IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කෝටි 3 ක තල්මස් ඇම්බර් සමඟ තුනක් දැලේ

(ගයාන් සූරියආරච්චි)

පාවෙන රත්‍රං නමින් හැදින්වෙන කෝටි 3 ක් පමණ වටිනා තල්මස් ඇම්බර් (තල්මස් වමනය)  කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 500ක් නීති විරෝධි අයුරින් අලෙවි කිරීමට සුදානම්ව සිටි සැකකරුවෝ තිදෙනෙක් දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේදී මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකරුවන් ගමන්ගත් ජීප් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (9)

කෝටි 3 ක තල්මස් ඇම්බර් සමඟ තුනක් දැලේ

Ratne Wednesday, 07 February 2024 01:36 PM

කවුරු හරි මාළු අල්ලන කොට මුහුදෙන් ඇම්බර් (තල්මස් වමනය) හොයාගත්තොත්, ඇයි රජය ඒක ඔහුට විකුණන්න අවස්ථාවක් දෙන්නේ නැත්තේ...?

:       0       79

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 07 February 2024 01:38 PM

මේ ඇම්බර් මුහුදේ පාවෙමින් පවතින විට ධීවරයන් ඒවා එකතු කර ගන්නවා කියලා මං අසා තිබෙනවා. මේ දේවල් මෙසේ නීති විරෝධී දේ ලෙස සලකා මෙසේ අත්අඩංගුවට ගන්නේ ඇයිද කියා හිතෙනවා. සතෙකු ඉවත දැමූ වමනය විකුණාගෙන මිනිසුන් සැපවත් වෙනවා බලන්න බැරි හදවත් තිබෙන මිනිසුන් නේද අද ඉන්නේ....? රටේ තියෙන දැවෙන ප්‍රශ්න හමුවේ ජීවත්වෙන්න වෙර දරන මිනිසුන්ට නීතිය රකිනා අය මීට වඩා කාරුණික විය යුතුයි නේද කියලා හිතෙනවා. දැන් මේ ඇල්ලූ ඇම්බර් වලට මොකද වෙන්නේ...?

:       0       70

අශෝක Wednesday, 07 February 2024 02:00 PM

මේවා තල්මසාට අරක්කු දීලා වමනය කරවපුවා නෙවෙයිනේ. ඒ මිනිස්සු දිවිපරදුවට තියලා මුහුදේ මාලු අල්ලනකොට හම්බවුණු දේවල්. එකී එකට මොකටද නීතිවිරොධී කියන්නේ.. මොවුන්ට පිස්සු.. හෙන ගහන්න ඕනෑ...

:       0       75

ifthikar Wednesday, 07 February 2024 03:12 PM

කිසිම කතාවක් නැතිව මේවා විකුණන්න දුන්නොත්... මෝරු ටික ඉතුරු කරන්නේ නෑ අපේ කට්ටිය.... ඒකයි තත්වය.

:       39       4

ChinthakaWednesday, 07 February 2024 04:24 PM

මේක මෝරුන්ගේ නෙමෙයි තල්මසුන්ගේ! අපි අතහැරලා ආපුවාම පිටරට කෙනෙක් අරං ගියාම හොඳද? සිස්ටම් එකක් හදන්න තමයි ඕනෑ. මැරිච්ච හක්ගෙඩියටත් නඩු දාන රටක් මේක... දන්න දෙයක් කතා කරන්න.!

:       0       23

Nathalie92 Wednesday, 07 February 2024 04:33 PM

මුහුදේ මාලු අල්ලන ගමන් මේවා ඉඳහිට හම්බ වෙනවා. ඒවා නීති විරෝධියි කියන්නේ අපේ රටේ විතරයි... අර කුඩු අල්ලලා සොච්චමක් උසාවි දානවා වගේ මේවා විකුණාගන්නේ අලලන අය. හරි කැත වැඩ..!

