IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


කූඨ ලේඛන හදා ඉතාලියට යන්න ගොස් අමාරුවේ වැටේ

කූඨ ලෙස තැනූ ඉතාලි නේවාසික වීසා කාඩ්පතක් උපයෝගී කරගෙන ⁣එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ඉතාලියට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් අද උදෑසන කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

අද උදෑසන 2.10 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්වයාමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් FZ 558 ගුවන් යානයට ගොඩවීම සඳහා මෙම තරුණයා ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

එහිදී ගුවන් ප්‍රවේශපත් ලබා ගැනීමේ කවුළුව වෙත පැමිණි ඔහු ඉදිරිපත් කළ ඉතාලි නේවාසික වීසා කාඩ්පත අැතුළු ලියකියවිලි සම්බන්ධයෙන් ගැටලුවක් මතු වූ හෙයින් ෆ්ලයි ඩුබායි ගුවන් සේවා නිලධාරීන් එම ලේඛන වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයට යොමු කළහ.

එහිදී එම නිලධාරීන් මෙම තරුණයා ඉදිරිපත් කළ ඉතාලි නේවාසික වීසා කාඩ්පත ඇතුළු අනෙකුත් ලියකියවිලි විමර්ශනය කළහ.

එම නිලධාරීන් සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන්ගෙන් තහවුරු වූයේ ඔහු සතු ඉතාලි නේවාසික වීසා කාඩ්පත කූඨ ලෙස සකස් කර ඇති බවයි. ඒ සමගම මගියා සතුව තිබූ මීට පෙර භාවිත කර අවලංගු කරන ලද ගමන් බලපත්‍රයෙහි තිබූ ශ්‍රී ලංකා සහ ඉතාලි ආගමන හා විගමන මුද්‍රා ද ව්‍යාජ ලෙස සටහන් කර ඇති බව ද අනාවරණය විය.

තවදුරටත් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ මගියා සතු වලංගු ගමන් බලපත්‍රයෙහි ඇතැම් පිටු නිසි ප්‍රමිතියෙන් තොරව ගමන් බලපත්‍රයට ව්‍යාජ ලෙස ඇතුළත් කර ඇති බවයි. එය සිදු කර ඇත්තේ මීට පෙර ඔහු ගමන් කර ඇති ගමනාන්ත පිළිබඳ තොරතුරු වසන් කිරීමේ අරමුණින් බව ආගමන හා විගමන නිලධාරීහු පවසති.

අනතුරුව සැකකටයුතු මෙම තරුණයා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දී ඇත.

 



අදහස් (4)

කූඨ ලේඛන හදා ඉතාලියට යන්න ගොස් අමාරුවේ වැටේ

පිටිගල මිලානෝ Tuesday, 23 March 2021 08:21 AM

දැන් ඉතාලි යන්න මහන්සි වෙන්නවත් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරන්නවත් අවශ්‍ය නැහැ. ඔබගේ හිතවත් මිත්‍රයකු හෝ නෑයකු ඉතාලියේ වැඩ කරනවානම් ඔවුන්ට ඔබව 'ස්පොන්සර්' කර නීත්‍යානුකූලව ඉතාලියට ගෙන්වාගත හැකිය. වියදම් වන්නේ ලිපි ලේඛන ගාස්තු සහ ටිකට් ගාස්තුව පමණකි. නියම යාලුවන් සහ නෑයන් දැන් හඳුනාගන්න.

:       0       4

Nihal Tuesday, 23 March 2021 12:05 PM

මේ කාලේ ඉතාලි යනවා නම්? වියදමට මුදල් අරන් යන්න. හිඟා කෑවත් සත 05ක් දෙන්නේ නැහැ. රැකියාවක් නැහැ.. කෑම නැහැ.. ඉන්න හිටින්න වහලක් නැහැ...

:       0       4

kamalTuesday, 23 March 2021 01:16 PM

ඒත් ලංකාවේ ඉන්නවාට වඩා සැපයි.

:       0       0

Hussai Tuesday, 23 March 2021 04:58 PM

ඉතාලිවල හැමතැනම හිඟන්නෝ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බලශක්ති ඇමති ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි
2024 දෙසැම්බර් මස 16 1031 1

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප


රග්බි දියුණුවට නවසීලන්තය සහය
2024 දෙසැම්බර් මස 16 153 0

නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (16)


අල - පරිප්පු - කොත්තු - රයිස්වලට පාලන මිලක්
2024 දෙසැම්බර් මස 16 868 1

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.


කලාපයේ ආරක්ෂාවට හානි වන කිසිවක් ලක්බිමේ කරන්නේ නෑ
2024 දෙසැම්බර් මස 16 440 0

ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා


දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවධානමක්
2024 දෙසැම්බර් මස 16 120 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කතානායක තෝරන්න ඡන්දයක්?
2024 දෙසැම්බර් මස 16 1288 3

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 200 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 209 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 103 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site