදලේ එකතුව රුපියල් කෝටි විසි හතරකට ආසන්න දැවැන්ත අලාභයක් විද ගැනීමට සිදු වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි 12 රන් බඩුත් දී, කෝටි 11 දඩයකුත් ගෙවයි
සමන් විමල් Saturday, 23 December 2023 03:48 PM
මන්ත්‍රී කෙනෙක්... (මුස්ලිම්) වුණා නම් හැත්තෑ පන්දාහයි...!
Bamunuarachchi Saturday, 23 December 2023 09:27 PM
සමන් විමල් 1. රේගුව ආගම බලලා බදු දඩ වෙනස් කරලා තිබෙනවද? 2. මේ රත්තරන් බඩු සමග අල්ලපු ගැහැණු කෙනා ඉන්දියන් බව දන්නවා. එයා මුස්ලිම්ද නැද්ද කියලා දන්නවද? රත්තරන් හොරෙන් ගෙනා මන්ත්‍රීට දඩ ගහපු විදිහ හර්ෂද සිල්වාගේ සභාපතිත්වයෙන් පැවැත්වුණු මුදල් කාරක සභාවක කියැවුණා. එය බැලුවාද? එතැන්දී ඒ රත්තරන් රාජසන්තකද කියා කියැවුනේ නැහැ. නොකළා නම් ඒක වැරැදියි. ඒක හම්බයින්ට සපෝට් කලාවෙනවා. ජෙප්පෝ වගේ දිව හැරෙන හැරෙන පැත්තට කථා කරන්න එපා...
ලසන්ත Saturday, 23 December 2023 04:54 PM
මෙහෙම දඩයක් ගැහුවාම එයින් කොටසක් පරීක්ෂණ කණ්ඩායමේ අයට බෙදීම කරනවා...!
පැරකුම් Saturday, 23 December 2023 05:34 PM
මේ කාන්තාව ඉත්තෙක් පමණයි... හැකිනම් මහ මොලකරු අල්ලන්න.
චාමර Saturday, 23 December 2023 06:53 PM
හිටපු පා.ම. අලි සබ්‍රි රහීම් මිලියන 74 ක රත්තරං සහ මිලියන 4ක ස්මාර්ට් ෆෝන් හොරෙන් ගෙනාවාට දඩේ මිලියන 7.5යි. මේ මනුස්සයාගේ මිලියන 120ක රත්තරං වලට දඩය විතරක් මිලියන 110ක්... මන්ත්‍රී වුණාම දඩේ චූට්ටං වෙනවා වගේ...!
සමන් Saturday, 23 December 2023 07:59 PM
අනේ අප්පොච්චියේ, ඒ අතින් අපේ අලි සබ්රි මැතිතුමා කොච්චර වාසනාවන්තද ඈ...? එතුමා දෙවෙනි වෙන්නේ අර විල්පත්තු කැලේ කපලා උසාවි නියෝගේ මායින් නොකර ඉන්නෙත් රිෂාඩ් මැතිතුමාට විතරයි...!
nihal Saturday, 23 December 2023 11:17 PM
ජනතා වරමක් නොලබා විකාරනේ කරන්නේ... හරියට හොයලා බලන්න නැතිනම් යන්න...
don Sunday, 24 December 2023 07:33 AM
නීත්‍යානුකූල මංකොල්ල කෑමක් සහ මුදාහැරීමට නීත්‍යානුකූල කප්පම් ගැනීමක්...!
don Sunday, 24 December 2023 07:35 AM
මෙච්චර ලේසියෙන් මෙහෙම පාඩුවක් විඳගන්න... මේවා දුක් මහන්සියෙන් හොයපු මුදල් වෙන්න බැහැ...