IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


කෝටි 50 ක කුඩු සමග ඇල්ලූ එස් අයි රිමාන්ඩ්

( ඩී.ජී.සුගතපාල)

රුපියල් කෝටි 50 කට අධික වටිනා කමකින් යුත්  හෙරොයින් තොගයක්  සමග අත් අඩංගුවට ගෙන  රැඳවුම් බාරයේ සිටි  දකුණු කලුතර පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුලු සැකකරුවන් තිදෙනා  ලබන මස 8වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා  අද (24) නියෝග කළේය.

සැකකරුවන්ට සම්බන්ධ තවත් දුරකතන අංක දහයක ඇමතුම් විශ්ලේෂණ වාර්තා ලබාදෙන ලෙසට ආදල දුරකතන සමාගම්වලටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.  

මෙසේ  රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ දකුණු කලුතර පොලිසියේ අධිකරණ කටයුතු අංශය බාරව කටයුතු කරන ලද වාද්දුව  පොතුපිටිය උතුර පදිංචි 52 හැවිරිදි උප පොලිස් පරික්ෂක ටි .සනත් කුමාර ද සිල්වා,කොළඹ 15 අලුත් මාවත  පදංචි රාමයියා සම්මුගනාදන්,සහ ජාඇල ඒකල පාර පදිංචි යෝගරාජා අරුල්නාත් යන සැකකරුවෝ තිදෙනා වෙති.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් කියා සිටියේ මේ සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් නොමැති අතර සැකකාර උප පොලිස් පරික්ෂකවරයා මෙයට පෙරද නිල ඇඳුමෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරනයවි ඇති බවය. එනිසා මෙම සැකකරුවන් රිමාන්ඩ් කිරිමෙන් පසු අනෙක් සැකකරුවන්ගෙන් වෙන්ව තබන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියේය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස විදේශිය සම්බන්ධතා ඇති බවට සැකකරන නිසා තවත් දුරකතන අංක දහයක ඇමතුම් විශ්ලේශන වාර්තා ලබාදෙන ලෙස ආදල දුරකතන සමාගම්වලට නියෝගයක් නිකුත් කරන ලෙසද මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරිහු ඉල්ලා සිටියහ.

එම කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවයාරටත් අදාල දුර කතන සමාගම්වලටත් එම නියෝග නිකුත් කලේය.

 



අදහස් (0)

කෝටි 50 ක කුඩු සමග ඇල්ලූ එස් අයි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

දියත

අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 0 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 59 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 895 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 475 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 475 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 404 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1308 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site