IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කෝටි 190ක් කා දැමූ දුම්රියේ සුදු අලියෙක් විගණනය පෙන්නයි

(ජේ.එක්.එල්. ලලිත් චාමින්ද)

දුම්රිය විදුලි සංදේශ පද්ධති වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ නවින දුම්රිය සන්නිවේදන පද්ධතිය සදහා රුපියල් මිලියන 1,901 ක මුදලක් වැයකර ඇතත් ව්‍යාපෘතියේ ප්‍රායෝගික භාවිතය අසාර්ථක විම හා අරමුණු ඉටුනොවිම හේතුවෙන් වැයකළ මුදල් පල රහිත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

දුම්රිය එන්ජින්වල සංනිවේදන උපකරණ සවිකිරිම සදහා රුපියල් මිලියන 274ක මුදලක් වැයකොට ඇතත් මෙම උපකරණ භාවිතා කරමින් දුම්රිය රියදුරන් පද්ධතියට ප්‍රවේශ නොවන බව විගණන වාර්තාවේ සදහන් වේ.

මෙකි ව්‍යාපෘතිය යටතේ මෙහෙයුම් රාජකාරිවල නිරත වු නිලධාරින්ට ජංගම දුරකථන ලබාදිම සදහා රුපියල් මිලියන 132ක මුදලක් වැයකොට තිබුණි.

එහෙත් රාජකාරි කටයුතු සදහා මෙම උපකරණ භාවිතා නොකිරිම නිසා මෙකි උපකරණවල ක්‍රියාකාරි භාවිතය අවම මට්ටමක පැවතුණි.

දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථාන සදහා රුපියල් 61,457,916 වැයකොට සපයනු ලැබු පද්ධති නිරික්ෂණ උපකරණ හා හඩ පටිගත කිරිමේ උපකරණ සදහා දුම්රිය රියදුරන් පද්ධතියට ප්‍රවේශ නොවිම හේතුවෙන් භාවිතයට ගෙන නොතිබුණි.

 



අදහස් (12)

කෝටි 190ක් කා දැමූ දුම්රියේ සුදු අලියෙක් විගණනය පෙන්නයි

කමනි Wednesday, 30 October 2024 07:28 AM

මේ අයට තාක්ෂණික දැනුම නැහැ වගේ මේවා භාවිතා කරන්න. තාක්ෂණික නිපුණතාව ලබා ගැනීම අනිවාර්ය කරන්න. නැත්නම් මේ රට හැදෙන එකක් නැහැ.

:       2       16

ගුණරත්න Wednesday, 30 October 2024 07:42 AM

මොකක් නිසාද රියදුරන් අලුත් පද්ධතිය භාවිතා නොකරන්නේ?

:       0       29

Lalla Wednesday, 30 October 2024 08:31 AM

රෑ දවල් වෙනසක් නැතිව බීමත්ව අවුරුදු පණහකට වඩා පරණ එන්ජින්වලට වැඳගෙන ඉන්න කැමැත්ත වැඩි දුම්රිය රියැදුරන්ට මොන නවීන තාක්ෂණය දුන්නත් වෙනස් කරන්න බෑ....අලුත් ගණිත උපාධිධාරීන් ඔය වෘත්තීය සහ නියාමක වෘත්තීය සඳහා බඳවාගෙන පුහුණුව දෙන්න...

:       0       29

ලුම්බිණි Wednesday, 30 October 2024 08:43 AM

උපකරණ අලුත් උනාට වැඩ කරන මිනිස්සු පරණයි .

:       0       22

Sediris Wednesday, 30 October 2024 09:01 AM

එහෙනන් ඉතින් ඕකට වග කියන්න ඕන දුම්රිය රියදුරන් නේද? උන්මනෙ හොඳ සඥා පද්ධතියක් ඕන කියල වර්ජන කරන්නෙ වෙලාවකට. ඊට පස්සෙ හදල දුන්නම පාවිච්චි කරන්නෙ නෑ. ඕකුන්ට අතිකාල වලින් වංචා කරන්න බෑනෙ ඒක වෙන්න ඇති.

:       0       17

Bunny Prena Wednesday, 30 October 2024 09:11 AM

මහජන මුදල් නාස්ති කිරීම මහා අපරාධයක් .අපි කැමති දුම්රිය රියදුරන් මෙම කරුණ ගැන මොනවද කියන්නේ කියලා දැනගන්න

:       0       36

රම්බොඩ Wednesday, 30 October 2024 09:28 AM

වාකයක් ගියත් වැඩ වරන්න තමයි දුම්රිය සේවකයින් දන්නෙ.

:       0       26

යෝගා Wednesday, 30 October 2024 09:56 AM

බන්දුල සහ එයාම පත්කරගත්ත ලේකම්ගෙයි ගොබ්බ කෙරුවාවේ ප්‍රතිඵල තමයි. කයියනායකට මේ වගේ ඇස්පනාපිට දූෂනයන්ටවත් දඬුවම් කරන්න බැරිනම් වැඩක් නෑ.

:       17       25

himal Wednesday, 30 October 2024 11:51 AM

මේ කියන විදිහට දුම්රිය රියදුරන් මේක එක පාරක් පාවිච්චි කරපු ගමන් මේ සුදු අලියා කලු වෙනවා.

:       2       14

වන්නකු Wednesday, 30 October 2024 03:50 PM

දුම්රිය සේවයේ මහත්වරුනි, රට වැටී ඇති අගාධයෙන් මුදා ගැනීමට ඔබගේ සහයෝගය දෙන්න. අනාගතයේ උපදින්නට ඉන්න දරුවන් ගැන සිතන්න. හදවතට එකඟව තීන්දු තීරණ ගන්න...

:       0       3

sukitha Wednesday, 30 October 2024 04:10 PM

ඕන එකටයි එපා එකටයි හැම එකටම නවීන තාක්ෂණය ගාව ගත්තාම ඔහොම වෙනවා.

:       0       0

KamalG Wednesday, 30 October 2024 05:15 PM

නවීන තාක්ෂණය ගෙනෙන්නට පෙර එහි ඇගයීම සහ ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව අද්‍යයනය කළයුතුයි. බොහෝ අවස්ථාවල අපේ රටේ කරන්නේ ලොක්කාට සහ අනික් සොක්කන්ට ගාන එන විදියේ වැඩක්නම් අනුමතකරලා තමාගේ බඩ වඩාගැනීම විතරයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 309 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 234 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 82 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 538 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 718 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site