IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කෝටි 7 ක කොකේන් කටුනායකින් අල්ලයි

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

කටුනායක ගුවන් බඩු ගම්මානයේ කූරියර් සේවය හරහා නිදහස් කළ පාර්සලයක තිබී රුපියල් කෝටි 7 කට අධික වටිනාකමින් යුත් කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් අත්අඩංගුවට ගැනීමට රේගු නිවාරන අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් සමත් වු බව අතිරේක රේගු අධ්‍යක්ශ ජනරාල්,  රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

කොලොම්බියාවේ බොගොටා නගරයේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ මෙම පාර්සලයේ අඩංගුව තිබූ විදුලි උපකරනයක සූක්ශමව සඟවා තිබී මෙම මත්ද්‍රව්‍ය සොයා ගත් බවත් මේ සම්බන්ධයෙන් සැක පිට මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හා 24ක් වන පුද්ගලයන් දෙදෙනෙකු හා භාණ්ඩ නිශ්කාශන නියෝජිතයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75 කට තක්සේරු කර ඇති බව කී සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිත බවද සඳහන් කළේය. 

(ඡායාරූප: ටී.කේ.ජී.කපිල)



අදහස් (5)

කෝටි 7 ක කොකේන් කටුනායකින් අල්ලයි

don Wednesday, 11 September 2024 03:40 PM

මාර පොරක්නේ... නියම රටේ නියම නගරයේ ඉඳලා කුඩු එවලා තියෙන්නේ... ඔය විදුලි උපකරණය හඬන යන්ත්‍රයක් වගේ මට නම් හිතෙන්නේ...!

:       1       2

nimal Wednesday, 11 September 2024 04:28 PM

කුඩු, බඩු ගෙනත් අහුවෙන හැම එකාම තුන්කාලෙ සෙට් එකේ ගෝතයෙක්මයි... කරුණාකර ඔවුන්ගේ නම් සහ ආගම් හෙළි කරන්න

:       2       4

fairoosWednesday, 11 September 2024 04:48 PM

නිමල් ඔයා ලංසාද?

:       2       5

සොරිසේන Wednesday, 11 September 2024 06:30 PM

ඒ වගේමයි, ලංකාවේ සංවිධානාත්මක අපරාධ 90% කම පොලොස් බාප්පිලා කොනකට සම්බන්ධ වෙලා ඉන්න එකත්

:       0       0

nimal Thursday, 12 September 2024 04:04 PM

කටුනායක ගුවන් තොටුපොළ මුර කපොලු‍ තුළින් රිංගා ගොස්, ගුවන් යානා අංගනය තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ තරුණයෙකු අද අළුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ, සාන්ත ජෝශප් වීදියේ පදිංචි මොහොමඩ් පවුමි මොහොමඩ් නසීර් නැමැති 23 හැවිරිදි තරුණයෙකි. මොහු දෙවරක් විදේශ ගත වී ඇති අතර, අවසන් වශයෙන් ඔහු සිය පියා සමග ඉන්දියාවේ චෙන්නායි නුවර වාසය කර තිබේ. මෙම තරුණයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ මුර කපොලු‍ අතරින් රිංගා ගොස්, ගුවන් තොටුපොළ ගුවන් යානා අංගනයේ නවතා තිබූ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා අද අලු‍යම 03.45 ට පිටත්ව යාමට සූදානම් කර තිබූ, ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1172 දරණ ගුවන් යානයට ඇතුළු වීමට තැත් කර තිබේ. මෙම තරුණයා එම අවස්ථාවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 871 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1820 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2294 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5694 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1705 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6259 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18153 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site