IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


කෝටි 25 ක ව්‍යාපෘති නවයක් අමතක කරලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ ඇති දේශීය ණය සහ සංවර්ධන අරමුදලට  මෙම වසරේදී රුපියල් කෝටි 25 කට ආසන්න වටිනා ව්‍යාපෘති නවයක්  ලැබී ඇතත් මෙතෙක්  අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී ඒ පිළිබඳව සලකා බලාවත්  නැති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය.

මේ අනුව ණය භාවිතා කරන ව්‍යාපෘති සහ ඵලදායිතාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් විධිමත්  මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස කමිටුව එම අරමුදලට නිර්දේශ කළේය.

බහු බෝග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දඹුල්ල ප්‍රාදේශීය සභාවට 1995 වසරේදී ලබාදී තිබු රුපියල් එක් කෝටි විසි ලක්ෂයක මුදලක් සහ  මහනුවර නගර සභාවට ලබාදී  තිබූ රුපියල් හය කෝටියකට වැඩි ණය මුදලක්   අය කර නොගැනීම පිළිබඳවද  කමිටුවේ අවධානය යොමුවිය.

මේ සම්බන්ධයෙන් නෛතික පියවර කඩිනමින් ගන්නා ලෙස කමිටුව උපදෙස් දුන්නේය.

අරමුදලට ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයකු මෙන්ම අභ්‍යන්තර විගණන නිලධාරියකු  නොමැති බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.

අරමුදල 2021 වසරේදී නිකුත් කර ඇති රුපියල් කෝටි 84ක ණය මුදල් වලින් රුපියල් කෝටි 69 ක් වයඹ පළාතට ලබාදී ඇති බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

ණය පළාත් වලට බෙදී යාමේ ක්‍රමවේදය විධිමත් කරන ලෙස කමිටුව එහිදී  අරමුදලට නිර්දේශ කළේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය සහ සංවර්ධන මණ්ඩලයේ  කාර්ය සාධනය විමසීම සඳහා එහි  ප්‍රධානීහු  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගිය 20 වැනිදා කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ කෝප් කමිටු රැස්වීමට  රාජ්‍ය අමාත්‍ය  ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන   අනුර ප්‍රියදර්ශන යාපා,  දයාසිරි ජයසේකර,  නිමල් ලාන්සා,  එස්.එම් මරික්කාර්,  උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,  මධුර විතානගේ සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුද  සහභාගි වූහ.



අදහස් (1)

කෝටි 25 ක ව්‍යාපෘති නවයක් අමතක කරලා

Charith Monday, 24 July 2023 04:19 PM

කෝප් කියන්නේ මිනිස්සුන්ට ආතල් දෙන කොමිටියක් කියලයි මටනම් පේන්නෙ, ටීවී එකේ පොඩි ටෙලියක් වගේ අපිට පෙන්නනව මෙන්න හොරකම්, දූශන, මෙන්න හොරු කියල. හැබැයි අද වෙනකන් හොරු අල්ලල දඩුවම් කරලත් නෑ. දූශනය නවත්තලත් නෑ.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 15 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 142 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 10 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 412 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 520 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 842 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 489 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1463 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site