IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


කෝටි 600 ක කොකේන් විනාශ කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අවස්ථා කිපයකදී පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය,නාවික හමුදාව,විසින් අත් අඩංගුවට ගෙන අධිකරණ කටයුතු අවසන් වු රුපියල් කෝටි 600 කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත් ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ ස්ථාපිත කර ඇති අධිබල තාප උදුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරීයෙදී අද(11 ) දහවල් සිදු කෙරිණි.

මත්ද්‍රව්‍ය තොගය 2020 වසරේ අත් අඩංගුවට ගෙන තිබු අතර එහි කොකේන් කිලෝ 355 යි ග්‍රෑම්ස් 881 ක ප්‍රමණයක් අඩංගු පාර්සල් වල බහා තිබු අතර ඒ සම්බන්ධව පැවති අධීකරණ කටයුතු නිම විමත් සමග අධිකරණය ලබා දුන් නියෝග මත මෙසේ කොළඹ සිට වනාතවිල්ලුව ලැක්ටෝ වත්තට විශේෂ පොලිස් හා පොලිස් විශේස කාර්ය බලකා ආරක්ෂාව යටතේ රැගෙන විත් විනාශ කිරීම ආරම්භ කිරීම සිදුවිණි.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එක්ව සිටියහ.

එම අවස්ථාවට එක්වු මහජන ආරක්ෂාව පිළිබදව ඇමති ටිරාන් අලස් මහතා පවසා සිටියේ මේ වන විට වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුල ස්ථාපිත කර ඇති අධිබල තාප උදුනේදී රුපියල් බිලියන 19  ක වටිනාකමකින් යුත් හෙරෝයින්, අයිස් ,කොකේන් ඇතුළු කිලෝ 1890 ක  මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කර ඇති බවයි.

 



අදහස් (1)

කෝටි 600 ක කොකේන් විනාශ කරයි

බද්රානි Thursday, 11 July 2024 06:27 PM

අපරාදේ ඕවා විනාශ කලේ...ඔය ඔක්කොම ජනතාවට පෙව්වා නම් මේ රටේ සිදුවෙන පාදඩ දේවල් කිසිත් නොතේරී මත් වෙලා ශෝක් එකට ඉන්න තිබුනා...අර ක්ලබ් වසන්තව ඝාතනය කරන්න සැලසුම් කල සියල්ලගේම ජාතකේ ඉඳන්ම පොලිසිය හොයාගෙන... .ඒ උනාට, හොඳට හඳුනා ගන්න පුළුවන් මිනීමරුවන් සිරි ලංකා පොලිසියට හොයා ගන්න බැහැ... පොලිස් සුනඛයින්ට වත් ඕක හොයා ගන්න බැරිවෙයිද..? කොහොමත් ලංකාවේ බල්ලෝ මිනිස්සුන්ට වඩා වැඩ්ඩොනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2527 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1682 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2423 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 573 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3331 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site