:       0       26

Dave Thursday, 08 February 2024 03:24 AM

මුහුදු සතුන් මැරීම සහ විකිණීම නීත්‍යානුකූල නම් සහ රජය සහාය දෙන්නේ නම්, ඔවුන්ගේ වමනය එකතු කිරීම නීත්‍යානුකූල නොවන්නේ මන්ද? අපි ඒ වමනය මුහුදේ තියලා ගියොත් පිටරට යාත්‍රාවක් ඔවුන්ව අහුලා ගනීවි. ඒක නීත්‍යානුකූලයි. මොකක්ද මේ නීතිය?

:       0       0

හේමචන්ද්‍ර Thursday, 08 February 2024 09:06 AM

මේක පුදුම වැඩක්නේ. මිනිස්සු මේ ඇම්බර් කාගෙන්වත් හොරකම් කරපුවා නෙමෙය්නේ. මුහුදේ මාළු අල්ලන්න පුළුවන් නම් මේ තල්මසුන්ගේ වමනය අහුල ගත්තම මොකෝ. ඕවා මුහුදේ තිබිල විනාශ වෙලා යයි. නැත්නම් වෙන කව්රු හරි ගනීවි. අනික මේ තල්මසුන් කව්රුවත් කෑම දීලා ඇතිකරන උන් නෙමෙයි නේ. එහෙම නම් හොරකම් කෙරුවා කියලා කියන්න පුළුවන්. මාලදිවයින වගේ රටවල්වල මේවා ප්‍රසිධියේ විකුනනවා. ඒවගේ විස්තර ප්‍රවුර්ති වලටත් කියනවා. කිසිම තහනමක් නෑ. අපේ රටේ ඇයි දන්නේ නෑ. තල්මස් වමනය සංරක්ෂිත දෙයක්ද.

:       0       4

Mangala U Ranasinghe Sunday, 11 February 2024 09:23 PM

මේක නං පුදුම රටක්. පොලිසිය හමුදා බුද්ධි අංශය තමන් කරන්නේ මොනවද කියලවත් දන්නේ නෑ. රටේ නීතියක් නෑ. උන්ට හිතුනොත් මොනවා හරි අල්ලන්න ඕන කියලා නීති විරෝධී කියල අල්ලලා මිනිස්සුන්ට වද දෙනවා. මේකට ප්‍රධාන හේතුව මිනිස්සුන්ගේ මෝඩකම. තල්මසුන්ගේ ඇම්බර් තබා ගැනීම හෝ මුහුදෙන් අසුලාගෙන විකිණීම තහනම් කියලා තියෙන නීතිය මොකක්ද? එහෙම නීතියක් දැනට තියෙනවද? මිනිස්සු අල්ලලා නඩු දාලා කූඩුවට දැම්මට පස්සේ එහෙම නීතියක් නැත්නම්, නැවත වරක් ආපස්සට අදාළ පොලිස් නිලධාරීන්ට හෝ හමුදා බුද්ධි අංශයට විරුද්ධව ෙන්න නීතිමය පියවර ගැනීමට අපේ මිනිසුන් මැළි වන්නේ ඇයි. ලංකාවේ මිනිස්සු හරිම නෝන්ජල් ජාතියක්. මම සිටින කැනඩාවේ ඇම්බර් සොයා ගත්තහම අදාළ මිනිස්සුන්ට වෙනමම තෑගි බෝග ලබා දෙනවා. ඔවුන් උනන්දු කරනවා එවැනි සම්පත් නෙළාගන්න. මිනිස්සුන්ට සල්ලි හම්බ වුනා කියන්නේ රටට ආදායමක් ලැබුණා කියන එක. මේ රට කිසිම දවසක දියුණු කරන්න පුළුවන් රටක් නෙවෙයි. නීතිය අතට ගත්තු අමනයෝ රැලක් ඉන්න රටක්. මට හරිම කණගාටුයි. මේ තත්ත්වය ගැන

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 89 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 89 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1469 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 634 2

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1074 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 325 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site