(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කෝටි තිස් හයක් වටිනා "හෂීස් " මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශික ගුවන් මගී කාන්තාවක් ද ඊයේ (15 ) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 36 හැවිරිදි කැනඩාව ජාතික කාන්තාවකි . ඇය ද දැඩි ලෙස මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී සිටින කාන්තාවක් බවද , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදීම අනාවරණය කර ගෙන තිබේ .
පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණමෙන් සිටි මෙම කාන්තාව කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර සිට ගමන් ආරම්භ කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ , එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 936 දරන ගුවන් යානයෙන් 02/15 දින රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත , ඇය පැමිණි ගුවන් යානය වෙත ගොස් , එම නිලධාරීන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ , ඇද ඇතිරිළි කීපයක් තුළ ඔතා සගවා ගෙන , කිලෝ ග්‍රෑම් 36 යි ග්‍රෑම් 500 ක බරකින් යුතු මෙම " හෂීෂ්'' මත්ද්‍රව්‍ය තොගය , සුළං කාන්දු නොවන පොලිතින් ඇසුරුම් 12 ක් තුළ , එක් ඇසුරුමකට 06 බැගින් වන සේ , කාබන් කොළ වල ඔතා , ඇසුරුම් 72 ක් ලෙස සකස් කර ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම " හෂීෂ්'' මත්ද්‍රව්‍ය තොගය බොහෝ විට , වෙනත් රටකට ප්‍රති අපනයනය කිරීම සදහා මෙරටට රැගෙන එන්නට ඇතැයි , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරීන් සැක පහළ කරති.
හින්දු බැතිමතුන්ගේ ආගමික උත්සවයක් වන මහාශිව රාත්‍රී උත්සවය ලබන 26 වෙනිදාට යෙදී ඇති බැවින් ලබන 27 වෙනිදා නැගෙනහිර පළාතේ දෙමළ (හින්දු ) පාසල් වලට පමණක් නිව
මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මභාවය වැඩි දියුණු කිරීම සදහා වෘත්තිකයාගේ වෘත්තීය නිපුණත්වය ඉහළ නැංවීම අතිශය වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය
වාහන ආනයනයේදී 2023 වසරේ ජනවාරි මස 15 වැනිදායින් පසු නිෂ්පාදනය කළ වාහන පමණක් ආනයනය කරන ලෙස පනවා ඇති කොන්දේසිය උල්ලංඝණය කරමින් එක්තරා සමාගමක් 2022 වසරේ නිෂ්පා
ශ්රී ලංකාවේ පළමු ‘ජල බැටරිය’ වන ‘මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය’ ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍ර
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
කෝටි 36ක ‘හෂිස්‘ සමඟ විදෙස් කතක් ගුවන්තොටේදි මාට්ටු