( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කඩඉම් ලකුණු අනුව ඉංජිනේරු හා භෞතික විද්‍යා පීඨවලට සිසුන් අතුලත් කර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමෙන් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඒම පෙත්සම් විභාගයට ගන්නවාද නැත්ද යන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ , එස්.තුරයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමති වරයා, එම අමාත්‍යාංශ ලේකම් වරයා, විභාග කොමසාරිස් වරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ එහි සභාපතිවරයා, නීතිපති වරයා මෙහි නම් කර තිබිණි.
තමන් ගණිතය, රසායන විද්‍යාව,සහ භෞතික විද්‍යා විෂයයන් යටතේ 2019වසරේ පැවති අ.පො.ස.උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට සමත් වූ බව පෙත්සම්කරුවන් සිය ෙපත්සෙමන් ෙපන්වා ෙද්.
විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් ලකුණු පසුගිය දා ප්‍රකාශයට පත්කල අතර එහිදි නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සහ පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් ලකුණු අතර විශාල පරතරයක් ඇති බවද ඔවූන් පෙන්වා දී තිබිණි
මේ හේතුවෙන් තමන්ට විශාල අසාධාරණයක් සිදු වීඇති බැවින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන ලෙසත් , විෂය නිර්දේශ දෙක සදහා සමාන හෝ සාධාරණ කඩඉම්( ඉසෙඩ් ස්කෝර්) ලකුණු ප්‍රමාණයක් නිකුත් කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි
sidath Wednesday, 23 December 2020 11:14 AM
විෂය නිර්දේශය වෙනස් වීම නිසා උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී සිදුවන අසාධාරණය '70 දශකයේ සිටම සිදුවන්නක්. මේ ප්‍රශ්නයට විසදුම අධිකරණට යාම නොව, උසස් පෙළ සමත් සිසුන්ට තෘතීය අධ්‍යාපන පහසුකම් ලබා දීමයි. රජයට එය කල නොහැකි නම්, පුද්ගලික අංශයට තෘතීය අධ්‍යාපන ආයතන ඇති කිරීමට අවසර දිය යුතුයි. මෙවැනි දේවල් දේශපාලනීකරණය කරන්නේ බංකොලොත් දේශපාලන පක්ෂ පමණයි.