(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකාව , ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07 ක් ලෙස එවා තිබූ රුපියල් කෝටි හයක් වටිනා විශ මත්ද්‍රව්‍ය තොගයක් සීදුව පිහිටි " කළම්බු කාගෝ " නැමැති පෞද්ගලික භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (07) දින සවස අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම කූරියර් පාර්සල් 07 තුළ කුෂ් නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 08 ක් , මැන්ඩි නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160 ක් , එක්ස්ටැසී පෙති 350 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .
මෙම පාර්සල් මාස දෙකක පමණ කාළයක් අයිතිකරුවන් රැගෙන නොගොස් තිබීම නිසා , එම පාර්සල් වල සදහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී ඒවා ව්‍යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණය වීමත් සමග මෙම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට රේගු නිලධාරීන් තීරණය කර තිබේ .
මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි 6ක විශ මත්ද්‍රව්‍ය සීදුවෙන් අල්ලයි
විපරමා Thursday, 07 December 2023 05:52 PM
මත්ද්‍රව්‍ය අල්ලන එකෙත් ඉවරයක් නැහැ. අල්ලන ඒවාට මොනවා වෙනවාද කියන එක තමයි අවුල...
Kamal abayatilaka Thursday, 07 December 2023 06:42 PM
ඇත්තටම මේ කිලෝ සියය ගණන් අල්ලන මත්ද්යවලට මොනවද වෙන්නේ කියල මේ මාධ්‍ය කට්ටියවත් හොයන්නේ නැතිහැටි. ඇත්තටම මොනවද වෙන්නේ?