IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කෝටි 17ක රත්තරන් තොගයක් කටුනායකදී අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි 17 ක් වටිනා කිලෝ ග්රැම් 08 යි ග්රැම් 500 ක් බරැති  රත්තරන් තොගයක් , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකු, කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (30) දින උදෑසන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය .

මොවුන් උදෑසන 07.40 ට ඕමානයේ මස්කට් නුවර සිට , ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මේ අතරින් කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි යුවළක් සහ 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තම භාණ්ඩ තබාගෙන යන ට්‍රොලි රථය  තුළ ඉතා සූක්ෂම ලෙස සගවා ගෙන කිලෝ ග්රැම් 07 යි ග්රැම් 500ක් බරැති රත්තරන් තහඩු 03ක් නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබුණි .

එහිදී මෙම 50 හැවිරිදි පුද්ගලයා මෙම රත්තරන් තහඩු, ගුවන් තොටුපළ ට්‍රොලි රථයේ සූක්ෂම ලෙස සැගවීමට කටයුතු කළ පුද්ගලයා බවට රේගු නිලධාරීන් කරුණු අනාවරණය කර ගෙන තිබේ.

මීට අමතරව කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තම සිරුරේ, ගුද මාර්ගයේ සගවා ගෙන කිලෝ ග්රැම් එකක් පමණ බරැති ස්වර්ණාභරණ තොගයක් සහ රන් බිස්කට් හතරක් නීතිවිරෝධී ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබුණි.

මොවුන් සියලු දෙනාම  කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට ගමන් කරමින් සිටියදී , මොවුන් ගමන් කරමින් සිටි විලාසයේ වෙනසක් පෙන්නුම් කිරීම නිසා , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

මේ වනවිට මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.



අදහස් (0)

කෝටි 17ක රත්තරන් තොගයක් කටුනායකදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 84 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 179 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 723 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 536 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1245 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site