(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, පිට කර ගෙන යමින් තිබූ රුපියල් හය කෝටි හැට තුන් ලක්ෂයක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සහ ගුවන් මගීන් දෙදෙනෙකු , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (20) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අතරින් පළමු ගුවන් මගියා කොස්ගම, සාලාව යුධ හමුදා කදවුරේ දැනට සක්‍රීය සේවයේ නිරත හම්බන්තොට කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
අනෙක් ගුවන් මගියා අම්පාර , මහඔය ප්‍රදේශයේ පදිංචි , රක්ෂණ ආයතනයක සේවයේ නිරත 30 හැවිරිදි කාන්තාවකි .
ඔවුන් දෙදෙනා තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද උදෑසන 10.45ට පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු දෙක තුළ මෙම '' කුෂ් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 630 ක ප්‍රමාණයක් සූක්ෂම ලෙස සගවා ගෙන තිබී ඇත .
මොවුන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (20) ඉදිරිපත් කර රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට නියමිතය .
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෝටි 6ක ’’කුෂ්’’ කටුනායකින් අල්ලයි