ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) ප්‍රමුඛතම හවුල්කරුවකු ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කටයුතු කරයි.
මෙම කඩොලාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සිදු කළ සාමූහික ප්‍රයත්නය අගයමින් 2024 වසර සඳහා ශ්‍රී ලංකාවට පිරිනමන ලද UN Decade of Restoration සම්මානයෙන් පිදුම් ලබමින් ගෞරවයට පාත්‍ර වූ පාර්ශවකරුවන් අතරට එක් වීම පිළිබඳව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සිය සතුට පළ කරයි.
වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) විසින් හේමාස් කන්සියුමර්බ්‍රෑන්ඩ්ස් වෙත 2021 වසරේ දී යොමු කළ ආරාධනාවකට ප්‍රතිචාර දක්වමින්, දංකොටුව හේමාස් නිෂ්පාදන ස්ථානය ආසන්නයේ පවතින තෝරා ගත් කඩොලාන පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම හේමාස් විසින් අවබෝධ කර ගන්නා ලදී. ජෛව විවිධත්වය සංරක්ෂණය, වෙරළ සංරක්ෂණය සහ දේශගුණික විපර්යාස අවම කිරීම යන පාරිසරික වගකීම් සමුදායක් ඉටු කරමින් පරිසරය සංරක්ෂණය සඳහා කඩොලාන පරිසර පද්ධති සිදු කරන වටිනා කාර්යභාරය හේමාස් විසින් තව දුරටත් අවබෝධ කර ගන්නා ලදී.
මෙම ගෞරව සම්මානය පිළිබඳව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කළමනාකාර අධ්‍යක්ෂිකා, සබ්‍රිනා එසුෆලි මෙසේ පැවසුවාය. "හේමාස් විසින් පරිසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. එම මෙහෙවර අගයමින් 2024 වසර සඳහා UN Decade of Restoration සම්මානයෙන් හේමාස් හි අපි පිදුම් ලැබීම අපට මහත් ගෞරවයක්. පරිසර අමාත්‍යංශය සහ WNPS සමඟ අත්වැල් බැඳ ගනිමින් සාමුහිකව එක්ව නැගී සිටිමින් අනාගත පරපුර උදෙසා අපගේ පරිසර පද්ධතියට වන බලපෑම අවම කිරීම සහ ස්වභාවික උරුමය ආරක්ෂා කිරීමට දරන උත්සාහය හා කැපකිරීම පරිසරයේ සැබෑ යහපත් වෙනසක් ඇති කිරීමට සමත් වී තිබෙන බව අපට මහත් ආඩම්බරයක්."
ජෛව පද්ධතියේ වැදගත් අංගයක් වන කඩොලාන පරිසර පද්ධතියේ වටිනාකම ඉතා ඉහළ වන නමුත්, වසර ගණනාවක් පුරා මෙම පරිසර පද්ධතිය බැරෑරුම් ලෙස අවදානමට ලක්ව තිබේ. වගකීම් සහගත ආයතනික පුරවැසියකු ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් මෙම තත්වය වටහා ගනිමින්, කඩොලාන නැවත යථා තත්වයට පත් කිරීම සඳහා සිය සම්පත්, විශේෂඥ දැනුම හා ශ්‍රම ශක්තියෙන් ඇප කැප වී කටයුතු කළේය.
-595
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට -0.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි